ජනපති නියෝජිතයා සාමග සාකච්ඡා සාර්ථකයි..

April 10, 2017 at 2:03 am | lanka C news
ජනපති නියෝජිතයා සාමග සාකච්ඡා සාර්ථකයි..

යතුරුපැදිකරුවන් විසින් පලදින හිස්වැසුම් සදහා වූ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ජනාධිපති නියෝජිතයා සමග පැවති සාකච්ඡා සාර්ථක බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිදේනය මෙසේය.

ජනමාධ්‍ය නිවේදනයයි

ජනපති නියෝජිතයා සාමග සාකච්ඡා සාර්ථකයි

පසුගිය පෙබරවාරි මස 23 වනදා නිකුත්වු 2007/39 දරණ ගැසට් නිවේදනයට යතුරුපැදිකරුවන් දැඩි විරෝධය එල්ල කෙරුවේය. පසුව අප ගරු ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ඉල්ලා සිටි අතර, පසුව එය ජනාධිපතිවරයා නියෝජනය කරමින් ගරු සාගල රත්නායක අමාත්‍යවරයාට එය පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කර තිබුනී. සාක්ඡාව සදහා සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයෙ මධ්‍යම හා භාහිර කමිටු සාමාජිකයින්, ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරින්, පොලිසියේ ඉහල නිලධාරින් හා මාර්ග ආර්ක්ෂාව පිලිබඳ ජාතික සභාවේ සභාපතිවරයා ද සහභාගි වුනී.

එම සාකච්ඡාව අරලියගහ මන්දිරයේදි පැවැත්වු අතර එහිදී පැහැදිලි වුයේ අදාළ ගැසට් නිවේදනය සංශෝධන කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය එකගත්වය ඇති බවත් ෆුල්ෆේස් තහනම් කරනා වගන්තිය ඉවත් කිරීමට එකග බවය. ඒ අනුව අප සංගමයෙන් ඉදිරිපත් වී ඇති අනෙක් හා යෝජනා සංශෝධන පිලිබඳව ඉදිරියෙදී අප සමග සාකච්ඡාවලින් අනතුරුව පමනක් නව ගැසට් නිවේදනයක් නිකුත්වන බවත්, එතෙක් දැනට පවතින ගැසට් නිවේදනයේ කරුණු ක්‍රියාත්මක නොකිරීමටත් සාකච්ඡාවේදී තීරණය කෙරුණි.

මොන වර්ගයේ හිස්වැසුමක් වුවත් එය පැළදීමට අවසර හිමිවිය යුත්තේ යතුපැදිය මතදී පමනක් බව ගරු ඇමතිවරයා ප්‍රකාශ කෙරුවේය. තවද, දැනට භාවිතා වන ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් භාවිතයෙන් ඉවත් කිරීමේදී එය යතුරුපැදිකරුවන්ට පීඩාවක් නොවන ආකාරයෙන් සිදුවිය යුතු බවද එතුමා වැඩි දුරටත් සදහන් කලෙය. ඒ ප්‍රකාශයන්ට අප සංගමය එකගත්වය පලකෙරුවේ අප ඉදිරිපත් කල ගැසට් යෝජනාවේද ඒවා සදහන් වූ කාරනාවක් බැවිනි. මේ අනුව සාකච්ඡාව සාර්ථකයි කියා වගකීමෙන් සදහන් කිරීමට කැමැත්තෙමි.

මෙයට,

චිරන්ත අමරසිංහ
ලේකම්
සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය

0 views
Main News