ජනපති එල්ලුම් ගහේ එල්ලිලා ගොඩයන්න හදනවා.. ලංකාව අරාජික පාතාල රාජ්‍යයක් කලේ ඔහුයි..

July 23, 2018 at 4:40 pm | lanka C news
ජනපති එල්ලුම් ගහේ එල්ලිලා ගොඩයන්න හදනවා.. ලංකාව අරාජික පාතාල රාජ්‍යයක් කලේ ඔහුයි..

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දරන අදහස ජනතා ප්‍රසාදය අතින් අන්තයටම පිරිහී ගොස් තිබෙන අවස්ථාවකට එල්ලුම් ගහේ එල්ලී හෝ ගොඩයාමට දැරූ උත්සාහයක් පමණක් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

පසුගිය පළාත් පාලන මැතිවරණය අවස්ථාවේ දී ද ජනාධිපතිවරයා මෙවැනිම පුහු අදහස් රැසක් දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ජනතාව හමුවේ තැබූ බව පැවසූ රණතුංග මහතා ජනප්‍රිය සටන් පාඨවල එල්ලී හෝ තව වරක් ජනාධිපති පුටුවට පැන ගැනීම ජනාධිපතිවරයාගේ එකම අරමුණ වී තිබෙන බවත් ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ සංවිධාන නියෝජිතයන් පිරිසක් මිනුවන්ගොඩ, උඩුගම්පොළ දී ඊයේ (22) හමු වූ අවස්ථාවේදීය. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

තමන්ගේ ජනාධිපති ධූර කාලසීමාවේ අන්තිම හරියට ළංවීගෙන එනකොට දැන් ජනාධීපති සිරිසේන මැතිතුමා සිංහයෙක් වෙලා. අවුරුදු තුනකට පස්සේ තමයි එතුමට මතක් වෙලා තියෙන්නේ මේ රටේ විධායක ජනාධිපති තමන් කියලා. හිටිහැටියේ ඒක මතක් වෙච්ච ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්‍ එල්ලලා මරන්න ඕනේ කියලා බෙරිහන් දෙනවා.

හරියට හොයලා බැලුවොත් එතුමට පෙනෙයි පහුගිය අවුරුදු තුනේ තමයි මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම වැඩි වුණේ කියලා. මහින්ද ජනාධිපතිතුමාගේ කාලේ මරණ බියෙන් රට පැනලා හිටපු පාතාලයෝ ටික ආපහු ලංකාවට ආවේ සිරිසේන මහත්තයා බලයට පත්වුණාට පස්සෙයි. ඒ පාතාලයන් ලංකාවට ගෙන්නුවෙත් එතුමා ළඟම ඉන්න කැබිනට් ඇමැතිවරුන්ගේ මැදිහත්වීමෙනුයි.

මේ රට අරාජික, පාතාල රාජ්‍යයක් බවට පත්වීමේ ප්‍රධාන වගඋත්තරකරුවා සිරිසේන මහත්තයාම තමයි. කුඩු ‍ජාවාරමට කියලා ඔය මරන්න යන එක හිරකාරයෙක්වත් කුඩු ජාවාරමේ ලොකු ලොකු මොළකාරයෝ නෙමෙයි. ඒ මොළකාරයෝ ඉන්නේ ජනාධිපතිවරයාගේ කැබිනට්ටුව තුළයි. ජනාධිපතිවරයාට බලයේ ඉන්න  තියෙන්නේ අවුරුද්දකට මදක් වැඩි කාලයක්. බලය ගිලිහෙන මොහොත ළංවෙනකොට එතුමා බොරු සිංහ පාට් දාන්න ගන්නවා. පහුගිය පළාත් පාලන මැතිවරණයේදිත් මේ වගේ ගැලරි ටෝක් දිදී පපුවට ගහගනිමින් රට වටා ගියා. කෝ අද ඒවා ක්‍රියාත්මක වුණාද? එතුමා හදන්නේ එල්ලුම් ගහේ එල්ලිලා හෝ ගොඩයන්නයි.

