ජනපති පුද්ගලික සංචාරයකට සිංගප්පූරුවට.. තමන් හා පිරිසේ සියළු වියදම් පුද්ගලිකව ගෙවයි.. රජයෙන් කිසිම වියදමක් නොගනී..

January 11, 2020 at 1:20 pm | lanka C news
ජනපති පුද්ගලික සංචාරයකට සිංගප්පූරුවට.. තමන් හා පිරිසේ සියළු වියදම් පුද්ගලිකව ගෙවයි.. රජයෙන් කිසිම වියදමක් නොගනී..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මස අවසානයේ පුද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය.

ඒ එහි රෝහලකදී ඔහුට සිදු කරන ලද හෘද සැත්කමට අදාල වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මුහුණ දීමටය.

එම ගමන සඳහා වැයවන සියලුම වියදම් තම පුද්ගලික මුදලින් ගෙවීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇත.

එහි කිසිදු වියදමක් රජයෙන් නො ගෙවිය යුතු බවට ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

ජනාධිපතිවරයා තමන්ගේ ගුවන් ටිකට් පත මෙන්ම ඔහු සමග යන පුද්ගලික ආරක්ෂකයන් ඇතුළු පිරිසගේ සියලු ටිකට්පත් ද හෝටල් ගාස්තු සහ රෝහල් ගාස්තු ඇතුළු සියලූ වියදම් සිය පෞද්ගලික මුදලින් පියවීමට කටයුතු යොදා තිබේ.

138 views

25 Comments to “ජනපති පුද්ගලික සංචාරයකට සිංගප්පූරුවට.. තමන් හා පිරිසේ සියළු වියදම් පුද්ගලිකව ගෙවයි.. රජයෙන් කිසිම වියදමක් නොගනී..”

  1. සමීර says:

    යකෝ මාර ලෙඩ කපුටෙක් නි රටේ ජනාධිපති වෙලා තියෙන්නේ. අනික මෙයට මොකද ලංකාවේ රෝහලකින් බෙහෙත් ගන්න බැරි? ගොමා එක ගැන විස්වාශ නැද්ද?

  2. ඇයි අව්ල් ද says:

    අපේ සල්ලි වලින් අම්මගේ අප්පාගේ සොහොන් හදපු එකා උගේ සල්ලි වලින් සිංගප්පුරු යනවලු 🤭🤣🤣🤣

  3. exUNPer V says:

    UNP JVP අවජතක යන් ට උන් ගේ ජන්ම ගති වෙනස් කරන්න බැරි බව කොමෙන්ට් වලින් පේනවා.

Main News