ජනපති ගෙදර යයි.. සන්ධාන ආණ්ඩු සාකච්චා, කැබිනට් සංශෝධන සාකච්චා හබක්..

February 17, 2018 at 12:40 pm | lanka C news
ජනපති ගෙදර යයි.. සන්ධාන ආණ්ඩු සාකච්චා, කැබිනට් සංශෝධන සාකච්චා හබක්..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ හදිසියේම පොලොන්නරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා අද හා මෙට දෙදින තුලදීම පොලොන්නරුවේ රැුදී සිටිනු ඇති බවද සදහන්ය.

මේ තත්වය මත නව සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීමේ සාකච්චා හෝ සිදු කරන බව කියන කැබිනට් මණ්ඩල සංශෝධනයද ගැටළුකාරි තත්වයට පත්ව ඇති බවද සදහන්ය.

44 views

28 Comments to “ජනපති ගෙදර යයි.. සන්ධාන ආණ්ඩු සාකච්චා, කැබිනට් සංශෝධන සාකච්චා හබක්..”

  1. Colombus says:

    Mahinda mahaththayata hooniyamak karanta kattadiyek hoyanta giya kiyala thamai abyanthara aranchi marga pawasanne.

  2. Samare says:

    නපුරු කලට සතහට පැමිණේ වෙහෙස
    එදුරු නොවෙයි කළ පව් පල දෙවා මිස
    තඹුරු වනය විකසිත වන බව සවස
    කවුරු විසින් වැලකිය හැකි මෙදිය කුස

    • JOY says:

      සිරාට සෙනසුරු දසාව ලබලද ? නරකද තිරුපති බලන්න දකුණු ඉන්දියාවට ගියොත්

  3. Love nature says:

    පොළොන්නරු වැසියන් සිරිසේන බාර නොගත යුතුය පැරකුම් යුගයටත් නිගාවක් මේ පැන යෑම

  4. Love nature says:

    යටැ ගිය දවසැ පොළොන්නරු නුවර ජාත්‍යන්තරයට අධිපති වූ, සංහිඳියාවට අධිගෘහිත වූ, සරලකමෙහි ප්‍රතිබිම්බය වූ, ශ්වේත වර්ණ වස්ත්‍රයෙන් බබලන්නා වූ, සිවුසැට ආභරණ පසෙක ලා උපැස් යුවලින් පමණක් සැරසුණා වු, වෛජයන්තී දේවීයට ස්වාමී වූ, දහම්සොඬ පුත් රුවනට හා චත්තාරිකා දු කුමරියට පීතෘ වූ , විජයකලාවන්ට සකල කලාවන් පාන්නා වූ, රුපුනොද එඩිය බිඳ, දෙසැට ලක්ෂයක් වෘෂභයන්ට දිව්‍ය රාජෝත්තමයා වූ, පොළවෙන් මතුවුණා වූ , මහානුභාව සම්පන්න මෙත්පල් නම් නිරිඳෙකු පලා ගොස් ඇත.

  5. Gadol says:

    චන්ද්‍රිකා එංගලන්තය වෙනුවෙන් ද අනෙක් සියල්ලෝ ම ඉන්දියාව වෙනුවෙන් ද කැප වී වැඩ කළහ. මෛත්‍රිපාල රට යනුවෙන් අදහස් කරන්නේ ඉන්දියාව විය හැකි ය. ඔවුහු සියල්ලෝ ම රාජපක්‍ෂලාට බය වෙති. ඊනියා රාජපක්‍ෂ රෙජිමය දේශපාලනයෙන් අතුගා දැමීම එංගලන්තයේ හා ඇමරිකාවේ අභිප්‍රාය වුවත් ඒ සඳහා මෛත්‍රිපාල තෝරාගනු ලැබුයේ ඉන්දියාව විසිනි. එහි දී ඉහත සඳහන් අය ද තවත් ඉන්දීය ඒජන්තයෝ ද කැප කිරීමෙන් වැඩ කළ හ. එහෙත් ඒ සෑම කැප කිරීමක් ම යම් ප්‍රතිලාභයක් අරමුණු කරගත්තේ විය. එබැවින් ඒ කැපකිරීම් නො වේ යැයි කෙනකුට තර්ක කළ හැකි ය. අපි ඒ ගැන තර්ක නො කරමු. ඒ කැප කිරීම් ලෙස සලකමු. මෛත්‍රිපාල තවත් කෝප ගැන්වීමට අපට අවශ්‍ය නො වේ.

    කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් අනාථ වන බව ඉහත කී අය මෙන් ම රනිල්, , කිරඇල්ල ආදීහු ද දනිති.

Main News