ජනපති නැවතූ තැනින් ඉසුර පටන් ගනී.. එජාපය සුන්ඩල් වෙන්නම නෙලයි… එජාප සංහතියටම පස් පඩංගුවේ බැණ වදී.. [Video]

October 15, 2016 at 12:01 am | lanka C news
ජනපති නැවතූ තැනින් ඉසුර පටන් ගනී.. එජාපය සුන්ඩල් වෙන්නම නෙලයි… එජාප සංහතියටම පස් පඩංගුවේ බැණ වදී.. [Video]

ජාතික ආණ්ඩුව යයි කියමින් එක්සත් ජාතික පක්‍ෂයට  ඕනෑ විදිහට ශ‍්‍රීලනිප මැති ඇමතිවරැන්ට හිරිහැර කරන්ටන ඉඩ දෙන්නට පුළුවන්කමක් නැති බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

එජාපය විසින් FCID, CID  මෙහෙයවමින් ශ‍්‍රීලනිපයට හිරිහැර කරන්නට ඉඩ දෙන්නට බැරි බවද පවසන මහ ඇමතිවරයා 2000 වසරේ ආණ්ඩුවේදීත් එජාපය සිදු කලේ මිලේනියම් සිටි හරහා රණවිරැුවන් පාවා දීම යයිද පැවසීය.

ජනාධිපතිවරයා මීට එරෙහිව මැදිහත් වීම අගය කරන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

11 views

18 Comments to “ජනපති නැවතූ තැනින් ඉසුර පටන් ගනී.. එජාපය සුන්ඩල් වෙන්නම නෙලයි… එජාප සංහතියටම පස් පඩංගුවේ බැණ වදී.. [Video]”

  1. රිපෝටර් කොලුවා says:

    සිරිදාසගේ ඝර්ජනාව හෙවත් අදෝනාව

    බයිසිකලයේ නැගී හංදියට පැමිණි සිරිදාස, එය කාටත් පෙනෙන සේ කඩේ බිත්තියට හේත්තු කර කඩයට ගොඩවිය. සිරිදාස මහත් ආඩම්බරයෙන් පැද යන මේ බයිසිකලය අවුරුද්දකට එකහමාරකට පෙර ඔහුට ලැබුණු එකකි. එය කලින් අයිතිව තිබුනේ මහින්දරත්නට ය. සිරිදාස මෙම බයිසිකලය ලබා ගත්තේ රනිල් අප්පුගේ හා චන්ඩි අක්කාගේ උදව්වෙන් බව ගමේ කොයිකවුරුත් දන්නා වූ කාරනාවකි.

    බයිසිකලය ලැබුණු දා සිට සිරිදාස වැඩිපුර ගත කලේ පිට ගම් වලය. ඉඳහිට ගමට පැමිණෙන සිරිදාස කඩපිලේදී තමා ආගිය තැන් ගැන කියන්නේ මහත් උජාරුවෙනි. පිටගම් වලදී තමන්ව පිළිගන්නා ආකාරය ගැන මහා ඉහලින් වර්ණනා කරයි. වරක ඉහල ගමේ සුදු අත්තම්මා තමන්ගේ අතින් අල්ලාගෙන කතා කල ආකාරය ඔහු කියා පෑවෙ මහත් උජාරුවෙනි. ගමේ මිනිස්සු ඔහු ගැන එතරම් ගරුසරුවක් නොමැති වූ අතර, ඒ ගැන ඔහුගේ හිතේ කනස්සල්ලක් තිබුණු බව කතා බහෙන් පෙනුනි.

    මද වෙලාවකට පසු කඩෙන් එලියට පැමිණි සිරිදාස බිත්තියට හේත්තු කර තිබු තම බයිසිකලය නොමැති බව දැක වික්ෂිප්ත විය. කලබල වූ සිරිදාස මහත් ආවේගයෙන් එහෙ මෙහෙ දිව යන්නට විය. හන්දිය මැද සිටගත් සිරිදාස කාටත් ඇහෙන සේ මහා හඬින්…. ‘ එදා වෙච්ච සිද්ධිය ආයෙත් වෙන්න ඉඩ තියන්න එපා …. කවුද මගේ බයිසිකල ගත්තේ …. මම නරකයි කියන්න නම් එපා …එදා වෙච්ච සිද්දිය මෙතැන ආයෙත් වෙන්න ඉඩ තියන්න එපා ‘ යැයි මහා හඬින් පැවසීය. පෙනුමෙන් නොන්ජලයෙකු වූ සිරිදාස ගේ මෙම ඝර්ජනාව දෙස බැලුවේ මහත් විමතියෙනි. ඇඳසිටි සරම පැත්තකින් උස්සා ගත් සිරිදාස, පැත්තක් ඇදවුණු උරහිස කෙලින් කර, දබර ඇඟිල්ල ඔසවා රැස්ව සිටි පිරිස දෙස බැලුවේ මවා ගත් කෝපය දෙගුණ තෙගුණ කරමිනි.

