විහිළුවෙන් ඇස් රතුවෙයි.. ජනපති ඝාතන කුමන්ත‍්‍රණ චෝදනාවෙන් ඉන්දියාව කිපේ.. වහා මැදිහත් වෙයි.. පරීක්‍ෂණ අරඹයි..

October 19, 2018 at 9:20 am | lanka C news
විහිළුවෙන් ඇස් රතුවෙයි.. ජනපති ඝාතන කුමන්ත‍්‍රණ චෝදනාවෙන් ඉන්දියාව කිපේ.. වහා මැදිහත් වෙයි.. පරීක්‍ෂණ අරඹයි..

ඉන්දීය රෝ ඔත්තු සේවය විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ උත්සාහයක සිටින්නේ යයි වූ ප‍්‍රකාශයන් සම්බන්දයෙන් ඉන්දීය රජය විසින් වැඩි දුර පරීක්‍ෂණ කිරීමට තීරණව කර ඇත.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් තව දුරටත් තොරතුරු විමසීම සදහා අවශ්‍ය බවට ඉන්දීය ආරක්‍ෂක බලධාරීන් විසින් ශ‍්‍රී ලංකාවෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් මෙම ඉල්ලීම කර ඇත්තේ අගමැති කාර්යාලයෙන් හා විදේශ කටයුතු අමාත්‍යංශයෙනි.

17 වනදා පස්වරුවේදී මෙම ඉල්ලීම නිල වශයෙන් සිදු කර ඇති බවටද වාර්තා වෙයි.

85 views