ජනපති ඓතිහාසික තීන්දුවක.. කොරෝනා මර්ධනයට දේශීය වෙදුන්ද කැදවයි..

May 1, 2020 at 12:02 am | lanka C news
ජනපති ඓතිහාසික තීන්දුවක.. කොරෝනා මර්ධනයට දේශීය වෙදුන්ද කැදවයි..

අඩු පාඩු සහ මගහැරීම් සැලකිල්ලට ගනිමින් කොරෝනා වෛරසය රට තුළ මර්දනයට ගෙන ගිය වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

රජය වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග ලොව සියලු රටවල් අභිබවා ඉදිරියෙන් ඇති බව වසංගත රෝග පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ප්‍රවීණයෙකු වන හොංකොංහි වෙසෙන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මලික් පීරිස් මහතා පෙන්වා දී ඇතැයි වෛද්‍යවරු පැවසූහ.

ඊට දායක වූ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු සෙසු සියලු කණ්ඩායම් ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා එම තත්ත්වය තවදුරටත් ආරක්ෂා කරගනිමින් පවත්වා ගත යුතු බව සඳහන් කළේය. වෛරසය මර්දනයේදී ජනතාව කණ්ඩායම් වශයෙන් ජීවත්වන ප්‍රදේශ සහ විශේෂිත වූ පිරිස් පිළිබඳව පොදු ක්‍රමයෙන් බැහැරව සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

නාවික හමුදාවේ 997 දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කර ඇත. ඉන් වෛරසය ආසාධිත බවට තහවුරු වී ඇත්තේ 159 දෙනෙකු පමණි. ඔවුන්ගෙන් 80%ක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නැත. ඊට හේතුව ප්‍රතිශක්තීකරණ හැකියාව බව වෛද්‍යවරු පෙන්වා දෙති. ජනතාවගේ ද ප්‍රතිශක්තීකරණ වර්ධනයට දේශීය ඖෂධ මඟින් ලබාගත හැකි දායකත්වය පුළුල් වශයෙන් අධ්‍යනය කළ යුතුව ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.

දේශීය වෛද්‍යවරුන්ගේ සහ බටහිර වෛද්‍යවරුන්ගේ මැදිහත් වීමෙන් ඒ සඳහා මේ වන විටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. වෛරසය මර්දනයට එන්නතක් සොයාගන්නා තෙක් ඉන් මිදීමට මෙහි ඇති වැදගත්කම ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පෙන්වා දුන්හ.

දැනටමත් වෛද්‍යවරු මෙන්ම වෛරසය මර්දනයට දායක වී සිටින ආරක්ෂක අංශ ඖෂධ දූමායනය මෙන්ම කැඳ පානය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඇති බවද සාකච්ඡාවේදී සඳහන් කෙරිණ.

ආයතන පවත්වාගනෙ යාමේදී රජය ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව දැඩි ලෙස අවධානය කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. නොකළ යුතු දෑ අවබෝධ කරගෙන සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යා යුතුය. සියලු පාර්ශ්ව ඒ සඳහා වගකීමෙන් ක්‍රියාකිරීමට බැඳී සිටින බවද ජනාධිපතිතුමා පැවසීය.

ඇඳිරි නීති කාලසීමාවේදී ළමයින්ගේ මානසික සුවතාවය ආරක්ෂා වන අයුරින් වැඩිහිටියන් ක්‍රියාකිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා දීර්ඝ ලෙස පෙන්වා දුන්නේය.

මේ වන විට විසි එක්දහසකගේ (21,000) PCR පරීක්ෂණ සිදු කර ඇත. ඉන් වෛරසය ආසාධිත බවට තහවුරු කරගෙන ඇත්තේ 3%ක පිරිසකගේය. මෙය රජය ගෙන ගිය නිරෝධායන වැඩපිළිවෙළේ සාර්ථක පැතිකඩක් බව වෛද්‍යවරු පැවසූහ. තවදුරටත් පර්යේෂණ කිරීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල රට තුල නිෂ්පාදනය කිරීම අරඹා ඇත. එය මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රය අත්කර ගත් සුවිශේෂි ජයග්‍රහණයකි. එම නිෂ්පාදන ප්‍රවර්ධනයට බලපාන අඩුපාඩු දැනුම් දෙන ලෙස ජනාධිපතිතුමා පැවසීය.

