ජනපති ‘දැයට එළිය’ අරඹයි…

March 6, 2021 at 6:48 pm | lanka C news
ජනපති ‘දැයට එළිය’ අරඹයි…

විදුලි බල පහසුකම් නැති සියලුම ග්‍රාමීය නිවාසවලට විදුලිය සපයන “දැයට එළිය” වැඩසටහන අද (06) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ගිරිබාව, වේරගල ගම්මානයේ දී “ගම සමග පිළිසඳරට” සමගාමීව ආරම්භ කෙරිණ.

“දැයට එළිය” වැඩසටහන මගින් විදුලිය නැති සමෘද්ධිලාභී සහ සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටින සියලු අඩු අදායම් ලාභි ජනතාවට විදුලිය සැපයේ.

විදුලි බල මණ්ඩලය නොමිලයේ විදුලි බල සබඳතාව ලබා දෙයි. නිවස වයරින් කිරීමට සමෘද්ධි බැංකුව සහන පොලියට ණය පහසුකම් සැපයීමට සැලසුම් කර තිබේ.

මේ වසර අවසානයට පෙර හඳුනාගත් සියලු නිවාසවලට විදුලිය දීමට රජය අපේක්ෂා කරයි.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත්, සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

13,682 views

4 Comments to “ජනපති ‘දැයට එළිය’ අරඹයි…”

  1. ක්‍රිමිනල් says:

    ස ෆෙල්……………… මෙිවා බය්යෝ චුන් කරන බොරැ ෂෝ”’

  2. Kgs basnayake says:

    Very good initiative

  3. 😅😅😅😅😅😅🙏 says:

    ජනපති ‘දැයට එළිය’ අරඹයි කිව්වහම
    කනාමැදිරියොද තටු ගැසුවේ සතුටටම
    කුප්පි ලාම්පු පාඩමෙන් ජයගත් ලමයිම
    කීවා සේවය ගමට කැම්පස් පාස් වුනාම

  4. GAMINI SENANAYAKE says:

    ලයිට් දෙන්ඩ යන්නේ එකේ බරපැන ටික විදුලිබල මණ්ඩලයේටයි සමුද්දි බැංකුවටයි දාලා . විදුලි බල මණ්ඩලයේ පාඩු ලබන ආයතනයක්. ඕකට ඒ බර වැටුණට පස්සේ ඒ පාඩුව එකතු වෙන්නෙත් ලයිට් බිලට. ඒ කියන්නේ අන්තිමට ලයිට් ගත්ත එවුන්ටමයි. වයරින් කරන බඩු ටිකe බීල වැටෙන්නේ සමුර්දි බැංකුවට. ඒකට poළියකුත් ගත්තහම, ඒ ණය ගෙව්woth හොඳයi. නොගෙව්වොත් ඒ බර වැටෙන්නේ සමුද්දි බැංකුවල ඉන්න තැන්පත් කාරයෙක් ඇඟට. Connection charges විදුලිබල මණ්ඩලය ගන්නවා කියලා කියන එක මෝඩ තීන්දුවක්. සමුර්දි බැංකුවෙන් නya තීන්දු කරන්න ජනාධිපතිවරයෙක් ඕනද? ඒක බැංකුවටම පුළුවන්. අවදානම් බර තැබීමක් කරලා තීන්දුවක් ගන්ඩ. ඒක නිසා මේක බයියන්ta/මෝඩයින්ට හොඳයි.

Main News