ජනපති-චීන ජනපති සංවාදයේ වූ දේ මෙන්න.. පෝට් සිටිය, හම්බන්තොට වරාය සිහිකරයි..
March 30, 2021 at 11:20 am | lanka C news
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ චීන ජනාධිපති ෂී ජිං පින් මැතිතුමා ඊයේ (29) සවස දුරකථන සංවාදයක නිරත වෙමින් සෑම ක්ෂේත්රයකම අන්‍යෝන්‍ය ප්රතිලාභ සහිත ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමක් කොට වර්ධනය කිරීමට එකඟත්වය පළ කළහ.
ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට දිගටම උදව් කරන බවත්, බහුපාර්ශ්වික වේදිකාවලදී මුහුණපෑමට සිදුවන අයුක්තිසහගත බලපෑම් හමුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්ථීර සාර ලෙස පෙනී සිටින බවත් චීන ජනාධිපතිතුමා කියා සිටියේය.
ජනාධිපති කාර්යාලයේ සිට චීන නායකයා ඇමතූ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා නොබෝදා අවසන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට දුන් මහඟු සහයෝගය පිළිබඳව ෂී ජිං පින් ජනාධිපතිතුමාට සහ චීන රජයට සිය හෘදයාංගම කෘතඥතාව පළ කළේය. කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා හය ලක්ෂයක් ශ්‍රී ලංකාවට ප්රදානය කිරීම ගැන ද ජනාධිපතිතුමාගේ ස්තූතිය පුද කෙරිණ.
ළඟදී උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්දට සුබ පැතුම් පුද කරමින් කථා බහට එක් වූ චීන නායකයා කොවිඩ් 19 ප්‍රබල අභියෝගයක් වූවා සේම චීන ශ්‍රී ලංකා සබඳතා නව අවධියකට ඔසවා තැබීමට එය ඉවහල් විණැයි සඳහන් කළේය.
“කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට දායකවීමට විශාල විභවතාවක් ඇති ව්‍යාපෘති දෙකක්. ඒවා කඩිනමින් නිම වනු දැකීම අපේ අපේක්ෂාව. වරාය නගරය, විදේශ ආයෝජන ඉඩ ප්රස්ථා විශාල ලෙස පුළුල් කිරීමට සමත්. එය රැකියා විරහිතභාවයටත් විසඳුමක්” චීන ජනාධිපතිතුමා කීය.
හම්බන්තොට වරාය සහ සෙසු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සතුටුදායක ලෙස ඉදිරියට යමින් තිබෙන බව සඳහන් කළ රාජපක්ෂ මැතිතුමා ව්‍යාපෘතියේ ඉතිරි වැඩ කඩිනමින් සම්පූර්ණ කරන්නැයි චීන රජයෙන් ඉල්ලා සිටියේය.
සිය ධූර කාලයේ ඉතිරි සිව් වසර ඇතුළත ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය සහ සමෘද්ධිය උදෙසා කළයුතු දේ කිරීම සිය අපේක්ෂාව බව කී රාජපක්ෂ මැතිතුමා . “දිළිඳුකම තුරන් කිරීම අපේ ප්‍රධාන පරමාර්ථයක්. ඒ සඳහා අපට චීනය ආදර්ශයට ගන්න පිළිවන්” යයි පැවසීය.
ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව පිටුදැකීම සඳහා උදව් කිරීමට කැමැත්ත පළ කළ චීන නායකයා ගත වූ වසර කිහිපය තුළ තම රටේ අනූ ලක්ෂයක් දෙනා දිළිඳුකමින් ඉවතට ගැනීමට හැකි විණැයි කීය.
තමා 2014 දී ශ්‍රී ලංකාවේ කළ චාරිකාව සිහිපත් කළ ෂී ජිං පින් මැතිතුමා, රාජපක්ෂ ජනාධිපතිතුමා චාරිකාවක් සඳහා හැකි ඉක්මණින් චීනයට එනු දැකීමට තමා මහත් කැමැත්තෙන් පසුවන බව සඳහන් කළේය.
සැලසුම් කළ පරිදි චීනයේ චාරිකා කිරීමට කොවිඩ් වසංගතය නිසා නොහැකි වූ බව කී රාජපක්ෂ ජනාධිපතිතුමා දෙපාර්ශ්වයටම පහසු අවස්ථාවක චීනයට පැමිණීමට අපේක්ෂා කරන බව පැවසීය.
– ජනාධිපති මාධ්‍ය ඒකකය
eaa kiyanne ranil wikunapu waraya untama denaawa.. aawe kohomada s
සැමදා චිනය ශ්‍රීලකාවේ අවංක මිතුරා…!
සොරසතුරන්ගේ පිඩාකාරී අවස්ථාවලදි සැබෑ මිතුරන් කිසිදා තනිකර නොදමයි..! වංචනිකලෙස නොදැක්කාසේ අහකබලා නොසිටියි ව්‍යාඡ හෙතුකාරණා පෙන්වමින් කර නොඅරී, මිතුරන් කිසිදා උපක්‍රමශීලිව සතුරන් නිර්මාණය නොකරයි , මිතුරාව අඩපනකොට ග්රහනයට නොගනී ”සතුරන් සමග ඵකතුවි ප්‍රහාර සැලසුම්කර ‘කපටි ආරකෂකයා’ගේ චරිතය රගදක්වමින් වංචනික ලෙස නොහැසිරෙනුද ඇත..!
සියඵ විරැද්ධවාදීන්ගේ සාම්ප්‍රදායක වහසිබස් පරිභව ව්‍යාඡ මුලාකිරිම් වලට අසු නොවි ”නය උගුල යන වචනය සතුරන් විසින් නිර්මාණයකරනලද ”චින ශ්‍රීලංකා” මිතුදම පඵදු කිරිමට භාවිතාකරණ කූට උපක්‍රමයක් බවද අවභෝධකරගනිමින්
ශ්‍රී ලංකාව බුද්ධිමත්ව අනාගත සැළසුම් සකස්කලයුතුයි..!
සැමදා චිනය ශ්‍රීලකාවේ අවංක මිතුරා…!