ජනපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා අත්අඩංගුවට ගත්තේ අගමැතිගේ සැලසුමක් අනුව.. දේශපාලන පුතුන් දෙදෙනෙකුගේ දුරකතන සංවාද පටිගත කරලා..?

May 4, 2018 at 10:41 pm | lanka C news
ජනපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා අත්අඩංගුවට ගත්තේ අගමැතිගේ සැලසුමක් අනුව.. දේශපාලන පුතුන් දෙදෙනෙකුගේ දුරකතන සංවාද පටිගත කරලා..?

ජනාධිපති මෛත‍්‍ර‍්‍රිපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානී අයි.කේ. මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියසේන දිසානායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම මගලින් පෙන්වන්නේ ආණ්ඩුවේ ඇතිව තිබෙන දෙදරීම බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම සිදුවීම දැනගත් පසු අදාල පුස්ගලයන් ගානට කොටු කර දුන් බවද ඔහු සදහන් කරයි.

මේ අතර ඇතැම් ප‍්‍රකට රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් සිය සමාජ ජාලා ගිණුම්වල වාර්තා කර ඇත්තේ සිදුවීම පසුපස මෙරට බලවත් දේශපාලකයන් දෙදෙනෙකුගේ පුතුන් සිටින බවයි.

පුතුන් දෙදෙනා අදාල අල්ලස් ගණුදෙනුවට උපදෙස් දෙන දුරකතන සංවාදයන්ද පටිගත කර ඇතැයි එහි දැක්වෙයි.

189 views
Main News