ජනපති දියණිය චතුරිකා එජාප-ශ‍්‍රීලනිප එක්ව හංසයා ලකුණින් උතුරුමැද මහ ඇමති සටනට..?

April 10, 2017 at 10:00 pm | lanka C news
ජනපති දියණිය චතුරිකා එජාප-ශ‍්‍රීලනිප එක්ව හංසයා ලකුණින් උතුරුමැද මහ ඇමති සටනට..?

සම්මුති ආණ්ඩුව ඉදිරියටත් බෙදීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා ආණ්ඩුවේ පාර්ශවයන් දෙකම එක්ව පොදු ලකුණක් යටතේ තරග කළ යුතු බව ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකේ නායකත්වය ජාත්‍යන්තරය මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරින් විසින් දැනුවත් කොට ඇත.

එසේ නොවන්නේ නම් අනිවාර්යෙන්ම කිසිම අභියෝගයකින් තොරව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආශිර්වාදය මත ශ්‍රි ලංකා පොදු ජන පක්ෂය පොහොට්ටුවෙන් ජය ගන්නා බව පසුගිය කාලයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කොට මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරනවා කියා අනාවැකි පලකල පාර්ශවයන් විසින්ම අදාල කණ්ඩායම් දැනුවත් කොට ඇත.

එමෙන්ම සිදු වුවහොත් ඒය මේ සම්මුති ආණ්ඩුවේ අවසානය මෙන්ම ජනාධිපතිවරයාගේ සම්පූර්ණ බලය කඩාවැටිම ඒ හරහා ආරම්භ වන බවටත් දැනට මෛත්‍රී ජනාධිපතිවරයා වටා සිටින බොහෝ මැති ඇමතිවරුන් ඔහුව අතහැර යෑමේ අවධානම ගැනත් අනතුරු අගවා ඇත.

එබැවින් විශේෂයෙන්ම ජනාධිපතිවරයා නියෝජනය කරන පොලොන්නරුව දිස්ත්‍රික්ය ආණ්ඩුව ජයග්‍රහණය කිරීම සඳහා මෙන්ම උතුරු මැද පලාත් සභාවේ බලය පොහොට්ටුවට යෑම වැලක්වීමටත් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ශ්‍රිලනිප මෛත්‍රී කණ්ඩායමට හංසයාගෙන් තරග කල යුතු බවද අවධාරණය කෙරී ඇත.

එබැවින් ජනාධිපතිවරයා නියෝජනය කරමින් උතුරු මැද පලාත් සභාවේ මහ ඇමති අපේක්ෂිකාව ලෙස ජනාධිපති දියණිය චතුරිකා සිරිසේන ඉදිරිපත් කිරීමටත් ඇයගේ ජනප්‍රියත්වය මත පොහොට්ටුවේ මහ ඇමති අපේක්ෂක අනුරාධපුර පාර්ලිමේන්තු මන්ත්‍රී එච් එම් චන්ද්‍රසේන මහතාට අභියෝගයක් ඉදිරිපත් කිරිමට හැකි බව සාකච්චා කෙරෙමින් ඇති බව දේශපාලන උපුටා දක්වමින් අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර ඇත.

එසේ එකඟතාවයකට පක්ෂ දෙක එලබ ඇති බැවින් ඉදිරියේදී පැවත්විමට නියමිතව ඇති පලාත් සභා වන උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිරට අමතරව මධ්‍යම පලාත් සභාව ද විසුරුවාලමින් මෙම සැප්තැම්බර් මස අගට ප්‍රථම පලාත් සභා මැතිවරණයක් පවත්වා ආණ්ඩුවේ ජනප්‍රියත්වය උරාගා බැලිමට නියමිතය.

පසුගිය දා උතුරුමැද පලාතතුල මත්ද්‍රව්‍ය නිවාරන වැඩපිළිවෙළ හදුන්වා දෙමින් ජනාධිපති දියණිය චතුරිකා සිරිසේන මහත්මිය මුලාසනය හොබවමින් සිටින අවස්ථාවක් වර්තමාන මහ ඇමතිවරයා වන පේෂල ජයරත්ත මහතා ද එම රැස්වීමට සහභාගි වූ අවස්ථාවක් පහත වීඩියෝවෙන් දැකගත හැක.

– උපුටා ගැනීමකි

55 views

42 Comments to “ජනපති දියණිය චතුරිකා එජාප-ශ‍්‍රීලනිප එක්ව හංසයා ලකුණින් උතුරුමැද මහ ඇමති සටනට..?”

  1. gamarala says:

    meyata A.L netha sliit eke hiyiya wibaga fail yantham O.L janapathi karamu

  2. padasira says:

    පසුගිය දා පැවති වැලිකන්ද ප්‍රාදේශිය සම්බධිකරණ කමිටු රැස්වීමේදි එම ප්‍රදේශයේ පානිය ජල යෝජනා ක්‍රමයේ පවතින අඩුපාඩු සම්බන්ධව වැලිකන්ද ප්‍රාදේශිය මහා ලේකම් හර්ෂ බණ්ඩාර මහතා විසින් පෙන්වා දෙන ලදි.

    ඉන්පසු වැලිකන්ද ප්‍රාදේශිය මහා ලේකම් හර්ෂ බණ්ඩාර මහතා වෙත නිර්නාමික දුරකතන ඇමතුම් මගින් වැලිකන්ද පානිය ජල යෝජනා ක්‍රමයේ පවතින අඩුපාඩු සම්බන්ධව මින් ඉදිරියට කතා නොකරන ලෙසත්, ඒ සම්බන්ධව කතා කලොත් මරා දමන බවටත් මරණිය තර්ජන එල්ල කොට ඇත.

  3. saradiyel says:

    me රටේ යක්කුන්ගෙන් බේරන්න බෑ බන්. කොකා නෙ මම ළමයි හෆ්දන්නේ නැතුව සම ළින් ගික නිතී ගේන්නේ. අප්පට රට අප්පෙට දුන්න නපුංසකයෝ….දෝනිට රටෙන් 1/8 එක්ක කන්න දෙන්නන. අනික් බාගේ දෙකට බෙදලා ඌරන්ටයි .හරකුන්ටයි දෙනවා. කාටද ආඩම්බ්‍රා….ජයවේවා. ර්ට කමු අපි හැදෙමු.

  4. sarath says:

    Where are bloody JVP red elephants ?

  5. Lolla says:

    Puppet is a lier

  6. latha says:

    මේ වා පවුල් පාලන නෙවේ, අවුල් පාලන

  7. Dickie Bird says:

    Chathurika is not a member of the SLFP and the SLFP is not the private property of Sirisena.

    Chathurika can play around with the Hansa Poottuwa.

  8. gamarala says:

    sliit ekedee polonnaruwema kollek ekka ehe mehe giya

    EMA KOLLA DEN JEEWTHun atare NETHILU… MOKADA UNE EMA KOLLATA

    • IVOR says:

      When MS was the minister of Health in the former govt, he met with an accident and passed away mysteriously.

Main News