වෙ‍ෙළඳ පොලෙහි අලෙවි කිරීමට ඇති විෂබීජහරණයට යොදාගන්නා රසායනික ද්‍රව්‍යවල ප්‍රමිතිය කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද වෛද්‍යවරු ඉල්ලා සිටියහ. නිරෝධායන ක්‍රියාවලියට දායක වී සිටින සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල භාවිතයට ගැනෙන විශේෂිත වූ ඇගළුම් කට්ටලවල ප්‍රමිතිය ද විමර්ශනය කරන්නැයි ජනාධිපතිතුමා දැනුම් දුන්නේය.

සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් භද්‍රාණී ජයවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පතිතුමා සහ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කොරෝනා මර්දන කාර්ය සාධන බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

551 views

100 Comments to “ජනපති ඓතිහාසික තීන්දුවක.. කොරෝනා මර්ධනයට දේශීය වෙදුන්ද කැදවයි..”

  1. Aurora says:

    ජනාධිපතිතුමාට බොහොම පිං. බොහොම ස්තුතියි. දේශීය ඖෂධ සහ ආයුර්වේද ඖෂධ භාවිතයට පසුබට වියයුතු නැහැ මොකද දේශීයවල කිසිම අතුරු ආබාධ නැහැ. හෙම්බිරිස්සවෙන් බටහිර මිනිස්සු මැරෙද්දි අපි ආරක්ෂිතව ඉන්නේ ඉඟුරු කොත්තමල්ලි නිසා. බටහිර වෛද්‍ය වරුත් හෙම්බිරිස්සාවට බොන්නේ ඉඟුරු කොත්තමල්ලි, නමුත් ප්‍රසිද්ධියේ පිළිගන්නේ නැහැ. ඔබතුමාගේ මේ තීරණය රටේ ඉරණම මහත් ප්‍රගමනයකට ගෙනියනවා සහතිකයි. අනාගතයේ එන්න තියන තවත් වෛරස් රෝග මෙහෙම කරදර ඇති නොකර පාලනය කරගන්නත් මේ තීරණය උපකාරී කරාවි. ඒ වගේම අපේ රටේ සංචාරක ව්‍යාපාරයෙත් ආයුර්වේදය සහ හෙලවෙදකම මුල්කොටගත් සංරචකයක් බිහිවෙනවා සහතිකයි. දෙවි පිහිටයි.

    • විනී says:

      මම හඳුනන එංගලන්ත ජාතික සුදු පවුලක් ඉඟුරු කිලෝ 2ක් විතර සතියකට සැරයක් ගේනවා.එයාල ඒවා තලලා උතුරන වතුර දාල තියාගෙන තේ වගේ බොනවා.මේක මෙයාලා කරන්නෙ කොරෝනා නම අහලවත් නැති කාලෙක ඉඳලා.

      • Alapaluwa says:

        නෑ ඒ පවුල ඉඟුරු දෝසි හදල විකුනනවා

  2. sancha says:

    Hariyata artical eka kiyawanne nethiwa hooorei daanna epa. Corona honda karanna sinhala wedunta denawa kiyala kohewath ne. Dumayanaya kireema kolakenda warga beema kohomath api Infuensa hedunama karanawa. Koththamalli beela immunity wedi karagannawa. Me dewal denatamath karagena yana prathikarma. Janadipathi karala thiyenne eka agaya karana eka. Sinhala wedunge dakshakam balanna nam corona leddunwa honda karanna kiyala baara denna ona. ehema deyak gena kawruwath katha karala ne.

  3. PGLP says:

    Very Good Decision. Implementation has to be done with proper coordination of all concerned on experimental basis until proven.

  4. PGLP says:

    Very Good Decision. Implementation has to be done with proper coordination of all concerned on experimental basis until proven.

