ජනපති ධුර කාලය ඇරඹෙන්නේ කවදාද.. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහන්න ලේඛණ සූදානම්.. ජනාධිපතිවරණය 2020 මැයි දක්වා කල් යන ලකුණු..

September 8, 2019 at 3:00 pm | lanka C news
ජනපති ධුර කාලය ඇරඹෙන්නේ කවදාද.. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහන්න ලේඛණ සූදානම්.. ජනාධිපතිවරණය 2020 මැයි දක්වා කල් යන ලකුණු..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය අවසන් වන්නේ කවදාදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීම සදහා වන ලේඛනය සකස් කර ඇති බව වාර්තා වෙයි.

නමුත් එම මත විමසුම කවදා සිදු කරන්නේදැයි මෙතෙක් තීරණය කර නැත.

පවති ව්‍යවස්ථාව අනුව ජනාධිපති ලෙස පත් වූ තමන්ගේ ධුර කාලය ආරම්භ වන්නේ 19 සංශෝධනයට කතානායක අත්සන් තැබූ 2015 මැයි 15 දාද යන ප‍්‍රශ්නයයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය පිලිගතහොත් ජනාධිපතිවරණය කැඳවීම සිදුවනු ඇත්තේ 2020 මැයි මාසයේදීය.

කෙසේ වෙතත් විපක්‍ෂය විසින් මතු කරන තර්කයක් වන්නේ කතානායකවරයා 19 වන සංශෝධනයට අත්සන් තැබුවේ අද දිනයේ නම් ජනාධිපතිවරයාගේ ධුර කාලය අද සිට වසර 05ක් වන්නේද යන්නයි. එසේ වුවහොත් ජනාධිපතිවරයා වසර 09ක කාලයක් ධුරය දැරිය හැකිව තිබූ බවද ඔවුන්ගේ මතයයි.

39,683 Viewers

6 Comments to “ජනපති ධුර කාලය ඇරඹෙන්නේ කවදාද.. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහන්න ලේඛණ සූදානම්.. ජනාධිපතිවරණය 2020 මැයි දක්වා කල් යන ලකුණු..”

  1. Love nature says:

    ආප්පේ රස තවම අමතක වෙලා නැහැ

    අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
    සිරිසේන ලැබේද ඔබට ඉන් සැනසීමක්?

  2. Saradiel says:

    තණ්හාව ඉවත් කළ නොහැකි සේම නිවනද ලබාගත නොහැකියි.

  3. Love nature says:

    අල්ලා ගැනීම හෙවත් ඇලීම තමයි සියලුම සත්ත්වයන් සංසාරයට බැඳ තබන්නේ.මවගෙත් පියාගෙත් සෛල දෙකක් එකතුවෙලා යුක්තානුවක් හැදුන මොහොතේම ඒක ගර්භාෂ බිත්තිය අල්ලා ගන්නවා.දැන් එතන එයාගේ වෙලා.මාස අටක් නමයක් යනකොට එයාට තවදුරටත් එතන ඉන්න ඉඩ මදි නිසා පිටතට එන්න වෙනවා.එහෙම එනකොට අඬාගෙන එන්නේ එයාගේ තැනින් වෙන් කළා කියලා.ඊට පස්සේ කොහොමහරි අලුත් තැනට හුරුවෙලා ඉන්නකොට මවු කිරි ලබා දෙනවා.ඊට පස්සේ ටික දවසක් යනකොට මවගේ පියවුර අල්ලාගන්නේ එකත් එයාගෙමයි කියලා.ඝණ ආහාර දෙන්න කිරි ලබාදීම නවත්වන්න හදනකොට එයාගේ අයිතියෙන් වෙන් කලා කියල අඬනවා.ඊට පස්සේ තොටිල්ල,මොන්ටිසෝරිය,පාසල,සරසවිය,බිරිඳ,ස්වාමියා,දරුවන්,මව,පියා,නිවස,මෝටර් රථය ,තනතුර,රස්සාව ඇතුළු මෙකී නොකී සියල්ලක්ම අල්ලා ගන්නේ ආපහු අත හරින්න බලාගෙන නෙවෙයි..මේ හැම තැනටම අපි මුල් දවසේ යන්නේ චකිතයකින්…ඒත් අවසන් දවසේ දාල එන්න බෑ කියලා අඬනවා.

  4. charles says:

    Common sesnse prevails. Should have Presidential Election before end of December 2019.

  5. Nandasoma Suriyaarachchi says:

    අවුරුදු 5ත් වැඩියි කියල කියපු කෙනා අද තව දවසක් හරි බලයේ ඉන්න උත්සාහ තරණව…..!

    ආප්පේ රස තවම අමතක වෙලා නැහැ

    අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
    සිරිසේන ලැබේද ඔබට ඉන් සැනසීමක්?

    එහෙම උනොත් මහින්ද මහත්තයටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකියි…..!!

    තවත් ප්‍රශ්ණ ගොඩාක් ඒත් එක්කම මතු වෙයි……!!!

    සේරටම වඩා, රට මුලුමනින්ම ඇමරිකාවට යටත් විජිතයක් වෙයි….!!!!

  6. ගොන් නාම්ඹා says:

    එහෙනම් ඉතින් රනිල් ලංකාවේ ඉතිරි සේරම මෙයා යන්න පෙර විකුණනවා. කරුණාකර ඔතනින් අයින් වෙනවාද? ජනපති කමට ඉල්ලන්නේත් එක සැරයයි කිව්වේ මෙයාමද?

Leave a Comment

Main News