ජනපති ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට පනී.. ලිපිකරු පුටුවේ සිට සියල්ල විමසයි..
January 21, 2022 at 10:22 pm | lanka C news
කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත්, කොළඹ 07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හදිසි නිරීක්ෂණයට ලක්විය.
“ගොවිජන සමාජයේ සියලු කෘෂිකාර්මික ඉඩම්වල තිරසර සංවර්ධනය” දැක්ම කරගත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙවර වනුයේ “කෘෂිකාර්මික ඉඩම්වලින් ප්රශස්ත ඵලදායීතාව ලබාගත හැකි වන පරිදි ආයතනික, සහායක, නෛතික සහ කළමනාකරණ සේවාවක් සැකසීම හා කාලානුරූපව පවත්වාගෙන යාම”යි.
එම අරමුණු නිසි අයුරින් සිදු වන්නේ ද යන්න සොයා බැලීම ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයේ අපේක්ෂාව විය. දශක කිහිපයක් පැරණි එම දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ රාජ්‍ය නායකයෙකුගේ පැමිණීම සිදු වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
ගොවිජන සමාලෝචන මණ්ඩලය, ගොවිජන බැංකු, පාලන, ගිණුම්, සංවර්ධන, නීති, ආයතනික සංවර්ධන (සේවා), ඵලදායී අලෙවි සහ ඉංජිනේරු ජල කළමනාකරණ යන සියලු අංශ අධීක්ෂණයට ලක් කළ ජනාධිපතිතුමා පැය තුනකට ආසන්න කාලයක් නිලධාරීන් සහ සේවකයන් සමග සාකච්ඡා කරමින් කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග සොයා බැලීය.
හරිත කෘෂිකර්මාන්තයක් සහ වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය රජයේ ප්රතිපත්තියයි. මෙවර මහ කන්නයේ දී කාබනික පොහොර බෙදාහැරීම, භාවිතය සහ ලැබෙන අස්වැන්න පිළිබඳ විමර්ශනය කර, අඩුපාඩු මගහරවා ගනිමින් යළ කන්නයට සූදානම් විය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
කාබනික පොහොර නිෂ්පාදනය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 34කට අවස්ථාව දී තිබිණ. ඒ ඒ ආයතනවල කාබනික පොහොර මගින් ලද අස්වැන්න සහ සාර්ථකත්වය පිළිබඳ සොයා බැලිය යුතුය. ඉහළ ප්‍රගතියක් ලබා ඇති ආයතන දිරිගන්වා එම ආයතනවල නිෂ්පාදන වැඩි කිරීමට තීරණය කෙරිණ. එමෙන්ම ඉදිරි කන්නවලදී ගොවීන් දැනුවත් කිරීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ට තාක්ෂණික දැනුම ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
පසුගිය වසර දෙක තුළ පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන මගින් අනුරාධපුරය, හම්බන්තොට, ත්‍රිකුණාමලය, අම්පාර සහ මඩකළපුව ඇතුළු දිස්ත්‍රික්ක 9ක සියලුම පුරන් කුඹුරු අස්වැද්දීමට හැකි වූ බව නිලධාරිහු පෙන්වා දුන්හ.
දිවයින පුරා ඇති සෙසු පුරන් කුඹුරු ද හඳුනාගෙන තිබේ. ඉන් වැඩි ප්‍රමාණයක් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අයත් ය. ඒවා පුරන් වීමට හේතු විමර්ශනය කර, හිමිකරුවන් සහ ගොවි සංවිධාන මැදිහත්ව අස්වැද්දීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.
