ජනපති දියණියත් දුන් පොරොන්දු කඩයි..

October 2, 2016 at 9:20 am | lanka C news
ජනපති දියණියත් දුන් පොරොන්දු කඩයි..

ජනපති දියණි චතුරිකා සිරිසේන පසුගිය වසරේ සැප්තැම්බර් 5 දින රජයේ ඉහළම නිලධාරින්ද සමඟ පොලොන්නරුව දිස්ත්‍රික්යේ ජනතාවගේ අඩුපාඩු සොයා බලා කඩිනමින් ඒ සඳහා විසඳුම් ලබාදීමට ගමින් ගමට වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.

මෙහිදී ඇය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ ඇති මහවැලි අමාත්‍යාංශයේද නිලධාරින් සහභාගි කරවාගෙන පොලොන්නරුව වැලිකන්ද මහවැලි කලාපයේ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට කටයුතු කලේය.

මෙහිදී එහි වෙසෙන ජනතාවගේ මූලික ඉල්ලීමක් වූයේ අවම වශයෙන් තමන්ට පානිය ජලය ලබාදීමට කටයුතු කරන ලෙසයි. මේ සම්බන්ධයෙන් ඇය විසින් කරුණු දක්වමින් ජනතාවට ප්‍රකාශ කර සිටියේ තමන් එහි පැමිණියේ මෙවෙනි අහිංසක ජනතාවගේ ගැටලුවට විසඳුම් නව රජය යටතේ හැකි ඉක්මනින් ලබාදීමටත් එසේ නැතිනම් තමන් අනවශ්‍යය ප්‍රචාර ලබාගැනීමට නොවන බවත් තමගේ පියා රටේ ජනාධිපති බැවින් එතුමා වෙනුවෙන් දිස්ත්‍රික් ජනතාවට ඔහුනගේ සියලු ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත්ය.

එහෙත් මේ වනවිට ඇය විසින් ලබා දුන් එම මූලික පොරොන්දුවක් වූ එම ප්‍රදේශයේ ජනතාවගේ පානිය ජල ගැටලුවට වසරකට වඩා ගතවී ඇතත් තවම විසඳුම් ලැබී නැති අතර මේ දිනවල වැලිකන්ද ඇතුළු පොලොන්නරුව ජනතාව පවතින නියඟය සමඟ දැඩි පිඩාවත් පත්ව ඇති බැව් වාර්තා වේ.

පෙර පුවත් වාර්තාව මෙතනින්

44 views

16 Comments to “ජනපති දියණියත් දුන් පොරොන්දු කඩයි..”

  1. දිබුලාගල භද්දිය හිමි says:

    අනේ දෙවියනේ ඇයි අපි වගේ අහිංසක මිනිස්සු මෙච්චර රවට්ටන්නේ අපේ ජනාධිපති තුමනි,

  2. රතනයා says:

    දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච
    කීතෝ බවතූ ලෝකෝච රාජා බවතු ධම්මිකෝ,

    පාලකයින් දැහමින් රට පාලනය කරනවිට කලට වැසී වැසී රට ඉබේම ස්වයංපෝෂිත වනු ඇත,

    එබැවින් ඉතා දැහමි පාලකයෙක් රටේ නමට ඉදිද්දී, හැකි ඉක්මනින් තුන් බිය පහලවෙවා, සාධු…. සාධු……සාධු.

  3. ග්‍රාමාරක්ෂක says:

    වතුර ටිකක් දෙන්න බැරි වුන් කොහොමද අපේ මව් බිම ආරක්ෂා කර ගන්නේ,

Main News