ජනපති කටුවන ප්‍රාදේශීය සභාවට..

November 6, 2020 at 5:30 pm | lanka C news
ජනපති කටුවන ප්‍රාදේශීය සභාවට..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (06) පස්වරුවේ කටුවන ප්‍රාදේශීය සභාව නිරීක්ෂණය කළේය.

කටුවන පිහිටි ප්‍රාදේශීය සභා ප්‍රධාන ගොඩනැගිල්ලේ පවතින අඩු පාඩු නිසා සභාවේ දෛනික සේවා මිද්දෙනිය නගරයේ උප කාර්යාල ගොඩනැගිල්ලේ සිට පවත්වාගෙන යනු ලැබේ.

ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා සභාව රැස්වීමේ දී සහ සේවා සැපයීමේ දී උද්ගතව ඇති ගැටළු අධීක්ෂණය කළ ජනාධිපතිතුමා නව ගොඩනැගිල්ලක් ඉදිකර දීමට එකඟතාවය පළ කළේය.

මිද්දෙනිය වැව අසළ ඉදිකෙරුණු “රණවිරු උයන” ළමා ක්‍රීඩාංගණය සහ ශරීර සුවතා මංතීරුව ජනතා අයිතියට පත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ. පූජ්‍ය මුරුංගාගස්යායේ ඤාණීස්සර නා හිමි පදනම ඊට අනුග්‍රහකත්වය දක්වා තිබේ.

මිද්දෙනිය ප්‍රදේශයේ පානීය ජල ගැටළුවට සහ රෝහලේ වෛද්‍ය හිඟයට කඩිනම් විසඳුම් දෙන ලෙසත්, මිද්දෙනිය මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කරන ලෙසත් අදාළ අමාත්‍යවරුන්ට ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ මිද්දෙනිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීන් ගමාච්චි යන මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

41,630 views

12 Comments to “ජනපති කටුවන ප්‍රාදේශීය සභාවට..”

  1. ගම්පහ වැසියෙක් says:

    ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කණුවල බොහෝ විදුලි පහන් රාත්‍රියට අක්‍රීයයි. ගම්පහ ප්‍රාදේශීය සභාවේ පොතේ ලිව්වට වැඩක් නෑ. හරියට හුඟක් දුෂ්කර පලාතක් වගේ. මිනිස්සු ෆෝන් එකේ ටෝච් එකෙන් තමා වැඩ ඇරිලා ගෙදර යන්නෙ. දැන් ඇඳිරී නීතිය නිසා හොරුන්ට නියමයි. කෙසෙල් කැනක් , පොල්ගෙඩියක් පරිස්සම් කරගන්න අමාරුයි.

  2. lotus says:

    මිද්දෙනියට ශරීර සුවතා මංතීරුව ජනතා අයිතියට පත් කිරීම??????? Farms want excises after hard work in paddy and Banana…………..

  3. nuwan says:

    මේ වෙලාවේ ප්‍රාදේශීය සභා පෝෂණය කරනවාට වඩා එම ප්‍රදේශයේ ජනතාවගේ සුවතාව පෝෂණය වෙනුවෙන් වියදම් කිරීම ඉතාම කාලෝචිත බව හැඟෙනවා . සංවර්ධනය නොව ජනතාවගේ සුවතාව මුලික වීම වඩා ප්‍රයෝගික හා ශිෂ්ට බව සදාචාර සම්පන්න මිනිසුන්ට සිතේවි .

  4. saman says:

    ඔබයි අපෙ ජනපති සැමදා

  5. Saradiel says:

    ජනාදිපති තුමාට අපේ ප්‍රණාමය අපේ රටට දළදා හිමි පිහිටයි

  6. Amal says:

    උසස් පෙළ සමත් සියල්ලටම විශ්වවිද්‍යාල කියලා බොරු පොරොන්දු දී බලය ගත්තා..දැන් A 3 ට වත් කැම්පස් යන්න නැහැ. විරුවා….

    • Somapala says:

      What subjects have you passed .Don’t tell lies here. Are you a jeppa? Or SJB pakanil guy.

  7. Rasika says:

    සර් කොළඹ ඉඳලා ආවේ කොහොමද ? ඇඳිරි නීතිය නේද ? දැන් ඉන්න තැනම දින 14 ක් නිරෝධායනය වෙන්න

  8. Wewegadara Appuhamy says:

    What was that Gota & Mahind & Chamael of Rajapakasa was promised which is cannot be implement under current situation is quite impossible ? Before came to power they were not politically underestimate their power of World and Local situation by visioless politics. !@ ??????

Main News