වී ගොවිතැන සඳහා යොදාගත නොහැකි ඉඩම් වෙනත් භෝග සඳහා යොදා ගත යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක ශාඛා 559කින් යුත් ගොවිජන බැංකු මගින් ගොවීන්ගේ තැන්පතු භාරගැනීම සහ ණය දීම සිදු කෙරේ. රුපියල් ලක්ෂ දෙකේ සිට දහය දක්වා කන්න සහ වාර්ෂික ක්‍රමවේදයට ණය ලබා දෙයි. එමගින් වෙනත් පාර්ශ්වයන්ගෙන් අධික පොළි මත ණය මුදල් ගැනීමෙන් ගොවීන්ට මුහුණ දීමට සිදු වන ගැටලු රැසකින් මිදිය හැකි බව නිලධාරිහු පෙන්වා දුන්හ. මෙහි ඇති වැදගත්කම සලකා ගොවිජන බැංකු ශක්තිමත් කිරීමට සහ ඉහළ මිලක් යටතේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට මැදිහත් වීමට ඇති හැකියාව සොයා බලන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය
ජය වේවා ජනාධිපතිතුමනි 👍 ඔබතුමාගෙ වැඩ පිළිවෙල දිගටම කරගෙන යන්න
ජය නියතයි,
ඉස්සර මිනිස්සු කාබනිකව වගා කලේ වසර දහස් ගානක් තිස්සේ ස්වභාවිකව පරිනාමය වෙච්ච බීජ.
කාබනික ගොචියාව රසායනික ගොවිතැනට හුරු කරන්න අටවපු ආයතනයට කියන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියලා. ඕකෙන් බෙදන දෙමුහුන් බීජ වලට රසායනික පොහොර නැතුව හැදෙන්න බෑ. කෘමිනාශක නැතුව කෘමි හානි වලට ඔරොත්තු දෙන්න බෑ. ස්වභාවික පරිසර තත්ව වලට ඔරොත්තු දෙන්න බෑ.
ඕක තියෙන කම් මිනිස්සු වස විස කන එක වලක්වන්න බෑ. වහාම ඕක විසුරුවා හැරිය යුතුයි.
කෙනෙක් කියයි ඉස්සරට වඩා කෘෂිකර්මය දිවුණු වුනේ රසායනික පොහොර නිසා කියලා….. එක පට්ට බොරුවක්. කෘෂිකර්මය මහා පරිමාණයෙන් කරනන පුළුවන් වුනේ යන්ත්‍ර සුත්‍ර භාවිතය නිසා. ඒක ඉංජිනේරු තාක්ෂණයේ දිවුනුවෙන් වෙච්ච දෙයක්.
Well said..👍👍👍
වෙඩේ හොඳ යි අනිත් රාජ්‍ය ආයතන වලට නොදන්වා යන්න , සාමාන්‍ය යෙන් පුද්ගලික අන්සයෙ නම් කර්මාන්ත සලා අයිතිකරු වන්
කොළබින් බෙහෙර තිබෙන තම කර්මාන්ත සාලා සතියකට වරක් කර්මාන්ත සාලවටම ගොස් හොයා බලනවා
Yesterday when I was coming to work in the morning I saw all the preparations have been done and the security have been placed by 8:00 am. So, it means the staff was expecting him. Then how did it become a sudden visit by the president? This news has manipulated readers.
This is called “Monitoring By Walking Around” i.e. MBWA. This is a good strategy to monitor works to be implemented. However to me, there is no any Work Plan or Implementation Strategy except a Vision in political speeches / statements. Without any Mission, no point having these MBWAs.
President is showing he is capable of doing petty things such as auditing a government office. Instead he should focus on resolving bigger issues facing the country such as lack of foreign exchange, food crisis, power crisis etc
this is worst ever democratically elected insensible leader of a country. our politicians can top the Guinness world record for the stupidity and frauds and human right violations. this type of show offs will not do anything to the biggest ever issue that we have resolve. the leaders have forgotten about saving our innocent people from misery instead trying find a way to retain or sustain their power. that is why they are trying to extend their tenure without people mandate. they have already that with local government. if good governance come to power they should annul those provisions in the constitution like extending term of any governing body except in crisis situation like Tsunami or any unforeseen disaster.
නොදකින් දන්දිනා ලොක්කි ජාතක කල රටම කාපු , අවලම්, ඔටිසම් මැටි මෝලා….👎👎👎
hw is capable of doing this type of thing only
HIS CAPASITY IS DEMONSTRATWD BY THIS ACT