ජනපති දියණිය චතුරිකා දේශපාලනයට..? මින්නේරියන් සළු වෙන්න යයි..??
February 7, 2017 at 11:44 pm | lanka C news
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය චතුරිකා සිරිසේන මහත්මිය මින්නේරිය ශ්‍රීලනිප සංවිධායිකාව ලෙස දේශපාලනයට පිවිසීමට නියමිත බවට නිල නොවන ආරංචි මාර්ග කියා සිටී.
මෑතකදී සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වූ චන්ද්‍රසිරි සූරියආරච්චි මහතාගේ පුරප්පාඩුව වෙනුවෙන් ඇය පත් කරනු ඇති බවද එකී ආරංචි මාර්ග කියයි.
කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කලකට පෙර කියා සිටියේ තම පවුලේ කිසිවෙකුත් දේශපාලනයට පිවිසෙන්නේ නැති බවයි.