ජනපති ජයගනී.. කතානායක සැගවී මගහරී.. අගමැති-ආණ්ඩුව පිලිගනිමින් අද පාර්ලිමේන්තුව පුරුදු පාරේ..

November 19, 2018 at 2:10 pm | lanka C news
ජනපති ජයගනී.. කතානායක සැගවී මගහරී.. අගමැති-ආණ්ඩුව පිලිගනිමින් අද පාර්ලිමේන්තුව පුරුදු පාරේ..

අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමත් සමග එහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දුන් උපදෙස් අනුව ක්‍රියාකාරී වන බවක් පෙනෙන්නට තිබිණි.

ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු තේරීම් කමිටු නම් කර ගනිමින් වැඩ කටයුතු ආරම්භ කරන ලෙද නියෝජ්‍ය කතානායකවරයා සභාවට දැන්විය.

මුලින්ම පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව සඳහා යෝජිත නම් මහ ලේකම්වරයා වෙත දන්වන ලෙස ඔහු විසින් දන්වනු ලැබීය.

ඊයේ පස්වරුවේ පැවති පක්ෂ නායක හමුවේදී ජනාධිපතිවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ කටයුතු විධිමත් ආකාරයෙන් සිදු කර විශ්වාසභංග යෝජනාවද ඒ ඔස්සේ ගෙන එන ලෙසයි.

තමන් පාර්ලිමේන්තුවේ හිටපු සභානායකයෙකු වූ බැවින් එහි කටයුතු ගැන මනා අවබෝධයක් ඇති බවද ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ පැවති පක්ෂ නායක හමුවට සඳහන් කර ඇත.

මෙම තත්වය මත පාර්ලිමේන්තුව අද දිනයේ යම් සාධනීය තත්වයකට පැමිණ තිබූ අතර විධිමත් ක්‍රමය යටතේ එහි කාරක සභා ස්ථාපිත කරමින් ආණ්ඩුවක් ඇති බව පිළි ගනිමින් කටයුතු සිදුවන බවක් පෙනෙන්නට තිබිනි.

ඊයේ දිනයේ පක්ෂ නායක හමුවට නොපැමිණි ජනතා විමුක්ති පෙරමුණ සහ කතානායකවරයා මෙම සාධනීය තත්ත්වය කඩාකප්පල් කරන ආකාරය පෙනෙන්න තිබෙන බව ආණ්ඩු පක්ෂය විසින් චෝදනා එල්ල කරයි.

මේ අතර අද දිනයේ පාර්ලිමේන්තුවේ සාමකාමීව හැසිරීම ගැන ජනාධිපතිවරයා විසින් සියළු මන්ත‍්‍රිවරුනට ස්තුතිය පල කර තිබේ.

40 views

22 Comments to “ජනපති ජයගනී.. කතානායක සැගවී මගහරී.. අගමැති-ආණ්ඩුව පිලිගනිමින් අද පාර්ලිමේන්තුව පුරුදු පාරේ..”

  1. චන්දදායක says:

    ආර්තික සංවර්ධන, ආරක්ශක. මාධ්‍ය, අධිකරන, වෙලද වැනි ප්‍රධාන අමාත්‍යංෂ ජනාධිපති තුමා වෙත තබා  ගෙන මීලග කාලපරිඡේදය රට පාලනය කල යුතුය

  2. Nim says:

    ” ALIWUNA RAHASA ”
    OBA KAWRU WUNATH MAMA
    AYA THARAYE ANUMATHA KARAMI.

  3. J Max says:

    Balapalla Doshabiyogeth Sadda Natuwa Maga Enawada Kiyala …
    Prajathantrawadi rataka oya putu thiyenna MaRa Tawath SiRa Tawath Balen Bukkithi windinna newei..

  4. david milibanda says:

    If the PM post is not given to Ranil and instead to another, Ranil loose the Party leadership as well.
    This is the reason Ranil is hanging on his supporters want nobody other than Ranil.
    Further, Ranil’s party leadership period has expired in September 2018.

    Ranil dan awalangu kasiyak.

  5. මෝඩ චූන්. කතානායක නිකුත්කරපු කිසිම තීන්දුවක් වෙනස්කරල නෑ. මේ කාරකසභාවල වැඩි බලය හොර ආණ්ඩුවට ඉල්ලල තියෙනවා පක්ෂ නායක රැස්වීමෙදි.කතානායක ඇතුලු අනිකුත් සියලු පක්ෂ ඊට විරුද්ධ වෙලා. පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රී අනුපාතයට තමයි නියෝජනය දෙන්නෙ.මොකද ආණ්ඩු පක්ෂයක් නොමැති නිසා.මේ කමෙන්ට් එක දාන එකක් නෑ.ඒත් ඇඩ්මින් ඉන්න උන් හරි දැනගනිල්ලා රටේ ඉන්නෙ තොපි කියන කියන බොරුව විශ්වාස කරන හරක් නෙවෙයි කියලා.

Main News