ජනපති ඓතිහාසික තීන්දුවක.. කොරෝනා මර්ධනයට දේශීය වෙදුන්ද කැදවයි..

May 1, 2020 at 12:02 am | lanka C news
ජනපති ඓතිහාසික තීන්දුවක.. කොරෝනා මර්ධනයට දේශීය වෙදුන්ද කැදවයි..

අඩු පාඩු සහ මගහැරීම් සැලකිල්ලට ගනිමින් කොරෝනා වෛරසය රට තුළ මර්දනයට ගෙන ගිය වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

රජය වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග ලොව සියලු රටවල් අභිබවා ඉදිරියෙන් ඇති බව වසංගත රෝග පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ප්‍රවීණයෙකු වන හොංකොංහි වෙසෙන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මලික් පීරිස් මහතා පෙන්වා දී ඇතැයි වෛද්‍යවරු පැවසූහ.

ඊට දායක වූ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු සෙසු සියලු කණ්ඩායම් ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා එම තත්ත්වය තවදුරටත් ආරක්ෂා කරගනිමින් පවත්වා ගත යුතු බව සඳහන් කළේය. වෛරසය මර්දනයේදී ජනතාව කණ්ඩායම් වශයෙන් ජීවත්වන ප්‍රදේශ සහ විශේෂිත වූ පිරිස් පිළිබඳව පොදු ක්‍රමයෙන් බැහැරව සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

නාවික හමුදාවේ 997 දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කර ඇත. ඉන් වෛරසය ආසාධිත බවට තහවුරු වී ඇත්තේ 159 දෙනෙකු පමණි. ඔවුන්ගෙන් 80%ක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නැත. ඊට හේතුව ප්‍රතිශක්තීකරණ හැකියාව බව වෛද්‍යවරු පෙන්වා දෙති. ජනතාවගේ ද ප්‍රතිශක්තීකරණ වර්ධනයට දේශීය ඖෂධ මඟින් ලබාගත හැකි දායකත්වය පුළුල් වශයෙන් අධ්‍යනය කළ යුතුව ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.

දේශීය වෛද්‍යවරුන්ගේ සහ බටහිර වෛද්‍යවරුන්ගේ මැදිහත් වීමෙන් ඒ සඳහා මේ වන විටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. වෛරසය මර්දනයට එන්නතක් සොයාගන්නා තෙක් ඉන් මිදීමට මෙහි ඇති වැදගත්කම ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පෙන්වා දුන්හ.

දැනටමත් වෛද්‍යවරු මෙන්ම වෛරසය මර්දනයට දායක වී සිටින ආරක්ෂක අංශ ඖෂධ දූමායනය මෙන්ම කැඳ පානය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඇති බවද සාකච්ඡාවේදී සඳහන් කෙරිණ.

ආයතන පවත්වාගනෙ යාමේදී රජය ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව දැඩි ලෙස අවධානය කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. නොකළ යුතු දෑ අවබෝධ කරගෙන සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යා යුතුය. සියලු පාර්ශ්ව ඒ සඳහා වගකීමෙන් ක්‍රියාකිරීමට බැඳී සිටින බවද ජනාධිපතිතුමා පැවසීය.

ඇඳිරි නීති කාලසීමාවේදී ළමයින්ගේ මානසික සුවතාවය ආරක්ෂා වන අයුරින් වැඩිහිටියන් ක්‍රියාකිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා දීර්ඝ ලෙස පෙන්වා දුන්නේය.

මේ වන විට විසි එක්දහසකගේ (21,000) PCR පරීක්ෂණ සිදු කර ඇත. ඉන් වෛරසය ආසාධිත බවට තහවුරු කරගෙන ඇත්තේ 3%ක පිරිසකගේය. මෙය රජය ගෙන ගිය නිරෝධායන වැඩපිළිවෙළේ සාර්ථක පැතිකඩක් බව වෛද්‍යවරු පැවසූහ. තවදුරටත් පර්යේෂණ කිරීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල රට තුල නිෂ්පාදනය කිරීම අරඹා ඇත. එය මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රය අත්කර ගත් සුවිශේෂි ජයග්‍රහණයකි. එම නිෂ්පාදන ප්‍රවර්ධනයට බලපාන අඩුපාඩු දැනුම් දෙන ලෙස ජනාධිපතිතුමා පැවසීය.

වෙ‍ෙළඳ පොලෙහි අලෙවි කිරීමට ඇති විෂබීජහරණයට යොදාගන්නා රසායනික ද්‍රව්‍යවල ප්‍රමිතිය කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද වෛද්‍යවරු ඉල්ලා සිටියහ. නිරෝධායන ක්‍රියාවලියට දායක වී සිටින සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල භාවිතයට ගැනෙන විශේෂිත වූ ඇගළුම් කට්ටලවල ප්‍රමිතිය ද විමර්ශනය කරන්නැයි ජනාධිපතිතුමා දැනුම් දුන්නේය.

සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් භද්‍රාණී ජයවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පතිතුමා සහ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කොරෝනා මර්දන කාර්ය සාධන බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

602 views

100 Comments to “ජනපති ඓතිහාසික තීන්දුවක.. කොරෝනා මර්ධනයට දේශීය වෙදුන්ද කැදවයි..”

  1. ඔච්චර කල් කිව්වෙ කොරෝනා මර්ධනය කරන ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ කියල. කොරෝනා පටන්ගත්තත් හරි සෞඛ්‍ය අංශ මුලට දාල කතා කරනව මේ දැක්කමයි. දැන් හරි වැරැද්ද තේරුනා නම් ලොකු දෙයක්. ඔය ටික මුලින්ම තේරුම් ගත්ත නම් ආරක්ෂක අංශ වල කොරෝනා හැදුන සාමාජිකයින් ගනන සහ ඔවුන්ට නිවාඩු ලබාදී රට පුරා යැවීමෙන් සිදුවුන විනාශය ගොඩක් අඩු කරගන්න තිබ්බ.

    • Kadiya says:

      මෙච්චරකල් කියපු කථාව හරි. මේ තීරණය කරල තියෙන්නේ මෙතෙක් තිබුණ ක්‍රමයේ අඩුපාඩු නිවැරදි කරන්න. මෙතෙක් කලේ රෝගීන් හඳුනාගන්න එක හමුදාවල්, බුද්ධි නිලධාරීන් සහ PHI වරු එකතුවෙලා හරියට කරනවා. ඊට පස්සේ රෝගීන්ව බටහිර වෛද්‍යවරු අත්අඩංගුවට අරන් රෝහල්වල රිමාන්ඩ් කරනවා. අඩුම ගානේ දවස් 14 ක් වත් තියාගන හෙලවෙදකමේ සහ අයුර්වේදේ තියන කොත්තමල්ලි, කැඳ, දුම් ඇල්ලිලි තමයි කරන්නේ. හෙලවෙදකමේ සහ අයුර්වේදේ වෙදවරු කියන්නේ දින 3 න් ඔවුන්ට සුවකළ හැකි බවයි. නමුත් බටහිර ඖෂධ කොම්පැනිවල මුදල් බලෙන් හෙලවෙදකමේ සහ අයුර්වේදේ යට ගහගෙන ඉන්නේ. ඒ නිසා දැන් දේශීය සහ ආයුර්වේද වෙදකම් සෘජුව නිවැරදිව යොදාගත යුතුයි.

  2. සකසා says:

    සියලු යහපත් උත්සාහයන් සාර්ථක වේවා

  3. ranjan says:

    දුර දක්නා නුවණ

  4. Dr Prabhaa says:

    යුද්ධ කරන කාලෙ සොල්දාදුවො මැරෙනවිට ප්‍රභාකරන්ට කෑල්ලක් දිය යුතුයි කියල කියපු අයත් හිටිය.2006-2007 කාලෙ වගේ.මහින්ද ජනාදිපතිතුමා යුද්ධය ආරම්භ කිරීමට පෙරම අපි විශ්වාස කලා කොටින්ව යුද්දයෙන් පැරදවිය හැකි බව.මේකත් ඒ හැටි අභියෝගයක් නොවේ.ත්‍රස්තවාදය මෙන් කොරෝනා වයිරසය පාලනය කළ නොහැකි බව පවසන ඇතැමුන් විසින් 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කරුනු දැනගෙනත් වලක්වන්නට බැරි වුනේ කොහොමද?.වයිරසය සදහා දිව්ය ඔසු ඉක්මනින් මවු රටේ ම පහල වේවායි පතමි.

  5. kkuruwita says:

    ” නොහැක්කක් නොමැත ” අප රටේම සෑම වැඩ පලකම, වැඩ බිමකම , කාර්යාලයකම උදෘත පාඨය මෙය විය යුතුයි. අප ජයගෙන ඇති බව දැනේ. ජනපතිතුමනි ස්තූතුයි ! ඔබතුමාට ජයවේවා !! රටට ජයවේවා !!!

  6. Liyanage says:

    It’s great Sir, Sri Lanka is still fortunate not to have traditional politicians but to have you, an uncorrupted government servant with military exposure and most importantly with a “vision”. Thank you sir.

  7. ජය වේවා අපේ ජනාධිපතිතුමනි.

  8. ලැවොයිසියර් says:

    ඉතාම ශ්‍රෙෂ්ඪ තීරණයක්. සාර්ථක වේවා!

  9. Alapaluwaa says:

    බොහෝ රටවල්වල කොරෝනා වෛරසය පැතිරයාම වේගවත්වීමට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ මිත්‍යාදෘෂ්ටික අදහස්. තව ටික දවසකින් ජ්‍යොතිෂකාරයොයි, කපුවො ටිකයි තීරන ගන්න තැනට රිංගගත්තම හොද තොයිලයක් නටල රටටත් කෙලවල තියේවි.

    • Alapaluwa says:

      සහතික ඇත්ත.මිත්‍යාදුෂ්ටයින් සිටිනතාක්කල් මේ මේ රට ගොඩ ගැනීම බොරු මොවුන්ගෙන් ඒ මිත්‍යාව බැහැර කළයුතුයි .

      • Alapaluwa says:

        තෝ මොන පිංගුත්තරයෙක්ද මගෙ නමින් ලියන්නෙ?

  10. මේ රාවනා ජිවත් වු ලෝකයේ බලවත් දේශයයි තුන් හෙලයේම සිටින්නේ සිංහ පැටව් නැවත අපි රාවනා දේශයක් ගොඩ නගමු ජනාධිපතිතුමනි ඔබට දලදා සමිදු පිහිටයි

Main News