ජනපති පාර්ලිමේන්තුවේ.. අගමැති ලගම අසුනේ සිට ආණ්ඩුවට කතානායකට දුං විසිවෙන්න දෙසයි.. විපක්‍ෂයෙන් අත්පොලසන් වැසි වසී.. එජාප මුහුණු බෙරි වෙති…[Video]

February 21, 2019 at 10:29 pm | lanka C news
ජනපති පාර්ලිමේන්තුවේ.. අගමැති ලගම අසුනේ සිට ආණ්ඩුවට කතානායකට දුං විසිවෙන්න දෙසයි.. විපක්‍ෂයෙන් අත්පොලසන් වැසි වසී.. එජාප මුහුණු බෙරි වෙති…[Video]

2015 ජනවාරි 08 වනදා සිය මැතිවරණ ප්‍රකාශය තුළින් මේ රටේ ජනතාවට ලබාදුන් පොරොන්දුව අනුව ඉතාමත් පිරිසිදු හා පාරිශූද්ධ චේතනාවෙන් මෙන්ම බලාපොරොත්තු රැසක් සමඟ ,පාර්ලිමේන්තුවේ 225 න් 215 දෙනෙකුගේම කැමැත්ත අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය නම් සුජාත දරුවා තමා විසින් බිහි කරන ලද බව ජනාධිපතිතුමා සිහිපත් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ව්‍යවස්ථා සභාව පිළිබඳ විවාදයට අද (21) පාර්ලිමේන්තුවේ දී එක් වෙමිනි.

19 වන සංශෝධනයට අනුව ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා පත්කිරීමට කටයුතු කළ අතර එහි වගකිම්, ප්‍රතිපත්ති සහ මගපෙන්වීම පිළිබඳ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ පැහැදිළිව සඳහන්ව තිබුණ ද එම කිසියම්ම කරුණක් මෙතෙක් ඉටු වී නොමැති බව ජනාධිපතිතුමා මෙහි දී පෙන්වා දුන්නේ ය.

එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ස්වාධීන කොමිෂන් සභා පිළිබඳ තමා පසුගියදා පාර්ලිමේන්තුවේ දි කළ ප්‍රකාශය පිළිබඳ ඉතා වැරදි අර්ථ කථනයක් ලබාදෙමින් සිදුකරන දැඩි විවේචන තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට පත්කර ඇති විනිසුරුවරුන් පිළිබඳ තමාගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති අතර තමාගේ ගැටලුව වන්නේ තමා විසින් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරන විනිසුරුවරුන්ගේ නම් ප්‍රතික්ෂේප වීම පිළිබඳව බව ජනාධිපතිතුමා කියා සිටියේ ය.

යම් විනිසුරුවරයෙකුගේ නමක් ව්‍යවස්ථා සභාවෙන් ප්‍රතික්ෂේප වන්නේ නම් එය එසේ වන්නේ ඇයි ද යන්න දැන ගැනීමට එම විනිසුරුවරුන්ට අයිතියක් ඇති බව පැවසූ ජනාධිපතිතුමා තමන්ගේ උසස්වීමක් අහිමිවන අවස්ථාවේ එසේ ප්‍රශ්න කිරීමට කම්කරුවෙකුට පවා ශුද්ධ වූ අයිතියක් ඇති බව සඳහන් කළේය.

