ජනපති ඡන්දය ගන්න දෙමල ජනතාවට දුන් පොරොන්දු ඉටු කල යුතුයි.. එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතූ ප‍්‍රකාශයට අපි විරැද්දයි..

October 1, 2018 at 11:20 am | lanka C news
ජනපති ඡන්දය ගන්න දෙමල ජනතාවට දුන් පොරොන්දු ඉටු කල යුතුයි.. එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතූ ප‍්‍රකාශයට අපි විරැද්දයි..

එක්සත් ජාතීන්ගේ 73 මහා මණ්ඩලය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද කතාව දෙමළ ජනතාවට ජාත්‍යන්තරයට දුන් පොරොන්දු කඩ කිරීමක් බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රශ්න තමන්ටම විසඳාගන්නා බවත් එයට ජාත්‍යන්තර මැදිහත් නොවන ලෙසත් ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය තමන් පිළිනොගන්නා බවයි.

ජනාධිපතිවරයා ද එම ස්ථානය කඩිනමින් වෙනස් කර ගත යුතු යැයි ද ඔහු සඳහන් කරයි.

2015 වසරේ දී ශ්‍රී ලංකා රජයද සම අනුග්‍රහය සහිතව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් අනුමත කරනු ලබන 30-1 යෝජනාව අනුව යුද අපරාධ මානව හිමිකම් ආදී කාරණා ගැන ජාත්‍යන්තර මැදිහත්වීම මත විමර්ශනය කිරීමට ලක් රජය එකඟතාවය පළ කළ බව ද ඔහු කියා සිටී.

යෝජනාව සම්මත වී වසරකට පසුව ජනාධිපතිවරයා දෙමළ ජනතාවට දුන් පොරොන්දු ඉටු කළයුතු බවත් එම පොරොන්දුව අනුව තම ජනතාවගේ විශ්වාසයක් ඔහුට එදා ඡන්දය දුන් බවත් නව ව්‍යවස්ථාව ගෙන එන කාර්යයට ජනාධිපතිවරයා මූලික විය යුතු බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එමෙන්ම වගවීමේ කාර්යයේදී ජාත්‍යන්තරයට දෙන ලද පොරොන්දු කඩ නොකළ යුතු බවත් ඒ සඳහා ඔහුට ආත්ම ශක්තිය ලැබෙන්නැයි ප්‍රාර්ථනා කරන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

25 views

10 Comments to “ජනපති ඡන්දය ගන්න දෙමල ජනතාවට දුන් පොරොන්දු ඉටු කල යුතුයි.. එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතූ ප‍්‍රකාශයට අපි විරැද්දයි..”

  1. බන්ඩා says:

    Mr. Sumanthiran, Why not publish the list that Sirisena is said to have promised the Tamil people.

  2. RW says:

    ව්‍යවස්ථාව ගෙන එන කාර්යයට රතු අලි පැටියගේ සහයෝගය ලැබෙන බව ඉස්තිරියී

  3. LION voice says:

    brapathi gamaraala ranil parayo.. parayah eelam ballo samaga palayan umbay ratata tamil naduwata..wahama……LTTE balu gang GET LOST NOW to tamil nadu…….

  4. Sadda says:

    අනේ දෙමල රාලහාමි උඹල දෙමල මිනිස්සුන්ට මොනා හරි කියලා ශේප් කරපන්. ඔවා කාපු බීපු වේලාවට කියන කතා. ගනන් ගන්න එපා. ආයෙත් චන්දෙ එනකන් ඔහොම යන්. අවුරුදු 30කුත් ඕකනේ උනේ.

    • sara says:

      aniwa…. aniwa….

    • Samuvel says:

      කාපු බීපු වේලාවට පුන්චි විහිලුවක් කෙරුවට .. රාලහාමිලා වගේ අය… ගනන් ගන්නේ ඇයිද සුලු දෙය…..

  5. Nimal Tissa Wijethunga says:

    Sumanthiran,

    If you are telling the truth, you can list out the promises given by the current resident of Sri Lanka.

  6. Nimal Tissa Wijethunga says:

    Sumanthiran,

    If you are telling the truth, you can list out the promises given by the current resident of Sri Lanka to Tamil Diaspora..

    • john the baptice says:

      Sumanthiran, Who are you ? Shut your tiger mouth and get lost
      Why do Tamils want to create a separate state in Sri Lanka called ‘Tamil Eelam’, instead of fighting for independence in Tamil Nadu?”
      NO Tamil nation in Srilanka ..Tamils are minority people .. What the hell you taking about ?
      If you need separate Eelam state go back to Tamil Nadu ,Tamil home land ..This is SINHALESE MOTHERLAND

  7. LION says:

    උබලව දුන්කොල ගස්වලට වතුර දාන්න ගෙනාපු සුද්දන් උබලට දුන් පොරොන්දු ගැන ඉස්සල්ලා අහපල්ලා

Main News