    ‘මම නරක මිනිහා කියන්න එපා …..එදා වුනු සිද්ධිය ආයේ මෙතන වෙන්න දෙන්න එපා….මගේ බයිසිකලය ගත්ත එකා ආපහු දීපල්ලා ‘ යැයි ඝර්ජනා කරන සිරිදාස දැන් කඩපිලේ සිටින සියලුම දෙනාගේ අවධානය දිනා ඇත. දැන් සියලු දෙනාටම ඇති ප්‍රශ්නය නම් එදා සිරිදාසට වුවායැයි පවසන සිද්ධිය කුමක්ද යන්නයි.
    අද නම් සිරිදාස මෙතන හෙන ජංජාලයක් නටන බවත්, කීපදෙනෙකුට අත පය කඩා ගන්නට සිදු වෙන බවත් රැස්ව සිටි පිරිස අතර සිටි වැඩි දෙනෙකුගේ අදහස විය. මේ අතරේ සෙනග මැදින් ඉදිරිය පැමිණි රිපෝටර් කොලුවා ‘අනේ සිරිදාස අයියේ එදා උනේ මොකක්ද යි ‘ ඇසුවේ එය රැස්ව සිටි කාගේත් සිතේ ඇතිව තිබු එකම ප්‍රශ්නය එය වූ බැවිනි.
    කොලුවා දෙස එක එල්ලේ බැලූ සිරිදාස, එතෙක් කරමින් සිටි ඝර්ජනාව නවතා ඉහලට ඔසවා තිබු සරමද පහත හෙලා දණින් වැටි …බිම ඔලුව ගසා ගනිමින් මහා හඬින් වැලපෙමින් … ‘එදත් උනේ මේකමයි මල්ලියේ …මගේ බයිසිකලය මොකෙක්දෝ එකක් අරන් ගිහින් තිබ්බා …මම කොච්චර විලාප දුන්නත් ආයෙත් මට ලැබුනේ නෑ…. එදත් උනේ මම විලාපු දුන්නු එක විතරයි ‘ කියමින් අදෝනා නැගීය.

  2. Senaka says:

    President has bad name nowadays with people, this is seems to be he is going to gain goodwill again from MPs & peoples, thats why President only saying…..but never act. No.1 master mind.

  3. adikaram says:

    සිරිසේනට දෙනුඉ ඇහෙරිලා තියන්නේ රත්නපුර රැළියෙන් පස්සේ. මොකද දන්නවද SLFP එක ඊලග මැතිවරණයෙන් අනිවාර්ර්යේන්ම් පරාද වෙන බව දන්නහින්ද. ගොටාභය මහතයව හා අපේ අනෙකුත් රණවිරුවන්ව FCID , CID හා උසාවි හානේ අරගෙනගියේ අද ඉඉයේ නෙමෙඉනෙ. සිරිසේනගේ කුක්කල දෙන්නවත් (Fowzie හා jayaratne )මුන් FCID එකට දක්කුවනේ. එකට සිරාට සිරාවටම රිදිලා . මුන්දෙන්න ගැන කතාකරන්න ගියොත් සිරිසේනගේ හෙළුව පෙන්න හින්දා දෙන බොරුවට අපේ රණවිරුවන්ගේ පිටින් දාලා මුන්ව බේරගන්න හදනවා . දැනට SLFP එකේ වැටීම වල්ලක්වගන්න දාපු උප්පරවෙට්ටියක් .Joint Opposition එකේ සගයනි මේකාගේ මේ උප්පරවෙට්ටියට රෙවටෙන්න එපා . එහෙම උනොත් ඔයගොල්ලන්ත් යනෙනමන් නෙතිවෙනවා.

  4. NAK says:

    He had two reasons for what he did.
    First,he had to face the soldiers and their families who are very unhappy with the way things are turning out for them. So he had to show them that it was not him but Ranil who was responsible for the way the forces personnel are treated. So,he claimed total ignorance of every thing and seem to think he fooled them.
    Second, it looks like an apparent attempt at restoring at least some, if there ever was any, respect as he is very well aware how unpopular he is.
    Just look at the way people respond to MR and compared MS.
    He has blundered big time and it is going to be very hard to pay for them and sure will be very painful.

  5. NAK says:

    As for Isuru and the rst of ass lickers,that’s what they do best!

Main News