මේ හේතුවෙන් එම විනිසුරුවරුන් තුළ ඇතිව ඇති අපේක්ෂා භංගත්වය සහ උසස්වීම් අපේක්ෂාවෙන් සිටින ඉදිරි පිරිස වෙනුවෙන් සාධාරණත්වයෙන් අපක්ෂපාතිත්වයෙන් යුත් ක්‍රමවේදයක් උදෙසා තමා එම මැදිහත්වීම සිදුකළ බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ප්‍රශ්නය කණපිට හරවා තමා පිළිබඳ වැරදි චිත්‍රයක් මවා පෑමට ඇතැම් පිරිසක් උත්සහ කරන බව කියා සිටියේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීම සාධාරණත්වයෙන් සහ විනිවිදභාවයෙන් යුතුව සිදු වන්නේ නම් ඒ සඳහා නම් ඉදිරිපත් කරන ජනාධිපතිවරයාට ද ඒ පිළිබඳ දැන ගැනීමට අයිතියක් තිබෙන නමුත් මේ වන තෙක් එම නම් ප්‍රතික්ෂේප වීම පිළීබඳව කිසිදු අවස්ථාවක තමා දැනුවත් කර නොමැති බව ජනාධිපතිතුමා පැවසීය. එසේම ව්‍යවස්ථා සභාවෙන් මාස 03 කට වරක් තමා වෙත වාර්තාවක් ලැබෙන නමුත් එම කරුණ පිළිබඳ කිසිවක් එහි පැහැදිළිව සඳහන්ව නොමැති බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන තුනම ව්‍යවස්ථා සභාවෙන් පාලනය වන තත්ත්වයක් අද දක්නට ලැබෙන බව ද මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ව්‍යවස්ථා සභාවක් ක්‍රියාත්මකවීමේ දී කිසිදු අවස්ථාවක එය විධායක ජනාධිපතිවරයාගේ බලතල අභිබවා ක්‍රියාත්මකවීමක් සිදු නොවිය යුතු බව ද ප්‍රකාශ කළේය.

19 වන සංශෝධනය හරහා බිහි වූ අනෙකුත් සුජාත දරුවන් වන්නේ ස්වාධීන කොමිෂන් සභා බව පැවසූ ජනාධිපතිතුමා එය වැරදි පාරේ යන්නේ නම් යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂා කරන සමාජය බලාපොරොත්තු වන අරමුණු ඉටු නොවන බව ද කියා සිටියේය.

ලොව කිසිදු නායකයෙකු සිදු නොකළ අන්දමින් බලයට පත් වූ පසුව තම බලය දන් දුන් මෑත යුගයේ එකම නායකයා තමා බව පැවසූ ජනාධිපතිතුමා තමා එසේ සිදු කළේ යහපත් රාජ්‍ය පාලනයක් පිලිබඳ අරමුණු ඉටුකර ගැනීමේ ඉතා පවිත්‍ර චේතනාවෙන් බවත්, ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳ උත්තරීතර පාර්ලිමේන්තුවේ තීරණය කුමක් වුව ද එදා මෙන්ම අද දවසේ ද තමා ඊට එකඟ බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

103,939 Viewers

16 Comments to “ජනපති පාර්ලිමේන්තුවේ.. අගමැති ලගම අසුනේ සිට ආණ්ඩුවට කතානායකට දුං විසිවෙන්න දෙසයි.. විපක්‍ෂයෙන් අත්පොලසන් වැසි වසී.. එජාප මුහුණු බෙරි වෙති…[Video]”

  1. Click says:

    Great! Well said Mr. President.

    • බයියෙක් says:

      හූ ඇන්පී නේ……. අයෙ අහන්න දෙයක් නෑ.

      ප්‍රජාතන්ත්‍රවාදය දෙනව කියල පච ගහල චන්ද තිබ්බෙ නෑ.
      හොරකම නැතිකරනවා කියල පච ගහල ආසියාවේ විශාලතම බැංකු වංචාව කරා.
      සංවර්ධනය කරනවා කියල පච ගහල ඇෆ්ඝනිස්තානය ගානටම ආර්ථිකය වැට්ටුව.
      ණය බරින් මුදවනවා කියල පච ගහල යුරෝපීය සංගමයෙනුත් බ්ලැක් ලිස්ට් වෙන ගානට ණය ගත්ත.

      • දූෂිත විනිසුරුවරු නම් කලාට ව්‍යවස්ථාදායක සභාව ඒව ප්‍රතික්ෂේප කලේ ඒකමතිකව.එතන විපක්ෂ නායක නියොජිත මෙන්ම ජනාධිපති නියෝජිතත් හිටිය.තමන්ගෙ දුවගෙ මගුලට ලක්ෂ 10 මුදල් තෑග්කුගයි අලුත්ම බෙන්ස් එකකුයි තෑගි ගත්ත හෙරක් ඉහල අධිකරණයට පත්කරන්න ව්‍යවස්ථා සභාවට පිස්සු නෑ. ඒ වගේ හෙරක් නම් කරල යවන එකාටනම් පිස්සු කියන එක රටම දන්නවා.

  2. Reru says:

    Reality and wel presentation.

  3. Sira says:

    සිරිසේන මහත්තයෝ, ඔහේට බලය දුන්නේ බලය අතාරිනවයි කියල කියපුනිසා … නැතිව ඔහෙට දීපු බලයක් නැහැ

  4. ranil says:

    oba hari

  5. Nandasoma says:

    Well said…… but NOT well done……!

