ජනපති පෙරලියක.. ඉන්දියාව-බටහිර නොතකමින් පලමු නිල සංචාරය චීනයට..

August 12, 2022 at 10:00 am | lanka C news
ජනපති පෙරලියක.. ඉන්දියාව-බටහිර නොතකමින් පලමු නිල සංචාරය චීනයට..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පළමු නිල සංචාරය ලෙස චීනය බලා යාමට නියමිතව ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහුගේ එම සංචාරයට පෙර මේ දිනවල දී ඇති වී තිබෙන ‘යුවාන් වෑන් 5’ චීන නෞකාවට අදාළ ගැටළුකාරී තත්ත්වය ද නිරාකරණය කරනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

සාමාන්‍යයෙන් මෙරට රාජ්‍ය නායකයෙකු පත්වූ පසු පළමු සංචාරයකට ලෙස අසල්වැසි ඉන්දියාවට යාම වැඩිපුරම සිදු කරන ලදී.

නමුත් වත්මන් ජනාධිපතිවරයා සිය පලමු සංචාරය ලෙස චීනය තෝරාගැනීම පසුපස දේශපාලන පණිවිඩයක් ජාත්‍යන්තරය වෙත ලබා දෙනු ඇති බව විචාරක මතයයි.

68,719 views

19 Comments to “ජනපති පෙරලියක.. ඉන්දියාව-බටහිර නොතකමින් පලමු නිල සංචාරය චීනයට..”

  1. මහා හෙළ රාඡ්‍යට, මාත්‍රෘෘභූමියට නියතයි ඡය,.! says:

    වෙනස්වූ ලෝකදේශපාළණය තුළ පැවැත්ම සඳහා සහ මාත්‍රෘෘභූමියේ අභිවෘද්ධිය ඡාතික ආරකෂාව පාළණය දේශපාළණ ස්ථාවරය රැකගැනීමට රනිල් වික්‍රම ඡනපති අනීවාර්‍යයෙන් තීකෂණ බුද්ධිය සහිතව ක්‍රීයාකළ යුතුයි,.!
    කිසිවිටක සාටක බල්ලන් ක්‍රීයාකරනා ළද ආකාරයට ක්‍රීයා නොකළ යුතුයි ,.!”
    සම්පූර්ණ ලෙස වෙනස්වී ඇති ලෝකයතුළ දෙබිඩි පිළිවෙත් පූර්ණලෙස රාඡ්‍යට සමස්ථ මහඡනයාට මරැවා කැඳවීමට හේතු සාධක නිර්මාණය කරනු ළබයි,.!
    නව ලෝකය ආක්‍රෘතිය සමඟින් ලංකා රාඡ්‍ය තුළ තුළ වංචා දූශණ සඳහා කිසිලෙසක අවකාශ නෙළැබෙන අතර වංචා දූශණ සිදුකරන්නන්හට අසරණ මහඡනයාගේ බදුමුදල් රාඡ්‍ය ආදායම ඡාතික සම්පත් කොල්ළාකන දූශිත පාළකයන්ට තම තමන්ගේ ඡීවිතය තුළින් අනීවාර්‍යලෙසත් ළු්කාන්තලෙසත් වන්දිගෙවීමට සිදුවන බවට සියළු දේශපාළු වනචාරී හොරිකඩයන්ට අනතුරැ අඟවා අවධාරණය කර සිටින්නෙමු,.!
    මහා හෙළ රාඡ්‍යට, මාත්‍රෘෘභූමියට නියතයි ඡය,.!

    • Janaka from Matara says:

      පිස්සෙක්ගේ බෙරිහං දීමක් ලෙස පෙනුනාට ඔබ ලියා ඇති දේහි හරය ගැඹුරු ය​.
      පලමුවෙංම ඔහේට හෙළ නමක් (බුදල්, ගමික, සෝණ වැනි) දාගත්තා නං හොඳය​.

  2. ආරකෂකාව සැපයු සැමටත් උත්තමාචාරය,.! says:

    මෑත ඉතිහාසයේ අත්හළ නොහැකි උත්තරීතර ඇසළ පෙරහැර සාර්ථක කර ගැනීමට දායකවු සැමටත්,.
    ඡනාධිපති තුමාට, සහ උපදෙස් ලබාදුන් අධිකරණ ඇමතිතුමාට ශ්‍රවේන්ද්‍ර සිල්වා රණවිරැවාට , කමල් ගුනරත්න රණවිරැවාට ආරකෂකාව සැපයු සැමටත් උත්තමාචාරය,.!

Main News