ජනපති පාර්ලිමේන්තුවට.. ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව රැස්වෙයි…

December 7, 2021 at 6:14 pm | lanka C news
ජනපති පාර්ලිමේන්තුවට.. ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව රැස්වෙයි…

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව අද (07) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර අංක 01 දී රැස්විය.

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ සභාපතිවරයා වශයෙන්, මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිතුමා, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් විසින් පිළිගනු ලැබිණ.

රටේ ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය, වර්තමානයේ ආරක්ෂක අංශවල අවධානය යොමු වී ඇති කරුණු හා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ ගැටලු සහ යෝජනා රැසක් මෙහිදී සාකච්ඡාවට ලක් විය.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිතුමා ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශය යටතට අයත් ආයතනවල නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

19,369 views

4 Comments to “ජනපති පාර්ලිමේන්තුවට.. ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව රැස්වෙයි…”

  1. Saleem says:

    රටේ දහසක් දැවෙන ප්‍රශ්නවලින් එකකටවත් විසදුමක් දන්නෙ නැති නිසා ප්‍රශ්න වලින් බේරෙන්න හැමවිටම කියන ජාතික ආරක්ෂා බයිලවට අළුත් තනුවක් හදන කුමන්ත්‍රණයක් තමා. පව් සුලු ජාතින්

    • මෝහම්මදු says:

      ඔව් මේක රැස් නොවුනානම් හොඳයි. අපිට තව වැඩ පෙන්නන්න පුලුවන්.

  2. ගෝඨාභය පරයෝ.. says:

    69 ලකෂ යට පිටුපා.. පරයකු යේ පස්යට නොයනු!
    ගෝඨාභය පරයෝ.. සහෝදරයන් සමග තොගේ අම්මා සමග බුදින්නද ගෙවලයෝ ලෑස්තිය …?????? රට විකුණන පාපතර නිඝන්ටවහළා..! හූමිය මර්මස්ථාන, ධණ උල්පත් ආක්‍රමණය කිරීමට උත්සාහ දරන්නේ නම්.. බල්ලන් සේ කුදලා ගැනීමේ බළකාය සූදානම්…! 69 ලකෂ යට පිටුපා.. මාත්‍රෲහූමීයේ පහරන්නේනම් පරයකු යේ පස්යට යෑම වැලකීමට සමතෙක් විශ්වය තුළම නොමැති බව ගුදමාර්ගයෙන් හෝ අවබෝධ කර ගනු! මාත්‍රෲහූමීය කොළ්ළකා පරපුර පිටින් බල්ලන් සේ පස්යට නොයනු!

  3. 0.00069 BIYYO says:

    රටේ දහසක් දැවෙන ප්‍රශ්නවලින් එකකටවත් විසදුමක් දන්නෙ නැති නිසා ප්‍රශ්න වලින් බේරෙන්න හැමවිටම කියන ජාතික ආරක්ෂා බයිලවට අළුත් තනුවක් හදන කුමන්ත්‍රණයක් තමා.

Main News