ජනපති පත්කල රක්‍ෂණ සභාපති පාරේ.. අස්කල ජගත් වැල්ලවත්ත තවමත් බලෙන් සභාපති පුටුවේ.. නීතිය දොරකඩ..

July 28, 2021 at 12:02 am | lanka C news
ජනපති පත්කල රක්‍ෂණ සභාපති පාරේ.. අස්කල ජගත් වැල්ලවත්ත තවමත් බලෙන් සභාපති පුටුවේ..  නීතිය දොරකඩ..

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉවත් කරන ලද ජගත් වැල්ලවත්ත මහතා තවදුරටත් එහි සභාපති ධූරයේ කටයුතු කරමින් සිටීම සම්බන්ධයෙන් රජයේ ඉහළ පෙළේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි.

ඔහු ධුරයෙන් ඉවත් කරන ලද බව දැනුම් දී අධ්‍යක්ෂ මණ්ඩල හමු පවා කැඳවා ඇති බව වාර්තා වී ඇත.

මහා භාණ්ඩාගාරය වෙනුවෙන් රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවලට සහභාගී වන නියෝජිතයන් දෙදෙනා විසින් පවසා ඇත්තේ ධුරයෙන් ඉවත් කරන ලද නිසා ඔහු එම ධුරයේ රැඳී සිටීම හා අධ්‍යාක්‍ෂ මණ්ඩල රැස්වීම් කැදවීම නීති විරෝධී බවයි.

අවසන් වතාවට පැවති අධ්‍යක්ෂ මණ්ඩල හමුවූ විනාඩි විස්සකට පමණ කාලයකට සීමා වී තිබේ.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් කරන ලද විජිත හේරත් මහතා තම ධුරයේ රාජකාරි ආරම්භ කිරීම සඳහා මෙම මතබේදාත්මක තත්වය අවසන් වන තුරු බලා සිටියි.

වැල්ලවත් මහතා තවදුරටත් ඉවත් කල ධුරයේ රැඳී සිටින්නේ නම් රජයේ දේපලක් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව ඔහුට කටයුතු සිදු කිරීමට සූදානමක ඇති බවද වාර්තා වේ.

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් පසුගිය 19 වැනිදා රක්‍ෂණ සංස්ථා සභාපති ලෙස විජිත හේරත් මහතා පත් කරන ලදී.

41,569 views

6 Comments to “ජනපති පත්කල රක්‍ෂණ සභාපති පාරේ.. අස්කල ජගත් වැල්ලවත්ත තවමත් බලෙන් සභාපති පුටුවේ.. නීතිය දොරකඩ..”

  1. ගන්ජ බන්ඩා says:

    රටට සේවය කිරීම අතහරින්න බැරිඅය සිටීම ජනතාවගෙ වාසනාව. 🤣😂🙃

  2. Priyantha says:

    ඉංජිනේරු විජිත හේරත් මහතා….ඉවත් කිරීමට හේතුව නම් නොදනිමි…නමුත් කරපු කැප කිරීම් සහ ලබා දුන් සේවයට…සලකන විදියනම් කනගාටුයි.

  3. LalithM says:

    අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම කියන්නේ ඉස්සර ගුවන්විදුලියේ විනෝද සමය වෙන්න ඕන.

  4. Ayotallah says:

    MR JW is a corrupt politician having played out funds in Mortgage bank earlier he was a member of the committee that selected personnel for high posts and got him the chairmanship of SLIC a lucrative appointment through this committee He is neither a professor nor a PhD

  5. ගිජුලිහිණි සංදේශය says:

    ඉබ්බා දියේ දැමමත් හිමිහිට නරියා
    ගෙම්බා උඩ දමා පොලවේ අත ඇරියා
    උම්බෑ කිය කියා තප්පුලනව ගෙරියා
    කම්බා හොරුන් රජවී රට ඇති සිරියා

    ගිජුලිහිණි සංදේශය

  6. citizen says:

    There is absolutely no law and order in the country and laws seem to apply to only poor people and tos those with no political connections. Is there anyone who can kick the ass of this fellow and send him home.
    There are other instances of complete breakdown of law.
    1. Some thugs connected to a politico blocking arrack supply to Anamaduwa sathosa. Police have to act impartially in matters such as these.
    2. Sirasa owners’s funeral: Where are the PHIs and the health department for allowing these people to violate rules. Any ordinary person who dies of Corona are cremated with a maximum of 5 relatives.

Main News