ජනපති තවත් ලෙඩක් අදී.. තමන් ඉදිරි කැබිනට් හමු වර්ජනය කරන බව පවසා යන්න යයි..

April 3, 2019 at 10:40 am | lanka C news
ජනපති තවත් ලෙඩක් අදී.. තමන් ඉදිරි කැබිනට් හමු වර්ජනය කරන බව පවසා යන්න යයි..

මහජන උපයෝගිතා කොමිසම සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර මේ වනවිට ඇතිව තිබෙන අර්බුදය විසඳා ගන්නා තෙක් තමන් ඉදිරියේ කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී වන්නේ නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී පවසා තිබේ.

රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ විදුලි බල මණ්ඩලයට එරෙහිව මහජන උපයෝගිතා කොමිසම නඩු පැවරීම තමන් අනුමත නොකරන බවත් රජයේ ආයතනයක් විසින් තවත් රාජ්‍ය ආයතනයකට විරුද්ධව එසේ නඩු පැවරීම නොකළ යුත්තක් බවත් ය.

මෙම කටයුතු වලින් සිදුවන්නේ එම ආයතන පිරිහීම මෙන්ම පාරිභෝගිකයන් පීඩනයට පත් වීම බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

මහජන උපයෝගිතා කොමිසම ධ්‍යක්ෂ ජනරාල්ගේ කටයුතු ගැන ද ජනාධිපතිවරයා එහිදී දැඩිව විවේචනය කර තිබේ.

මෙම තත්වය හා විසඳාගත යුතුව ඇතැයිද ජනාධිපතිවරයා එහිදී තවදුරටත් ප්‍රකාශ කර ඇත.

37 views

8 Comments to “ජනපති තවත් ලෙඩක් අදී.. තමන් ඉදිරි කැබිනට් හමු වර්ජනය කරන බව පවසා යන්න යයි..”

  1. notherumkamata says:

    එතකොට සතොසට, රජයට අයත් හෝටල් වගේ ඒවාට විරුද්දව මහජන සෞඛ්‍ය පරීක්ෂක නඩු දන්නේ නැද්ද? ආයතන දෙක ම රජයේ ආයතන වුන ත්, පුද්ගලික වුන ත්, මහජනතාව පීඩවට පත්කරනව ද, නීතියට පිටින් යනව ද, ඊට විරුද්ද විය යුතුයි.

  2. Sadda says:

    ජනවාරි 8 විප්ලවයෙන් රටට උන විපත්තිය. ආඩි 7ත් දෙනාගේ කැද හැලියම තමා .

  3. chandapala says:

    බොරු විවේචන කව්රු රවට්ටන්නද?? . නායකයෙක් උනාම ප්‍රශ්න විසදනවා මිසක් වර්ජනය කොරල හිරියනවයි. ඔහොම කරන්ඩ ඉතින් රටකට නායකයෙක් මොකටෙයි ආයිබෝන් .

  4. Tikiri says:

    පැය 24 ක් විදුලිය දෙන්න බැරි රජය
    බස්නාහිර පලාතම සිංගප්පුරුවක් කරනවා කියන්ට මුන්ට ලැඡ්ඡා නැද්ද?

  5. Honestian says:

    මේ කාරණයට මැදිහත් වී ඔබගේ දූෂිත ඇමතිවරුන් සහ ආයතන ආරක්ෂා කිරීමට ජනාධිපතිතුමා ස්තුතිවන්ත වෙනවා.

  6. gonja says:

    rata kawa.

  7. Nana says:

    Its a good move by PUC. Its fishy President wants to involve. CEB is a den of corruption.

  8. Buddhist says:

    Janadhipathi hithanawada meka mihath ganith ekke thiyana randu wage kiyala? Jandhipathi thamai anduwe pradaniya ohuta thiranayak kranna bari nam thamage thanathuren us wela yanna eke ne thiyenne, Nikam chandikam pennanne nathuwa.

Main News