ජනපති දියණිය චතුරිකාගේ ප්රචාරක ආයතනයට ක්රිකට් ආයතනයෙන් කෝටි හතරක්…
February 16, 2017 at 11:26 pm | lanka C news
ඕස්ටේ්රලියාවේදී පැවැති 20-20 ලෝක ශූරතා තරගාවලියට සහභාගී වීමට පිටත් වූ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට සුබ පැතීම වෙනුවෙන් තිලංග සුමතිපාල ශ්රී ලංකා ක්රිකට් සභාපති විසින් ජනාධිපති මෛත්රීපාල සිරිසේනද ගෙන්වා කොළඹ දී විශාල උත්සවයක් පැවැත්වූ බවත් එහි සංවිධානය ජනපති දියණි චතුරිකා සිරිසේනගේ ‘මීඩියා ගැන්’ ප්රචාරක ආයතනයට ලබා දී තිබූ බවත් එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කරයි.
මෙම උත්සවය වෙනුවෙන් ක්රිකට් ආයතනය රුපියල් කෝටි තුනහමාරකට ආසන්න මුදලක් ගෙවා දමා ඇති බවද වාර්තාවේ දැක්වෙයි.
එසේම මෑතකදී පැවති පළමු පෙළ අන්තර් සමාජ ක්රිකට් තරඟාවලිය ආරම්භය වෙනුවෙන් රුපියල් ලක්ෂ 40ක් එම ආයතතනයටම ගෙවා ඇති බව තව දුරටත් එහි දැක්වෙයි.
යොමුව මෙතනින්
පව්. පොළොන්නරුවෙ දුප්පත් උදවිය. එදා වේලට කීයක් හරි හම්බකරගන්න දීපල්ලා.
ඔන්න බලපල්ලා මුන් කාලා කාලා දවසක රට පනිනවා මුළු හත්මුතු පරම්පරාවම රට පනිනවා .මුන්ට හෙන ගහනවා .
පහුගිය දවස් ටිකට ලංකාවේ සිද්දවුනු සුළු වංචා කීපයක හැටි සහ ජනතා සේවයට ගොඩබාපු වාහන තොගයයි දැක්කම ඔය කියන කෝටි හතර , මිලියන් හතර මොන ගානක්ද මෙයා …බල්ලගේ පස්සේ මීය බැන්දේ ඌටම ලෙවකකා ඉන්න මිසක් අපිට කන්නද ?
api mecharakal hithuwe kovile kapuwage puthaa vitharai kiyala.
naraka ne mekath
Now heading for golden hores and labogini for DHAM, HELICOPTERS USE LIKE TAXI NOW BY this family
වෙන්න බෑ වෙන්න බෑ , දැන් තියෙන ගවපාලනයද මොකක්ද එක යටතේ, පවුලේ අයගේ බිස්නස් වලට රජයේ කිසිම අනුග්රහයක් නැහැ කියල ආප්ප කාලා තාච්චියේ රුන්නු එකෙක් සහ උගේ බත් බැලයන් රොත්තක්ම ප්රසිද්ධ වේදිකාවේ කියල තමයි අපේ චන්දෙ ගත්තේ. උන් කිවුවානේ නාමල්ගේ බිස්නස්, බැසිල්ගේ බිස්නස් අරවා මේවා සියල්ලට රජයෙන් අනුග්රහය ලැබුනා කියලා, හැබැයි මුන් එහෙම කරන්න නැහැ කියලා, අනික උන් කියපු හැම දෙයක්ම (හෙලිකොප්ටර්, ලම්බෝගිනි, රත්තරන් අස්සයෝ, බකිංහම් මාලිගා) දැනට ඇත්ත කියලා ඔප්පු වෙලා තියෙන හින්දා මේක සිද්ධ වෙන්න විදිහක් නෑ . මේක බොරු චෝදනාවක් වෙන්න ඕනේ.
Ithin ban api kohomada aththatama danne megollo paule udaviyada kiyala, ewa danne denna demahallone ithin
Do You expect them to do it free, its a cost any event management company will quote.
නෝනත් FCID එකට යන්න පාර හදාගන්නවා වගේ,
මෙයා හිතාගෙන ඉන්නේ තාත්තා හැම දාම බලේ කියලා. තාත්තා ගේ වැඩ නිසා ඔහෙලටත් ඉදිරියේදී සල්ලි ගැන හිත හිතා හුල්ල හුල්ල ඉන්න වෙන්නේ, පව් පල දෙන්නේ හත් මුතු පරම්පරාවට