ජනපති නිවාස අධිකාරි කාර්යාලයට කඩා පනී..

September 24, 2020 at 6:26 am | lanka C news
ජනපති නිවාස අධිකාරි කාර්යාලයට කඩා පනී..

නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හදිසි නිරීක්ෂණයට ලක් වෙයි.

සේවා ලාභියෙකු කළ පැමිණිල්ලකට අනුව ජනාධිපතිතුමා 23 පස්වරුවේ කාර්යාලය වෙත ගියේය.

රාජකාරි අවශ්‍යතාවක් සඳහා අවස්ථා ගණනාවක දී පැමිණිය ද එය ඉටු කිරීමට නිලධාරීන් අපොහොසත්ව ඇති අතර කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන බව පවසමින් සේවා ඉටු නොකරන බව පැමිණිලිකාරිය සඳහන් කරයි.

කාර්යාලය අධීක්ෂණය කළ ජනාධිපතිතුමාට ප්‍රමාණවත් සේවක පිරිසක් එහි සිටින බව නිරීක්ෂණය විය.

සේවා ලබා ගැනීමට පැමිණි අබාධිත පුද්ගලයෙකු දැඩි අපහසුතාවට පත්වී සිටි අයුරු දුටු ජනාධිපතිතුමා ඔහුගේ අවශ්‍යතාව සහ තොරතුරු විමසීය.

මහජන අවශ්‍යතා කාර්යක්ෂමව හා නොපිරිහෙලා ඉටු කිරීම රාජ්‍ය සේවකයන්ගේ මූලික වගකීම බව කාර්ය මණ්ඩලය හමු වූ ජනාධිපතිතුමා අවධාරණය කළේය.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

38,009 views

27 Comments to “ජනපති නිවාස අධිකාරි කාර්යාලයට කඩා පනී..”

  1. SL says:

    කීල්ස් සුපර් .ෆුඩ් සිටි ගොඩ ගිහින්.සතොසට කෙලවෙලා තියෙන එකින්ම පෙනෙනව බහුතර රජයේ සෙවකයින් ගෙ කෙරුවාව

    • Darshana abayakoon says:

      නියමයි ස, මීඩියා අරන් ගිහිල්ල මුන්ව නැති කරල දාන්න ඔනේ. හැබැයි ඉතිම් කොප් එක ඉස්සරහට මීඩිය ගෙන්නල රජයේ සේවකයො අපහසුතාවට පත් කරන එක නම් වැරදියි. නැද්ද හා?

      • saman says:

        ජනාධිපතිතුමා සියලුම ආයතන වලට ගිහින් මේ විදිහටම කර්යක්ශම කරන්න ඕනේ. RMV කලා වගේම

    • ටිකිටි says:

      ඩෝසර් කඩාපනින්කෝ පාර්ලිමේන්තුවට..එතකොට හිතේවි වහාම එතන බුල්ඩෝසර් කරන්න.

    • Wimal says:

      යහපාලන නිවාස අමාත්‍යංශයේ සුරතලිය Director Planning at Urban Settlement Development Authority

      • rasika says:

        ආ යහපාලන සමයේ රජයේ වියදමින් කොන්ෆරන්ස් ට්‍රේනින් කියලා රට සාප්පු සවාරි කියක් ගියාද කියලා වහාම පරීක්ෂණයක් කරමු

        • දප්පුල says:

          මෙම අධිකාරියේ වැඩියෙන්ම ඉන්නෙ බූරුපුතානෝ සජිය නිවාස ඇමතිවෙලා ඉන්න කාලෙ පත්කරපු හෙංචයියල.

  2. ප්‍රේමනාත් says:

    මාධ්‍ය සංදර්ශන 😝 පොල් 100/= සීනි 135/=

  3. රටවැසි says:

    ඔළුව අත ගෑවටම මදි ජනාධිපති තුමෝ , තරමක ටොක්කක් නැතුව ගොඩ දාගන්න බැරි වෙයි . ඔය ඉන්නෙ අපේ අය නෙ . කණෙං රිංගාවි .

  4. අභේතිස්ස says:

    රට පත්ව ඇති තත්වය අතිශයින්ම කණගාටුයි! – රාජ්‍ය නිළධාරීන් කිසි කෙනෙක් හරියට වැඩ කරන්නැ! – ජනාධිපති තුමාටත් ආකාරයට වැඩ කරන්න සිදු වීම නොවිය යුතු දෙයක්, ඒත් එතුමා මෙහෙම හරි මේවා සෙයා බැලීම රට වැසියන් වු අපට විශාල අස් වැසිල්ලක්, රට ගැන පොඩි බලාපොරොත්තුවක් ඇති කර ගන්න පුලුවන්!

  5. සිංහල බන්ඩා says:

    බොහෝ රජයේ කාර්යා. එන්ඩීබී වැනි රජයේ බැංකු වල තත්වය ඕක තමය්. එක වැඩක් කර ගන්න චෙක් එක ලියන්න දවස් පහක් රස්තියාදු කරනවා.

  6. මහජන අවශ්‍යතා කාර්යක්ෂමව හා නොපිරිහෙලා..! says:

    රට ගැන බලාපොරොත්තුවක් ඇති කර ගන්න පුලුවන්…!

  7. Chami says:

    Anyone know this unit under which ministry and the responsible minister for same. 🙏🙏🙏🙏🙏🙏👀👀👀👀👀👀😳😳😳😳

    • asanka says:

      හරක් පැටියෝ මෙතැන minister ගැන නෙමෙයි කතා කරන්නේ දුෂිත අකාර්යක්ෂම නිලධාරීන් ගැන .

  8. sepalika says:

    uncivilized jaatheenge prasna visadanne mey kramayata. as it comes basis.

  9. karu says:

    රටේ තියන ප්‍රශ්න හැටියට ජනාධිපති ගිහින් ගොඩ දාන්න හිටියොත් වෙන වැඩක් කරන්න නැතිවේවි .
    එයා ඉන්න ඕනා සිස්ටම් එක හදන්න සහ ක්‍රියාත්මක කරන්න ප්‍රතිපත්ති ගේන්න…
    ඇමතිලා හොයලා විසදන්නේ නැත්තන් උන් එළවලදාන්න නැත්තේ මොකද ?

Main News