ජනපති ගෝටාභය අනගාරික ධර්මපාලතුමන්ගේ පුනරුප්පත්තියයි..- බානගල උපතිස්ස හිමි

September 17, 2020 at 10:31 pm | lanka C news
ජනපති ගෝටාභය අනගාරික ධර්මපාලතුමන්ගේ පුනරුප්පත්තියයි..- බානගල උපතිස්ස හිමි

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වැනි ජන්ම සංවත්සරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරේ.

සැමරුම් උත්සවය අද (17) මාළිගාකන්ද මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ දී පැවැත්විණ.

විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් විසින් පිළිගනු ලැබීය.

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිතුමා “දම්පල් චින්තාවලියට” ගෞරව පිණිස දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යාංශය අද ආරම්භ කළ “සුව ධරණි” හෙළ ඔසු සංරක්ෂණ ව්‍යාපෘතිය සනිටුහන් කරමින් රත් සඳුන් පැළයක් රෝපණය කළේය.

අග්‍රශ්‍රාවක මහා විහාරයේ ධාතු මන්දිරය වැඳ ආශිර්වාද ලබා ගත් ජනාධිපතිතුමා ප්‍රධාන ශාලාවේ තැන්පත් කර ඇති ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට ද පුෂ්පෝපහාර දැක්වීය.

දේශීය චින්තනය මත පදනම්ව රට මෙහෙයවන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනගාරික ධර්මපාලතුමා ගත් ගමන් මග යන තමා දුටු එකම නායකයා යයි උත්සව සභාව ඇමතූ පූජ්‍ය බානගල උපතිස්ස හිමියෝ පැවසූහ.

මහබැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩි. ලක්ෂ්මන් මහතා රුපියල් 500ක අගයකින් යුත් ධර්මපාල අනුස්මරණ කාසිය ජනාධිපතිතුමාට පිළිගැන්වීය.

ධර්මපාලතුමාගේ ඥාතියෙකු වන සුධම්මික හේවාවිතාරණ මහතා ධර්මපාලතුමාගේ රුව සහිත සිහිවටනයක් ජනාධිපතිතුමා වෙත තිළිණ කළේය.

සංවත්සර උත්සවයට සහභාගී වනු පිණිස මෙරටට වැඩම කර සිටින වියට්නාම දූත පිරිසේ ප්‍රධානී බෝධි චිත්තා මෙහෙණින් වහන්සේට සහ මහාබෝධි පදනමේ ලේකම් ඩිල්ෂාන් ජයසූරිය මහතාට ජනාධිපතිතුමා අතින් තිළිණ ප්‍රදානය කරනු ලැබීය.

ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ පාලක සභික සහ අග්‍රශ්‍රාවක විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය මොණරාගල පඤ්ඤාලංකාර හිමියන්ගේ අනුශාකත්වයෙන් Peo TV 113 නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන Relax TV සේවාව ජනාධිපතිතුමා අතින් ආරම්භ කෙරිණ.

රැලේ බයිසිකල් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ජේ. පෙරුමාල් මහතා මහා බෝධි සමාගමට පරිත්‍යාග කළ, දේශීයව නිෂ්පාදිත පාපැදි 10ක් පූජ්‍ය බානගල හිමියෝ ජනාධිපතිතුමා වෙත භාර දුන්හ.

අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, දිනේෂ් ගුණවර්ධන, ජී.එල්. පීරිස් යන අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරුන් වන නාලක ගොඩහේවා, සිසිර ජයකොඩි, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

12,111 views

15 Comments to “ජනපති ගෝටාභය අනගාරික ධර්මපාලතුමන්ගේ පුනරුප්පත්තියයි..- බානගල උපතිස්ස හිමි”

  1. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    බානගල හාමුදුරැවොත් බලයට පත්වෙන හැම නායකයටම ස්ත්‍රෝත්‍ර ගායනා කරනවා. අනගාරික ධර්මපාල තුමා ගොඩනැගූ ඉන්දියාවෙි මහාබෝධි සමාගමෙන් ශ්‍රීලාංකිකයින්ට කිසිදු සේවයක් වෙන්නෙ නැහැ. දැනට ඉන්දියාවෙි ශ්‍රීලංකා තානාපති කාර්යාලයෙන් පාලනය වන දිල්ලි මහාබෝධි විශ්‍රාම ශාලාවත් රවි කරැණානායක අල්ලගෙන පවරගන්නයි බැලුවෙ. හරිගියේ නෑ.

    • Amdan says:

      බානගල හාමුදුරුවෝ එහෙම වදාරද්දී. අබයා රාමයේ නර්ස් හාමුදුරුවෝ කියන්නේ ධර්මපාල තුමාගේ පුනුරුප්පත්තිය මහින්ද මහත්තය කියල.

    • මතුගමයා says:

      දිල්ලියෙ තියන විශ්‍රාම ශාලාව මහාබෝධියට අයිති නෑ.එය ශ්‍රී ලංකා රජයේ මුදලින් ගොඩ නැගූ එකක්.පාලනය වන්නේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මගින්. ඕකට විදින්න හැදුව කට්ටිය යහපාලන කාලෙ.ඒක පිටිපස්සෙ බානගලත් හිටිය කියල තමා කියන්නෙ.මේ අය ගිහියන්ටත් වඩා අන්ත සුඛෝපභෝගී ජීවිත ගත කරන බිස්නස්කාරයො ටිකක් විතරයි.

    • Dikman Aiyya says:

      …..just hope they will not destroy GOTA inside out,….they have all now become fathers and the owners of this government and not the 6.9million voters…Lol

  2. Rasika says:

    Me kathaawa weradiyi. Ethumaa denata ekthara Raja paulaka kumaarayek washayen ipadee etha. Budun wahansege makkama pihiti siripathula thawa avurudu 38kata pamana pasu ethumaa bauddayanta labaadenu etha. Ethek kal jeewathwanna sudusu aya eya mathaka thabaagena sitinu.

  3. රට වෙනුවෙන් says:

    මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි

  4. දුටුගැමුණු says:

    ඒක නම් කීයටවත් වෙන්න පුලුවන් කමක් නෑ . අමූලික බොරුවක් . හිතට එන මනස්ගාත කියවන්න එපා. alois Anton fuhrer ධර්මපාල තුමා රවටා ජයීන දේවාලය බුද්ධගයාව කලා

  5. Jayani Thalwattage says:

    sadu sadu sadu…..

  6. වැඩිහිටියා says:

    වාසියට බොරුකියල ජනාධිපතිතුමාව අන්දවන්න එපා!

    • Araliya says:

      Aniwaryayenma. Meweni gon katha nisa Ghothabhaya mahaththayageth prathiroopaya nethi wenawa.

      Yuddhe iwara kalahama MR wath ohoma thamai murunga aththe thiyala rewattuwe.

  7. desta says:

    japannu rawatana tarmata apiwa rawatanna beha bano

  8. මමනම් කොයන්නෙ ගංජා නීතිගත කරමු කියල . මෙ බලපන් ඉතින්.

  9. eeya says:

    Onna onna bima inna miniha handata yawanna hadanawa🙄🙄🙄🙄🙄🙄🙄