ජනපති ඓතිහාසික තීන්දුවක් ගනී.. 19 සංශෝධනය යලි සංශෝධනයට සූදානම්….
December 6, 2018 at 10:47 pm | lanka C news
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ යම් ගැටලුවක් තිබේනම් සංශෝධනය කිරීමට සූදානම් බව ජනාධිපති මෛත්රීපලා සිරිසේන මහතා සදහන් කරයි.
ජනපති මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ එය සිදු කරන්නේ 19 වැනි සංශෝධනයේ හරය ආරක්ෂා කරමින් බවයි.
”ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2015 ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව, එතුමාගේ මූලිකත්වයෙන් සහ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, 19 වන සංශෝධනය සම්මත කර ගන්නා ලද්දේ දශක තුනක් තිස්සේ මෙරට ප්රජාතන්ත්රවාදය සම්බන්ධයෙන් පැවති ගැටලුකාරි තත්ත්වය විසඳීම සඳහාය.
එම සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම සහ ප්රජාතන්ත්රවාදී ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීම ඇතුළු සාධනීය ප්‍රතිඵල සමුදායක් ශ්‍රී ලංකා සමාජයට ලැබී තිබේ. එය අප රටේ ප්රජාතන්ත්රවාදය අගයන ජනතාව ලැබු සැබෑ ජයග්‍රහණයක් වන අතර අපගේ මාතෘභූමිය නූතන යුගයකට ගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වූවකි. එබැවින්, 19 වන සංශෝධනයේ යම් කාර්ය පටිපාටිමය දුර්වලතා ඇත්නම්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ හරය සහ එමගින් ඇති කරනු ලැබු ප්රජාතන්ත්රවාදී සාරය ආරක්ෂා කර ගනිමින් එය තවදුරටත් පෝෂණය කරමින්, දේශපාලන වශයෙන් ගැටලු සහගත වන්නා වූ කරුණුවලට අදාළ සංශෝධන පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග අනුව සිදු කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කැපවී සිටින බව අවධාරණය කරයි.
– ජනාධිපති මාධ්‍ය අංශය”
ජනාධිපතිට පුළුවන් කමක් නැහැ ව්‍යවස්ථා සංශෝධනය කරන්න. ඒක පාර්ලිමෙින්තුවෙ වැඩක්.
ඇත්ත පාර්ලිමේන්තු තමය් නීති සම්පාදනය කරන්නෙ නමුත් ජනමතවිචාරණයක ප්‍රතිඵලයත් එවැනිම නීතියක. ජගාධිපතිට ජනමතවිචාරණයක් පැවැත්විය හැකිය්.
පිස්සන්ට ඕව තෙරෙන්නෙ නෑ.
Governing party has to attend the parliament to do any amendments to the constitution. The president has no power to do so.
කොහොම වුනත් ඔය ව්‍යවස්ථාව සංශෝදන එකකවත් කලේ රටේ මහජනතාවෙගේ වුවමනාවට නොවෙයි..දේශපාලකයන්ගේ උවමනා වලට…මහින්ද විතරයි වැඩක් කලේ….විධායක බලය පාවිච්චි කරලා…..19 වන සංශොදනයෙන් රාජපක්ෂලා කපන්න විතරයි බලාපොරොත්තු වුනේ…රටට වැඩක් කල නායකයෙක් වාර දෙදකට පමණක් …වගන්තියකින් සීමා කරන එක වැරදියි…සීමාවල් මහජනතාව තමන්ගේ චන්දේ භාවිතා කරලා කරයි….බැඳුම්කර ඇට හැපුනාම පැත්ත මාරු කරන පාර්ලිමේන්තුවට බලය දීලා වැඩක් නෑ…තමන්ගේම මහබැංකුව මංකොල්ල කාලා පාර්ලිමේනතු මන්ත්‍රීලට බෙදලා වෙනස් කරපු 19 ඉවත් කල යුතුයි…..
හබකෙන් හරි උගුලෙන් හරි මොන බම්බුවකින් හරි ව්‍යවස්තාව හදමු. J R හදපු ව්‍යවස්ථාවට අනුව ජනපතිට පුලුවන් නීති හදන්ට. බැරි ගෑණු පිරිමි කරන්ට විතරයි. J R ට ජයවේවා !!! ඔබ දෙවියෙකු නොව මාරයෙකි.
පජාති පතියෙක් නේද මේකා
ද්‍රෝහී ජේ ආර් “යැංකි පප්පගේ ඒකා අධිපති ” ව්‍යවස්ථාව සංසෝධනය කිරීමට දේශප්‍රේමී , බුද්ධීමතුන් ගෙන් සුසැදි බුද්ධි මණ්ඩලයක් පත් කළ යුතුයි.