ජාතික සම්පත් විකුණලා දානකොට සිරිසේන මහත්තයා ඉන්නේ බීරෙක් වගෙයි. හම්බන්තොට විකුණුවා. දැන් මත්තල විකුණන්න යනවා. අඩුගාණේ එතුමා ඒ ගැන වචනයක්වත් කියලා නැහැ. හැබැයි මත්තල ගුවන් යානා එන්නේ නැහැ කියලා විකුණන ආණ්ඩුව ජනාධිපතිවරයාගේ ගම වන පොළොන්නරුවේ හිඟුරක්ගොඩ අලුත් ගුවන්තොටුපොළක් හදන්න යනවා.

මේවා තමයි ලොකුම විහිලු. ගුවන් යානා එන්නේ නැත්නම් මත්තල තවදුරටත් දියුණු කරලා ගන්න එකට වඩා අලුත් ගුවන්තොටුපොළක් හදන එක රටකට වාසිදායකද වෙන්නේ කොහොමද කියලා අපි අහනවා. මේ හදන්නේ මත්තල විකුණලා කොමිස් ගහන ගමන් හිඟුරක්ගොඩ අලුතෙන් හදලා තවත් කොමිස් මුදලක් සාක්කුවේ දාගන්නයි.

රනිල් වික්‍රමසිංහයි එයා වටේ ඉන්න මලික්, කබීර් වගේ ආර්ථික උපදේශකයෝ ටිකයි තව අවුරුද්දක් බලයේ හිටියොත් මේ රටම විකුණලා දායි. මහ බැංකුව මහ දවාලේ මංකොල්ල කාපු හොරු රැලට රටම කොල්ල කන එක ලොකු දෙයක් නෙමෙයි. එල්ලුම් ගස් දාහක් හරි ක්‍රියාත්මක කරලා එල්ලලා මරන්න ඕනේ මේ වගේ හොරුයි කියන එකත් අපි ජනාධිපතිවරයාට‍ මතක් කරනවා.

රටම විනාශ කරලා දාපු මේ හොරු රැලට එරෙහිව පියවර ගන්න තරම් හයියක් සිරිසේන මහත්තයාට නැහැ කියලා අපි දන්නවා. ඒ හින්දා 2019 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරාට පස්සේ මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් අපි හදන ආණ්ඩුවෙන් මේ යහපාලන හොරු රැලට දඬුවම් කිරීමේ වගකීම අපි භාරගන්නවා.

මහ බැංකු හොරු, හම්බන්තොට- මත්තල විකුණන් කාපු හොරු, තමන්ගේ හිතවතුන්ගේ බිල්ඩින් කෝටි ගණන් දීලා කුලියට ගත්තු හොරු ඇතුළු යහපාලන හොරු නඩයම ප්‍රසිද්ධියේ නඩු අහලා එල්ලුම් ගහට යවන කටයුත්ත අපි අකුරටම ඉටුකරනවා. කිසිම හොරෙක්ට අපෙන් සමාවක් නැහැ. පිල් මාරු කරලා අපේ පැත්තට එකතු වෙලා දඬුවමෙන් බේරෙන්න අපි ඉඩ තියන්නේ නැහැ.

ආණ්ඩුවේ කාලය දැන් ඉවරයි. ඊළඟට එන පළාත් සභා මැතිවරණයෙන් අපි විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. ඒ ජයග්‍රහණය තුළින් ජනතාව පෙරටුකොට ගෙන ජනාධිපතිවරණය දක්වා ගිහින් මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් අපි ජනතාවාදී ආණ්ඩුවක් හදනවා. ඒ ආණ්ඩුව කන්දෙන්නේ ජනතා හඬට පමණයි කියන එකත් කවුරුත් මතක තබා ගත යුතුයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

18 views

6 Comments to “ජනපති එල්ලුම් ගහේ එල්ලිලා ගොඩයන්න හදනවා.. ලංකාව අරාජික පාතාල රාජ්‍යයක් කලේ ඔහුයි..”

  1. Wijebahu says:

    ANE Palauan pus uura yanna.

