ජනපති-ගෝටා ඝාතන කුමන්ත්‍රණය CIDය සැන්ඩි කර යට ගහයි..
December 25, 2018 at 11:20 am | lanka C news
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ සත්‍ය යටපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් මෙහෙයුමක් දියත් කර ඇති අතර ඉදිරියේදී සියල්ල හෙළි කරන බව දූෂණ විරෝධී පෙරමුණේ අධ්යක්ෂ නාමල් කුමාර පැවසීය.
රටේ පළමු පුරවැසියා වන ජනාධිපතිවරයා ඝාතනයට කුමන්ත්‍රණයක් කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ පිළිබඳ විමර්ශනය අදක්ෂ හා මන්දගාමී අයුරින් කරගෙන යන්නේ ඒ නිසා බවද හෙතෙම සඳහන් කළේය.
රජයේ ඉහළම ආරක්ෂක අංශ ප්‍රධානියකු ඝාතනය කිරීමට තමන් කළ සැලසුමක් හොංකොංහිදී හඬපට පරීක්ෂාවේදී හෙළි වී ඇතැයි කියමින් එක්තරා වෙබ් අඩවියක ඉකුත්දා පුවතක් පළ වී තිබුණු බව කී නාමල් කුමාර මහතා මෙම පුවතෙන් විමර්ශන නිලධාරීන්ගේ යටි අරමුණ හොඳින් පැහැදිලි වන බවද කීය.
රහස් පොලිසිය කරන විමර්ශනයක තොරතුරු වෙබ් අඩවියකට ලැබුණේ කෙසේද යන්න පිළිබඳව බලධාරීන් වහා විමර්ශනයක් කළ යුතු බවද ඔහු පැවසීය.
තමන් කළැයි කියන ඝාතන සැලසුමට අදාළ උසස් ආරක්ෂක අංශ නිලධාරියා වන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා බවද ඔහු පැවසීය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පොලිස් විශේෂ කාර්ය බළකායෙන් ලතීෆ් මහතා පන්නා දැමීමට තමන් දරන ප්රයත්නය සමග කතා බහ කළ අවස්ථාවක හෙළි වූ බවද ඔහුගේ යටි අරමුණ දැන ගැනීම සඳහා සියල්ල පටිගත කරන අතරේ ලතීෆ් මහතා පිළිබඳ දිගින් දිගටම ඔහු කතා කළ බවද නාමල් කුමාර කීය. තමන් ඒ හඬපටය මුල්ම අවස්ථාවේ රහස් පොලිසියට භාරදුන් බවද ඒ මහතා පැවසීය.
ඒ පිළිබඳ හොංකොං නුවරට ගොස් හෙළි කර ගැනීමට දෙයක් නොමැති බවද ජනාධිපතිවරයා යටතේ පොලිසිය තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ අයුරින් කටයුතු කිරීම විශ්මයට කරුණක් බවද හෙතෙම අවධාරණය කළේය.
සමන් ගමගේ
– Divaina
This Namal Kumara should be the Director CID. (He is also a organizer for bakattuwa party)
this is no surprise when the Supreme Court acts one sidedly what the hek is CID
පොලිසිය ඇතුලේ තව පොලිසියක් !!!
පොලිසිය ඇතුලේ තව “රහස් පොලිසියක් ”
හිට්ලර්ගේ නාසි ජර්මනියෙත් මේ වගේ secret police එකක් තිබුනා ගෙස්ටාපෝ කියලා…දේශපාලන ඝාතන කරන්න,කොමියුනිස්ට්වරැ දඩයම් කරන්න.ලංකාවෙත් ගෙස්ටාපෝ පොලිසියක් ක්‍රියාත්මක වෙනවා.
The 1962 Ceylonese coup d’état attempt ,was a failed military coup planned in Sri Lanka(Ceylon). Several elite senior military and police officers planned to topple the government of Prime Minister Mrs Sirimavo Bandaranayake during the night of 27 January 1962. However, key leaders were arrested before the coup was carried out.
මාව මරන්න එනවෝ කිය කියා ඉනනේ නැතිව පොලිසියේ ඉහල පුටු මාරැවක් කරන්න හිටංට පණ නැද්ද?
අවසානයේදී ඕවාගේ කතාවක් තමයි කියන්න වෙන්නේ. මේක ඉන්දියානු කොපියකට ලංකාවේ හදපු ටෙලියක් වගේ
කවද හරි ඔය මිනිස්සු ටික මැරෙනකන්ම CID එක පරීක්ශණ කරාවි. රනිල් කියන පාපතරයා මුළු ලංකාවම විනාශ කරනකන් බලන් ඉන්න එක තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නෙ.
රනිල් රටවිනාශ කරේ කොහොමද?
Namal Kumara is a war hero, DIG Latif is no match for him.
policiya baara amathi kawda ? oya boruwa hariyanne naha.. vena recording ekel eliyata dhaanaa