ජනපති ගෝටාභය නව අදහස් එක් කරන දකුණු ආසියාවේ ප‍්‍රමුඛ නායකයෙක්..- ජපානය කියයි..

February 18, 2020 at 5:30 pm | lanka C news
ජනපති ගෝටාභය නව අදහස් එක් කරන දකුණු ආසියාවේ ප‍්‍රමුඛ නායකයෙක්..- ජපානය කියයි..

“ආසියාවේ අනාගතය” ගෝලීය සම්මන්ත්‍රණයේ දී නව අදහස් එක් කරන දකුණු ආසියාවේ ප්‍රමුඛ නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වය කැපී පෙනෙනු ඇතැයි ජපාන තානාපතිවරයා පවසයි.

මැයි 28 සහ 29 දෙදින  ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන “ආසියාවේ අනාගතය” ගෝලීය සම්මන්ත්‍රණයට ජනාධිපතිතුමා ඇරයුම් ලැබ සිටී.

ජනාධිපතිතුමාගේ  චාරිකාව සාර්ථක සහ ඵලදායී එකක් වනු ඇති බවට ජපාන රජය සහතික වන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා (AKIRA SUGIYAMA) මහතා (17) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවේ සඳහන් කළේය.

සම්මන්ත්‍රණයට ආසියා ශාන්තිකර කලාපයේ රජ්‍ය නායකයෝ, ව්‍යාපාරිකයෝ සහ බුද්ධිමත්හු සහභාගී වෙති.

සමෘද්ධිමත් කලාපයක් නිර්මාණය කිරීමේ අරමුණින් වාර්ෂිකව පැවැත්වෙන සම්මන්ත්‍රණය 1995 වර්ෂයේ දී ඇරඹිණ.

ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා සමග පැවැත්වෙන සාකච්ඡා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට ඉවහල් වනු ඇතැයි ද තානාපතිවරයා පැවසීය. ජපාන ව්‍යාපාරික ප්‍රජාව අතර හමුව ද ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් වනු ඇතැයි තානාපතිවරයා කීය.

ජාතික රූපවාහිනිය ඩිජිටල්කරණය, කොළඹ වරාය උතුරු පර්යන්තය සහ යෝජිත ස්වභාවික ද්‍රව වායු ව්‍යාපෘතිය පිළිබඳව ද  අද සාකච්ඡාවේදී අවධානය යොමු විය.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය

22,395 Viewers

7 Comments to “ජනපති ගෝටාභය නව අදහස් එක් කරන දකුණු ආසියාවේ ප‍්‍රමුඛ නායකයෙක්..- ජපානය කියයි..”

  1. Wijebahu says:

    where are those new ideas? only words. three months gone, nothing has done but COL is sky rocketed whole world knows SL is bankrupt.

    • Me says:

      Keep on crying 😢, loser.

    • Gamanayake says:

      Wijebahu idiot, 3% speaking, nothing else … !
      Wait and see,
      How can even a magician reverse the harm done by the last bank robber western bugger government
      We dont care since 1% is not sure for you next time …. !!!!

    • So, whose fault is for bankrupting ..??

      You don’t know that former ‘JADA PALANA’ leaders are responsible for bankrupting my motherland ??

      Its not done by this government or the present president . Still only 3months gone.

      Give them also a reasonable period.

  2. 🙏'ත්‍රස්ත-යුද්ධයක් දිනූ එකම ජාතිය'😊😊 says:

    ‘යකඩ හදවතක් ‘ ඇති ගෝඨාභය රාජපක්‍ෂ ගරු ජනාධිපතිතුමණි….
    ලොව ‘ත්‍රස්ත-යුද්ධයක් දිනූ එකම ජාතිය’ වන අප නියමුවාණෙනි…

    රටක් හැටියටත්… ජාතියක් හැටියටත්…අපි දිනන්න නම්…
    රටක් වශයෙන් දිනන්නට පාර කපන්නට දැන් සැරසෙමු…
    පක්‍ෂ දේශපාලනය අපට දැන් තිත්තම තිත්තය….
    මේ ක්‍රමය වෙනස් කොට….රට ගැන සිතන පිරිසක් බිහිවන…
    ක්‍රමවේදයක් අපට දායාද කිරිමට වෙහෙස වන ලෙසත් ….

    තුන්වැනි ලෝකයේ දියුණු වන රටක් යන ‘ලේබලය’ ගහගෙන …
    දියවන්නාවට පැමිණෙන අය පමණක්…
    “සැමදාම” එය ලොවට පෙන්වන..රටෙන් …..
    එම ලේබලය ගැලවීමට කටයුතු කළ යුතු කාළය එළඹ ඇත!!..

  3. 77 UNP says:

    මන්ත්‍රීකම විකුණන්නත් බැරිවෙනවා.

  4. 77 UNP says:

    මන්ත්‍රීකම විකුණන්නත් බැරිවෙනවා.

Main News