ජනපති ඝාතන කුමන්ත්‍රණය තවමත්.. අලුත් ආණ්ඩුවෙන් පසු ජනපතිට දැවැන්ත ආරක්ෂක වලලු රැසක් යොදයි..
December 21, 2018 at 3:00 pm | lanka C news
අනුරාධපුර හරිස්චන්ද්‍ර මාවතේ පිහිටි උතුරු මැද පළාත් සභාවේ පැවැත් වූ පළාත් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා සහභාගි වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඊයේ (20දා) අති විශේෂ ආරක්ෂාවක් ලබාදීමට ප්‍රභූ ආරක්ෂක අංශ සමඟ සෙසු ආරක්ෂක අංශ පියවර ගෙන තිබිණි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති පදවියට පත්වීමෙන් පසුව අනුරාධපුර නගරයට පැමිණි අවස්ථාවක ලබාදී තිබූ විශාලතම ආරක්ෂාව මෙය බව වාර්තා විය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අනුරාධපුර හරිස්චන්ද්‍ර මාවතේ පිහිටි උතුරු මැද පළාත් සභා පරිශ්‍රයට ඊයේ (20දා) උදෑසන පැමිණීමට නියමිතව තිබුණත් නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම නිසා පැමිණියේ ප්‍රමාද වීය. ජනාධිපතිවරයා පසුගිය කාලය පුරාම අනුරාධපුර නගරයට පැමිණියත් ඒ මහතාට විශාල ආරක්ෂාවක් ලබාගෙන නොතිබූ අතර ඒ මහතාව ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් ඇති බව සැලවීමත් සමඟ ප්‍රභූ ආරක්ෂක අංශය හා සෙසු ආරක්ෂක අංශ ආරක්ෂාව දැඩි කරන්නට ඇති බවට විශ්වාස කළ හැකිය.
ඊයේ (20දා) උදෑසන ඒ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයකින් අනුරාධපුර නගරයට පැමිණීමට නියමිතව තිබූ අතර හෙලිකොප්ටරය ගොඩ බැස්සවීමට සූදානම් කර තිබූ ස්ථාන කිහිපයක්ම පැය කිහිපයක් තුළ වෙනස් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණු බව අනාවරණය විය.
ප්‍රභූ හෙලිකොප්ටර් ගොඩ බැස්සවීමට සූදානම් කර තිබූ අක්කර අට ප්‍රදේශය ජනාධිපති මන්දිරයේ පිහිටි ගොඩබෑමේ ස්ථානය ඇතුළු ස්ථානයන්හි හෙලිකොප්ටරය ගොඩ බැස්සවීමට සූදානම් කර තිබුණත් එම ස්ථානවල ගොඩබෑම සිදුනොකර අනුරාධපුර ගුවන් හමුදා මූලික කඳවුරු ගුවන් පථයේ යානය ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබූ බව වාර්තාවිය.
අනුරාධපුර නගරයේ විශේෂිත ස්ථානයන්හි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හා අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් යොදවා තිබූ අතර ප්‍රභූ ආරක්ෂක පොලිස් කණ්ඩායම් අනුරාධපුර පිහිටි පළාත් සභා ගොඩනැඟිල්ල වටා පිහිටි උස් ගොඩනැඟිලිවල සිට නගරය පිළිබඳව නිරීක්ෂණය කරමින් ජනාධිපතිවරයාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට කටයුතු මෙහෙයවනු ලැබීය.
– mawbima
The threat to president’s life is real. The White Christian Western Imperialists, their stooges here and the Eelamists are hell bent to see their stooge Ranil Wickramasinhe becomes the president eliminating president Sirisena in order to archive their ulterior motives!
මෙහෙදි විතරක් නෙමෙයි පිටරටදිත් ඔබතුමාට බොහොම ප්‍රවේසම් වෙන්න වේවි. මොකද මෙහේ unp රූකඩයින්ට සහය දෙන බටහිර බලවේග වලට කුපාඩි වැඩ කරලා හොඳට හුරුයි. ඔබතුමා ප්‍රවේසම් වෙන්න. වහා කුමන්ත්‍රණ කාරයින් අල්ලා කූඩුකර උන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කර දමන්න.
Mama nam hithanne Ranil agamathikame innakan Janadhipathi thuma videsha sancharawalin saha guwan gaman walin valakena eka hondai.
Batahirata avanatha nathi nayakayinwa guwan anathuru walin vinasha karapu avastha thibila thiyenawa.
Anek krama vage newei guwan anathurakin guwan yanayak muhudata vattuwama ekata hethuwa thiya vatichcha yanayawath hoya ganna eka lesi ne.
Janadhipathi thumage jeewithaya matha thamai me welawe me rate sinhala bauddayage iranama theeranaya wenne.
Janadhipathi thumath e gana visheshayenma hithanna one.
හොං කොං ගිය කාංඩෙ අර සැල්පෝන් එකේ මකාදාල තිවුන සාකච්චාවක් දෙකක් මතුකොරං තියන හැඩයි
හක හක හක. නාමල් කුමාර පොහොට්ටුවෙන් ජන්දෙ ඉල්ලන්න ගියා වගේ මතකයි..
ජනාධිපති තුමා ආරක්ෂක අමාත්‍යංශය දිගටම තියා ගන්න ඕනෑ.
Garadi marala paw puroganna un innawada
pl. take all security measures as still there could be a threat Mr. president.
Kolapaata pakse samanallu wage aya thamai geradi maranne