ජනපති පිට කොන්ද ජාත්‍යන්තරයට පෙන්වයි.. හුසේන් කුමරුගේ යෝජනාවට පැය 24න් පයින් ගහයි.. පිට කොදු නැති උන්ට රිදෙන්න කියයි..
March 3, 2017 at 9:20 am | lanka C news
මෙරටට එල්ල වී ඇති යුධ අපරාධ චෝදනා විභාගයට විදෙස් විනිසුරන් ගෙන්විය යුතු යයි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා විසින් ගෙන එන ලද යෝජනාව පැය 24ක් යන්නට පෙර තමන් විසින් ප්‍රතික්ෂේප කරන ලද බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
විදෙස් විනිසුරන් මෙරටට ගෙන එන්නට තමන් සූදානම් නැතැයි සෘජුව කියමින් තමන් ජාත්‍යන්තරයට තම පිට කොන්ද පෙන්වා ඇති බවත් කී ජනාධිපති මෛත්‍රී පිට කොන්ද නැති අය සමග ගමනක් යන්න තමන් සූදානම් නැතැයිද කීය.