ජනපති තම නොහැකියාව වසාගැනීමට සමාජ මාධ්‍ය පලිහක් කරගෙනැයි චෝදනා…

May 13, 2019 at 4:40 pm | lanka C news
ජනපති තම නොහැකියාව වසාගැනීමට සමාජ මාධ්‍ය පලිහක් කරගෙනැයි චෝදනා…

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

“සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ උගත්කමින් අඩු සමාජය”තමාගේ නොහැකියාව වසාගැනීමට සමාජ මාධ්‍ය පලිහක් කරගත් ජනපතිගේ ප්‍රකාශය හෙලා දකිමු

ජනපති විසින් ඊයේ දින ජනමාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අප සමූහයේ අවධානය යොමුවූ අතර එතුමාගේ ප්‍රකාශයෙහි දැකගත හැකි වූයේ සමාජ මාධ්‍ය භාවිතා කරන බොහෝ පිරිසක් උගත්කමින් අඩු පිරිසක් බවය.

ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වශයෙන් අප සමූහය ජනපති විසින් සිදුකල එම ප්‍රකාශය තරයේ හෙලාදකින අතර අන්තර් ජාලය නොමිලයේ භාවිත කළ හැකි කලාප ප‍්‍රධාන නගර වල ඇති කිරීමට ‘මෛත‍්‍රී පාලනයක් – ස්ථාවර රටක්’ ප‍්‍රතිපත්තිය යටතේ කටයුතු කරන බව පවසමින් සමාජ මාධ්‍ය පරිශීලිකයන්ගේ වටිනා චන්දය ලබාගෙන බලයට පැමිණි පසු තමාව බලයට ගෙනආ සමාජ මාධ්‍ය පරිශීලකයන් දැන උගත්කමින් අඩු පුද්ගලයන් යැයි හංවඩු ගැසීම කෙතරම් සාධාරණ ක්‍රියාවක්දැයි අප සමූහය එතුමාගෙන් විමසීමට කැමැත්තෙමු.

එතුමාගේ දින 100 වැඩසටහනෙහි පොරොන්දුවූ පරිදි “ජන වර්ග අතර හෝ ආගම් අතර අසමගිය, වෛරය, ආගමික නායකයින්ට අපහාස වන අයුරින් ක්‍රියා කිරීම හෝ ප්‍රකාශ කිරීම වැළැක්වීම සඳහා නීතිමය හා සමාජමය ක්‍රියාමාර්ග ගැනීම” යන වගන්තිය ක්‍රියාවට නැංවීමට අපොහොසත් වීමෙහි වගකීම එතුමා භාරගතයුතු බවත් එතුමාගේ නොහැකියාවට සමාජ මාධ්‍ය ජාල අඩවි පලිහක් කරගෙන ජනතාව නොමග යැවීම වහාම නතරකලයුතු බවත් සමාජ මාධ්‍ය ඔස්සේ රජයට සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට නැගෙන දැඩි විරෝධය මැඩලීමට සමාජ මාධ්‍ය ගිණුම්/සමූහ/පිටු වාරණයට ලක් කිරීමට සමාජ මාධ්‍ය ආයතන වලට පැවසීම වහාම නතරකල යුතු බවත් එතුමාට ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස අප ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමු.

තවද සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන අසත්‍ය තොරතුරු බෙදාහරිනු ලබන්නේ සාමාන්‍ය සමාජ මාධ්‍ය පරිශීලකයන් නොව යම් කුඩා සංවිධානාත්මක පිරිසක් විසින් බවත් එම නිසා සමස්ත සමාජ මාධ්‍ය පරිශීලකයන් සියල්ලටම චෝදනා එල්ල කරනවා වෙනුවට අදාළ පුද්ගලයන්ට තරාතිරම නොබලා පවතින නීති ප්‍රතිපාදන යටතේ දඩුවම් ලබාදෙන ලෙසත් එතුමාගෙන් ඉල්ලා සිටින අතර සමාජ මාධ්‍ය වෙබ් අඩවි පිලිබදව එතුමා තුල පවතින වැරදි ආකල්ප ඉවත්කරගන්නා ලෙස අප එතුමාගෙන් ඉල්ලා සිටිමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

47,310 Viewers

6 Comments to “ජනපති තම නොහැකියාව වසාගැනීමට සමාජ මාධ්‍ය පලිහක් කරගෙනැයි චෝදනා…”

  1. saman says:

    Janadipathithumage kathawa eththaya. Samaja madya nisa ohu dun chandaya ma karana lada lokuma modakama bawa therum gannata wedi kalak giye netha. ohuta chandaya dunne modayan bawai ohu nokiya kiynne. eththa, apita eda molayak thibunananm me wede weradilawath karan ne.

  2. Shashika Gunathilakæ says:

    මාර උගත් මිනිහෙක්නෙ යකෝ කියල තියෙන්නෙ!

  3. Chanaka Bandarage says:

    සිරිල් මැතිව් මැතිතුමාගේ මී මුනුබුරෙක් සහ නන්ද මැතිව්ගේ ඥාති පුත්‍ර රත්නයක් වන රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මැතිතුමනි. ඔබට ජය ශ්‍රී!

  4. Sena says:

    check your self before checking others.

  5. Roshan says:

    ගමක් පාලනය කරන විදියට තමයි ඕකා රට පාලනය කරන්නේ… ග්‍රාම සේවක…..

Main News