ජනපති තීන්දුවකට සැරසේ… රට සිට ආ සැනින් ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව, සන්ධාන විධායක සභාව කැදවයි..

October 9, 2018 at 3:50 pm | lanka C news
ජනපති තීන්දුවකට සැරසේ… රට සිට ආ සැනින් ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව, සන්ධාන විධායක සභාව කැදවයි..

විදෙස් සංචාරයක යෙදී සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙරටට පැමිණි වහාම ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාව හා එක්සත් ජනත නිදහස් සන්ධාන විධායක සභාව කැදවීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයා සීෂෙල්ස් රාජයයේ තෙදින නිල සංචාරයක් සදහා මෙරටින් පිටත්ව ගියේ ඊයේ දිනයේදීය.

හදිසියේ මෙම කැදවීම් කරනු ලබන්නේ වත්මන් දේශපාපන තත්වය හා ඉදිරියේදී ගන්නා ක‍්‍රියාමාර්ග ගැන සාකච්චා කිරීම සදාහායි.

පක්‍ෂයේ ඉදිරි සැලසුම් ගැන වාර්තාවක් ජනාධිපතිවරයා විසින් කැදවා ඇති අතර එම කමිටුවද හෙට දිනයේ රැුස්වීමට නියමිතය.

19 views
Main News