ජනපති ඓතිහාසික තීන්දුවක.. කොරෝනා මර්ධනයට දේශීය වෙදුන්ද කැදවයි..

May 1, 2020 at 12:02 am | lanka C news
ජනපති ඓතිහාසික තීන්දුවක.. කොරෝනා මර්ධනයට දේශීය වෙදුන්ද කැදවයි..

අඩු පාඩු සහ මගහැරීම් සැලකිල්ලට ගනිමින් කොරෝනා වෛරසය රට තුළ මර්දනයට ගෙන ගිය වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

රජය වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග ලොව සියලු රටවල් අභිබවා ඉදිරියෙන් ඇති බව වසංගත රෝග පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ප්‍රවීණයෙකු වන හොංකොංහි වෙසෙන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මලික් පීරිස් මහතා පෙන්වා දී ඇතැයි වෛද්‍යවරු පැවසූහ.

ඊට දායක වූ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු සෙසු සියලු කණ්ඩායම් ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා එම තත්ත්වය තවදුරටත් ආරක්ෂා කරගනිමින් පවත්වා ගත යුතු බව සඳහන් කළේය. වෛරසය මර්දනයේදී ජනතාව කණ්ඩායම් වශයෙන් ජීවත්වන ප්‍රදේශ සහ විශේෂිත වූ පිරිස් පිළිබඳව පොදු ක්‍රමයෙන් බැහැරව සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

නාවික හමුදාවේ 997 දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කර ඇත. ඉන් වෛරසය ආසාධිත බවට තහවුරු වී ඇත්තේ 159 දෙනෙකු පමණි. ඔවුන්ගෙන් 80%ක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නැත. ඊට හේතුව ප්‍රතිශක්තීකරණ හැකියාව බව වෛද්‍යවරු පෙන්වා දෙති. ජනතාවගේ ද ප්‍රතිශක්තීකරණ වර්ධනයට දේශීය ඖෂධ මඟින් ලබාගත හැකි දායකත්වය පුළුල් වශයෙන් අධ්‍යනය කළ යුතුව ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.

දේශීය වෛද්‍යවරුන්ගේ සහ බටහිර වෛද්‍යවරුන්ගේ මැදිහත් වීමෙන් ඒ සඳහා මේ වන විටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. වෛරසය මර්දනයට එන්නතක් සොයාගන්නා තෙක් ඉන් මිදීමට මෙහි ඇති වැදගත්කම ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පෙන්වා දුන්හ.

දැනටමත් වෛද්‍යවරු මෙන්ම වෛරසය මර්දනයට දායක වී සිටින ආරක්ෂක අංශ ඖෂධ දූමායනය මෙන්ම කැඳ පානය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඇති බවද සාකච්ඡාවේදී සඳහන් කෙරිණ.

ආයතන පවත්වාගනෙ යාමේදී රජය ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව දැඩි ලෙස අවධානය කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. නොකළ යුතු දෑ අවබෝධ කරගෙන සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යා යුතුය. සියලු පාර්ශ්ව ඒ සඳහා වගකීමෙන් ක්‍රියාකිරීමට බැඳී සිටින බවද ජනාධිපතිතුමා පැවසීය.

ඇඳිරි නීති කාලසීමාවේදී ළමයින්ගේ මානසික සුවතාවය ආරක්ෂා වන අයුරින් වැඩිහිටියන් ක්‍රියාකිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා දීර්ඝ ලෙස පෙන්වා දුන්නේය.

මේ වන විට විසි එක්දහසකගේ (21,000) PCR පරීක්ෂණ සිදු කර ඇත. ඉන් වෛරසය ආසාධිත බවට තහවුරු කරගෙන ඇත්තේ 3%ක පිරිසකගේය. මෙය රජය ගෙන ගිය නිරෝධායන වැඩපිළිවෙළේ සාර්ථක පැතිකඩක් බව වෛද්‍යවරු පැවසූහ. තවදුරටත් පර්යේෂණ කිරීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල රට තුල නිෂ්පාදනය කිරීම අරඹා ඇත. එය මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රය අත්කර ගත් සුවිශේෂි ජයග්‍රහණයකි. එම නිෂ්පාදන ප්‍රවර්ධනයට බලපාන අඩුපාඩු දැනුම් දෙන ලෙස ජනාධිපතිතුමා පැවසීය.

වෙ‍ෙළඳ පොලෙහි අලෙවි කිරීමට ඇති විෂබීජහරණයට යොදාගන්නා රසායනික ද්‍රව්‍යවල ප්‍රමිතිය කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද වෛද්‍යවරු ඉල්ලා සිටියහ. නිරෝධායන ක්‍රියාවලියට දායක වී සිටින සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල භාවිතයට ගැනෙන විශේෂිත වූ ඇගළුම් කට්ටලවල ප්‍රමිතිය ද විමර්ශනය කරන්නැයි ජනාධිපතිතුමා දැනුම් දුන්නේය.

සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් භද්‍රාණී ජයවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පතිතුමා සහ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කොරෝනා මර්දන කාර්ය සාධන බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

545 views

100 Comments to “ජනපති ඓතිහාසික තීන්දුවක.. කොරෝනා මර්ධනයට දේශීය වෙදුන්ද කැදවයි..”

  1. Kadiya says:

    March 27, 2020 at 1:06 pm දින LCN හි මගේ පොස්ට් එකක් ආපහු දාන එක හොඳයි කියල හිතෙනවා.
    1990 දී පමණ මගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ අසාමාන්‍ය වැඩි වර්ධනය නිසා වම සහ දකුණ දෙපැත්තෙන්ම කපල අයින් කලා. කිසි පැහැදිලි කිරීමක් නැතිව තයිරොක්සින් දිනපතා ගන්න නියම කලත් ටික කාලෙකින් ඒක අමතක වුණා. නැවතත් 2002 දී පමණ මගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ අසාමාන්‍ය වැඩි වර්ධනය සිදුවූ නිසා විෂේශඥ වෛද්‍යවරයකුට පෙන්වූවා. එවිට කිව්වේ ශල්‍ය කර්මය කලොත් කටහඬ නැතිවෙන්න පුළුවන් බවත් එහි සම්භාවිතාවය 50% බවත්ය. කරන්න දෙයක් නැතුව ඉන්නකොට මිතුරෙකුගේ මාර්ගයෙන් මාකඳුරේ, හොරිවිල ගමේ දේශීය වෛද්‍යතුමෙක් හමුවුණා, එතුමා මාව සුවකලා. ප්‍රතිකාර කිරීමට පෙර එතුමා මට කිව්වේ පළමු ශල්‍යකර්මයට පෙර පැමිනියේනම් බෙල්ලේ ප්‍රමාණය සාමාන්‍ය තරමට අඩු කල හැකි බවත් නමුත් දැන් තිබෙන ප්‍රමාණයටම සුව කළහැකි බවත්ය. එම ප්‍රතිකාර වලට පෙර මට එකවර වචන 2-3 කට වඩා කල නොහැකිවුවත් පසුව සාමාන්‍ය පරිදි කතාකළ හැකිවිය. දේශීය වෛද්‍යතුමා වැවෙන තයිරොයිඩ් ග්‍රන්ථියේ කොටස කපලා දැමුවේ නැහැ. නමුත් තයිරොයිඩ් ග්‍රන්ථිය පාලනය කරන පිටියුටරි ග්‍රන්ථිය සඳහා ප්‍රතිකාර කල බව මම පසුව කල අධ්‍යන්වලින් තේරුම් ගතිමි. ඔන්න බටහිර වෙදකමත් දේශීය වෙදකමත් අතර වෙනස.

    • Rata Wenuwen says:

      තයිරොයිඩ් ග්‍රන්ථිය කියන්නේ ඔය කකුල් දෙක මැද්දෙන් එල්ලි එල්ලි තියෙන එකට නෙවෙයි බං

  2. Love nature says:

    දේශීය වෙදකම රැකගනිමු

    ‘ඔවුහු විස්මයජනක වෙදැදුරෝ ය. තුවාලවලට, ගෙඩිවලට, කැඩුණු අත්පාවලට, ඔවුහු දින කීපයකින් සුවය ලබා දෙන්නට සමත් වෙති. පිළිකා අපට සුවකළ නො හැකි රෝගයක් වූවාට ඔවුනට එසේ නො වේ. ඔවුහු පිළිකා දින අටකින් සුව කරති. සමෙහි හෝ බාහිර කැළැලක් වූවා නම් එය කලින් එතැන තිබුණාදැයි සොයා ගත නො හැකි වන තරමට ම කැළැල් සුව කරති. මා මෙම දිවයිනේ සිටි කාලය තුළ දී හමුදා සොල්දාදුවන්, කපිතාන්වරුන් ඔවුන්ගේ ප‍්‍රතිකර්මවලින් සුවය ලබනු මා දැක ඇත. වඩාත් විස්මයජනක වන්නේ ඔවුන් එය එතරම් ම සැහැල්ලූවෙන් කරන අන්දම ය.” (“Fat alidade Historia de Ceilao”, ජොආ රිබෙයිරෝ, 1641-1658 කාලය තුළ ලංකාවේ සේවය කළ පෘතුගීසි සොල්දාදුවෙක්)

    මේ ප‍්‍රකාශය අප රට එවකට තිබූ හෙළ වෙදකම පිළිබඳව බටහිර පෘතුගාල වැසියකු විසින් කරන ලද ග‍්‍රන්ථයකින් උපුටා ගත් කෙටි විස්තරයකි.

    අප රට වෙදකමේ ඉතිහාසය අන් කිසිදු රටකට සම කළ නො හැකි තරම් ය. ලෝකයේ ප‍්‍රථම අංග සම්පූර්ණ රෝහල වන මිහින්තලේ රෝහල, ව්‍යුහයෙන් වත්මන් නවීන රෝහලකට සමාන ය. බාහිර ප‍්‍රතිකාර අංගනයක්, රෝගීන් සඳහා තනි කාමර මෙන් ම බෙහෙත් ද්‍රව්‍ය සකස් කරන ස්ථාන ද ගබඩා ද රෝහලට අඩංගු විය. බෙහෙත් ඔරු සහ ශල්‍ය උපකරණ පෙන්වන්නේ එවකට පවා දේශීය වෙදකම ලබා තිබු දියුණුවයි. මහාවංශයට අනුව ව්‍යවහාර වර්ෂ පූර්ව 4 වන සියවසෙහි රජ කළ පණ්ඩුකාභය රජතුමා රටේ විවිධ ස්ථානවල රෝගීන්ට නවාතැන් ගෙන ප‍්‍රතිකාර ලබා ගත හැකි ‘සිවිකසොත්ති ශාලා’ ඇති කළේ ය.

    • Alapaluwa says:

      ගජබා රජ්ජුරුවෝ ඉන්දියන් සෙබළු අල්ලාගෙන ආව
      ලංකවෙන් පිටරටට හාල් යැව්වා
      දැනුත් පුලුවන්ද
      බොරු බයිලා නැතුව පුලුහන් එකක් කතා කරපන් බූරුවෝ

      • john the baptice says:

        Alapaluwaa උබේ ඔලුවේ අං දෙකක් ඇවිල්ලද බලපන් මිහරකා

Main News