  5. Please combine Traditional Local Medicine system with the western medical system.

    Werasooriyakande Hamudurowo

    Walbotale Wedamattaya : 0778185597

    D D A Hettiarachchi Wedamattaya : 0718564157

    Embilipitiye Weerappreruma Wedmattaya

    There are many more, please study and get the information

  6. Gini says:

    Good that you have taken into consideration. Let see what they can do. Hope they also can cure not only boosting the immunity. 🙏🙏🙏

  7. ඇත්ත යථාර්ය says:

    කුල ගෝත්තර සොයන අයගේ තිබෙන්නේ බෝ විට පරංගි,හෝ වෙනත් පජාතික ලේ.

  8. සමනා says:

    Alapaluwaa Alapaluwa වෙතටයි. ‘මිත්‍යාදෘෂ්ටිය’ ගැන සහ ‘රට ගොඩගැනීම’ ගැන අර්ථකතන දෙනවා ද?

    • Alapaluwa says:

      හැන්දෑවට නාගෙන කොරගෙන එන්නකෝ. අර්ථකතන දෙන්න

  9. Mehema-Hithamu says:

    ආයුර්වේද වෛද්ය ක්රමය අපට ලැබුනේ ඉන්දියාවෙන්. ලංකාවේ වෛද්ය ක්රමයට කියන්නේ “හෙළ වෙදකම”
    මේ දෙකම ළඟින් යන නමුත් හෙළ වෙදකමේ අති සූක්ෂම ක්රමවේදයන් තියෙනවා රෝග නිශ්චයට සහ බෙහෙත් කිරීමට. අද වෙද්දු මේවා දන්නේ බොහොම ටිකයි. දන්න සුළු පිරිසකුත් ඉන්නවා
    1. අනුරාධපුර වෑල්ඩින් වෙදා
    2. අනුරාධපුර ඇස වෙදා (පයේ මහපටගිල්ලට වෙදකම් කරන්නේ)
    3. හුඟක් සර්ප වෙද්දු(පණිවිඩකරු දිහා බලල සර්පයව නිශ්චය කරන්නේ)
    4. සමහර යන්ත්ර මන්ත්ර පාවිච්චි කරලා කරන වෙදකම්
    5. ගනිත කර්ම සහ ජෝතිශය භාවිතයෙන්. හලාවත මුන්නේශ්වරම කෝවිලට 3කිමී එහයින් ඉන්න වෙදෙක්. තවම ජීවතු අතර සිටී. වයස 58ක් පමණ
    ’77 ආර්ථික සහ සමාජීය පෙරලියත් එක්ක දේශීය දේවල් විනාශ මුඛයට ගියා. ඊළඟ පරම්පරාව මේ වටිනා දේවල් පහත් කරල කථා කලා. සමහර වෛද්යක්රම වලින් බටහිර ක්රම ඉහලට ගියත් සමහර දේවල් වලින් ආයුර්වේද සහ හෙළ වෙදකම ඉතාම ඉහලින්. අ’පුර වෑල්. වෙදා ළඟට ගියොත් ඔයාල දකියි ලොරි 1.5 පමණ පුරවන්න ගොඩගහල තියෙන ලෙඩ්ඩුන්ගෙන් ඉවත් කරපු ප්ලාස්ට ඔෆ් පැරිස් ගොඩවල්. කකුල් කපන්න කියපු ඉස්පිරිතාල වලින් ඇවිල්ල මෙතනදි හොඳකරගත්තු අයි ඕන තරම්.

    කොරෝනා ගැනත් කියන්න තියෙන්නෙ ඒක තමයි. හැබැයි අපේ අයට බටහිර අය ඉඩ දෙයිද කියන සැකය තියෙනවා.

  10. Daham says:

    Though President Gotabaya Rajapaksa’s Office claims 21,000 tests have been conducted in Sri Lanka the truth behind the testing number is that most of these are repeat tests on security personnel attached to the PSD and officials coming into contact with the President and the Prime Minister on a daily basis because both the brothers have preexisting conditions and hence are vulnerable if they get Covid 19.

Main News