  2. SUNIMAL says:

    සියලු බය අතර තදින් දැනෙන්නේ මරණ බියයි ..එවැනි පුද්ගලයන්ට ආහාර දීමෙන් ඇති ඵලය කුමක්ද ?
    එවැනි මිනිසුන්ට දිය හැකි ලොකුම තෑග්ග අභය දානයයි ..ඔවුන් මරණයෙන් නිදහස් කරණු
    ඔවුන් මෙලෙච්චේද දරුණු LTTE ත්‍රස්තවාදීන් තරම් දරුණු නැත LTTE ත්‍රස්තවාදීන්ට සමාව දෙන සිරිසේන ඇයි කුඩුකාරයන් පමණක් එල්ලා මරන්නේ ?
    කාවද මේ රවටන්නේ ? අපරාධකාරයන් සැමටම නිතිය පොදුවිය යුතුයි නේද ? මොකද්ද මේ දෙබිඩි පිළිවෙත ?

    • Hari says:

      OU SUNIMAL THAMATH KUDU KAREYAK WAGE NIDAHASTA KARUNU DENNA PULUWAN EHTH KUDU WALIN WENA DEY ???

    • Wijebahu says:

      kudu dealersla LTTE terroristslata wada athi bayanakai.

    • කුඩුකාරයන් යනු කොටි ත්‍රස්තවාදීන්ටත් වඩා බරපතල අපරාධකරුවන්ය. කොටි කල අපරාධ එක්වරම හඳුනාගතහැකි වුවත් කුඩු කාරයින් කරන අපරාධය එක්වරම සමාජයට පෙනෙන්නේ නැත. කුඩු සමාජයේ ජනතාව වයස් ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව ක්‍රමානුකූලව මරණය කරා දක්කනු ලබයි. කුඩු නිසා අදාල පුද්ගලයා පමණක් නොව ඔහුගේ පවුල දෙමාපියන් ව්‍යසනයකට ඇද දමන අතර කුඩු පානයට අවශ්‍ය මුදල් සෙවීමට කුමන හෝ අපරාධයක් කිරීමට පෙළඹෙයි. තමුන් වැනි කුඩු කාරයින්ට කුඩ්ඩන් හා කුඩු මුදලාලිලා අහංසකයන් සේ පෙනීම අරුමයක් නොවේ.

  3. යහපාලන ආණ්ඩුවේ මාධ්‍ය නිදහස නිසා රටේ සියලුදේම අනවශ්‍ය ලෙස උලුප්පා පෙන්වීමට බයි ගැති මාධ්‍ය කටයුතු කරනු ලබයි. ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී කුඩු දුමියා, කුඩු ලංසා,කුඩු මර්වියා මේ සියලු දෙනා පර්සි ම⁣හේන්ද්‍රගෙ ගෝලයන්ය. පර්සි මහේන්ද්‍රගේ කාලයේ පර්සිට අවශ්‍ය දේ පමණක් මාධ්‍යයේ පලවිය. නැතිනම් සුදුවෑන් හෝ අරලියගහ මන්දිරයේ කලුවරකාමරයේ නිරුවතින් පහරකෑමට ලක්විය. පර්සි මහේන්ද්‍රට හිතවත් කුඩු මුදලාලිලා (නිවැරදිව ෂෙයාර්එක බේරන) හැර සෙසු කුඩුමුදලාලිලා මරාදමනු ලැබීය. එම නිසා ප්‍රසිද්දියෙ මුත් මාධ්‍යවල පල නොවී රටපුරා කුඩු ව්‍යාප්තවිය. සත්‍ය මෙයයි.එසේ නොවන්නේ නම් මේ දිනවල කිලො සිය ගනන් කුඩු අල්ලන්නේ නැත. බයි වහල්ලු මෙය දැන දැනත් රට නොමග යවති.

Main News