ජනපති පෙරටම.. බුර්කාව ඇතුළු සියළු මුහුණු ආවරණ තහනම් කෙරේ…

April 28, 2019 at 10:28 pm | lanka C news
ජනපති පෙරටම.. බුර්කාව ඇතුළු සියළු මුහුණු ආවරණ තහනම් කෙරේ…

ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙරට තුළ ජනතාවගේ අනන්‍ය තාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන සියළුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (2019.04.29) සිට හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.

මෙහිදී අනන්තාවය තහවුරු කිරීමේ මූලික නිර්නායකය වන්නේ පුද්ගලයෙකුගේ මුහුණ පැහැදිළි ලෙස නිරාවරනය කිරීමේ අවශ්‍යතාවය බව එම නියෝගය තුළින් තව දුරටත් පැහැදිළි කර තිබේ.

රටේ ජාතික ආරක්ෂාව මෙන්ම කිසිදු ජන කොටසක් අපහසුතාවයට පත් නොවන සාමකාමී සහ සහාජිවනයෙන් යුත් සමාජයක් ඇති කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම තීරණයට එළඹ ඇත.

– ජනාධිපති මාධ්‍ය අංශය

33 views

33 Comments to “ජනපති පෙරටම.. බුර්කාව ඇතුළු සියළු මුහුණු ආවරණ තහනම් කෙරේ…”

  1. Rohana kumara says:

    හොඳ තීරනයක් ජනාධිපති තුමනි

  2. මාතුපාල says:

    ශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දැමුව වගේ වැඩක්!

  3. මාතුපාල says:

    අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දැමුව වගේ වැඩක්!

  4. sarath says:

    හැමෝම රටේ එක නීතියකට යටත් වියයුතුයි . බහුතරය බෝඋද්ධයින් වුවත් මේ රටේ ක්‍රියාත්මක වන්නේ රෝම ලන්දේසි නිතිය ,එයට කිසිවකුගේත් බලපෑමක් නොමැත ,තමන් ඉදිරියේ සිටින කෙනා කවුදැයි දැනගැනීම අප සතු අයිතියකි ,මුස්ලිම් බැතිමතුන්ටත් එය එසේ වියයුතුය

  5. rohana says:

    රනිල්ට අවශ්‍ය බටහිරයන්ට අනුව රට පාලනය කරන්න. ඔහු බොරු තර්ක ගේනවා. විදේශීය ත්‍රස්තවාදී සංවිධානවල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට ලංකාවේ නීති නැතිලු. අප කියන්නේ නැහැ අයිසිස් සංවිධානයේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට කියා. ඊනියා ජාතික තව්හිද් ජමාද් සංවිධානය සහ තවත් ත්‍රස්තවාදී සංවිධාන ක්‍රියාත්මක වන්නේ ලංකාවේ. ලංකාවේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට අමුතු නීති අවශ්‍ය නැහැ. රනිල් ඒ ගමන ප්‍රති ත්‍රස්තවාදී පනත සම්මත කර ගැනීමට මේ විදේශීය ත්‍රස්තවාදී කතාව යොදා ගන්න ලැහැස්ති වෙනවා. ඒ පනත සම්පූර්ණයෙන් ම විසිකරන්න ඕන. රනිල් රැවුල පත්තු වෙන අතර සුරුට්ටු පත්තු කරන්න හදනවා.

  6. කැලණියෙ දමියා says:

    ඔබතුමාගේ පාලන කාලය තුළ ගන්නා ලද හොඳම තීරණය මේක තමයි.

  7. Nuwan says:

    නීති 1ක්, ෂරියා තහනම් කරන්න,
    මොනවද මන්ද උන්ගේ මද්‍ර පාසල් තහනම් කරන්න.
    ෂරිය campus තහනම් කරන්න
    හලාල් ආණ්ඩුවට පවරා ගන්න
    තව ගොඩාක් තියෙනවා… මේ ටික දෙනම කරන්න.

  8. Sinnapuran says:

    Ranilta bada yai

  9. Crazy says:

    As a president please do the right thing and don’t do popular politics. Otherwise, this country could be the world’s biggest exporter of suiside bombers.

  10. Shammi D says:

    Idiotic President: Whom are you trying to fool? Any law that is passed under emergency law without parliament approval gets null and void after emergency is lifted. What will happen then? Why don’t you get it passed by the majority of the parliament members and make it a law in the country

Main News