  6. සිංහල බන්ඩා says:

    මධ්‍යස්ථ මතධාරීන් කියල ජීවිතේම බටහිරයනගෙ මුදල් සහ තනතුරැ වලට කඩේ ගිය පරය් ව්‍යවස්ථාදායක සභාවට පත්කර ගත්තෙ රනිලා සහ අලිකොටිසීනු නඩයය්.

  7. Nim says:

    ME KATHA KIYANNA
    KATEN NOWEE ADO MUKAYEN
    UNP & RA NIL GANA DANA GENA
    NOWEE DA AKATHU WUNEE.
    RATA WENASA KARANNA
    MULA ATHANA
    ” DAN SATHUTUDA “

  8. සීගිරි says:

    රටේ අවශ්‍යතාවය විදේශ බලවේග වලින් මෙහෙයවෙන ,හොරැන් දූෂිතයන්ගෙන් සැදුම්ලත් “ආණ්ඩු -විපක්ෂ සංධානයේ” අවශ්‍යතාවය නොවේ !!!!!
    රටේ අවශ්‍යතාවය ජනතාවට බලය හිමි වන “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවක්”(People’s Republic).
    හොර පවුල් හා දූෂිතයින් බලයෙන් පහ කර බෙදුම්වාදය, විදේශ අත පෙවීම් නවතා දමා මේ රටේ ජනතාවට නියම නිදහස හා සමෘඳිය අත් කර දිය හැක්කේ පුළුල් ජනතා ව්‍යාපාරයකින් බිහි කරන වඩාත් නූතන, යුක්තිසහගත ,නිර්බීත “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවකට” පමණි.
    මේ රටේ සාරය උරා නිසරැ කරන්නට තරම් සමත් මහා මූලමණ්ඩල ඇති පවුල් ගස් එකක්වත් හෝ කූඨ ව්‍යාපාරික හවුල් එකක්වත් හෝ රට බෙදන්නට බලාගෙන ඉන්න කල්ලි එකක්වත් හෝ එකදු බටහිර බලවේගයකුද හෝ ජනතා බලවේගයකින් බිහිවන “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවකට” කැමති නොවෙනු ඇත.
    යමෙක් ,යම් පක්ෂයක් හෝ යම් සංවිධානක් පරීක්ෂා කර බලන්නට හොඳම ලිට්මස් පරීක්ෂාව මේ මොහොතේ “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවක්” සදහා ඇති ආකල්පය හා දක්වන සහයෝගය පිලිබඳ පරීක්ෂාවයි !!!!!!

  9. Saman says:

    Sinhala bavuddayo ivarayi

  10. Sadda says:

    හරියට හෝ වැරදියට රටේ දේශපාලන ස්තාවර භාවය තබා ගැනීමටයි JR ඔය ව්‍යවස්ථාව හැදුවේ . ඒක විනාශ කරලා දැන් අඩලා වැඩක් නැහැ.

  11. චන්දදාස says:

    සිංහල බෞද්ධයිනි නව පනස්හය විප්ලවයකට සැරසේයව්

  12. පොඩි එකා says:

    එදා ඡේ.ආර් ඉදිරියේ තමන්ට පියන් කෙනෙක්ගේ බලයක්වත් නොතිබූ බව අගමැති ප්‍රේමදාස පැවසුවා.. මෙදා.. අගමැති රනිල් ඉදිිරියේ තමන්ට කිසිවක් කර කියා ගත නොහැකි බව ඡනපති සිරිසේන පවසයි..

  13. දැන් ජනාධිපතිට කොහොමත් දුං විසිවෙන්න වැදිල තියෙන්නෙ. ආයෙ ඉදිරි දේශපාලන අනාගතයක් නෑ. ඒකෙ වියරුවෙන් තැන් තැන්වල තමුන්ගෙම ආණ්ඩුව විවේචනය කර කර කරන කතා විනෝද සමය වගේ. මේක ඇත්තටම එයාගෙ ආණ්ඩුවත් නෙවෙයිනෙ.මොකද දින 52 හොර ආණ්ඩු හදන්න ගිහින් ඇනගෙන ඒකෙ දුකට කියන සීපද තමයි මේ…

Main News