ජනපති පොරොන්දු ඉටු කරයි.. උපාධිධාරීන්, අඩු ආදායම්ලාභීන් 150,000කට සදුදා සිට රජයේ රැකියා..

August 14, 2020 at 12:40 pm | lanka C news
ජනපති පොරොන්දු ඉටු කරයි.. උපාධිධාරීන්, අඩු ආදායම්ලාභීන් 150,000කට සදුදා සිට රජයේ රැකියා..

මහ මැතිවරණය නිසා නතර කෙරුණු, එක්ලක්ෂ පනස් දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි.

රැකියා පනස් දහසක් රැකියා විරහිත උපාධිධාරීන් සඳහා වෙන් කෙරේ. ඉතිරි රැකියා ලක්ෂයට සුදුස්සන් තෝරා ගනුයේ සමාජයේ පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලිනි.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ගිය වසරේ නොවැම්බර් මස ධූරයට පත්වී සති කිහිපයක් ඇතුළත උපාධිධාරීන් 50,000ක් සහ අඩු ආදායම්ලාභීන් 100,000ක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන සැලසුම් කෙරිණ.

උපාධිධාරීන්ගෙන් අයැදුම්පත් කැඳවා සුදුස්සන් තෝරා ගැනීම පෙබරවාරි මස මුල් සතියේ ආරම්භ කරනු ලැබීය. අඩු ආදායම්ලාභී ලක්ෂයක් දෙනා සේවා නියුක්ත කිරීම පිණිස බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායක් ස්ථාපනය කෙරිණ. ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම වැඩසටහනේ පරමාර්ථය විය.

2020 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රැකියා එක්ලක්ෂ පනස්දහසේ වැඩසටහන අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නියම කළේය. එබැවින් වැඩසටහන අත්හිටුවන ලදී. අගෝස්තු 05 මහ මැතිවරණය අවසන් වූ විගස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 08 වැනි පරිච්ඡේදයේ විධිවිධාන ප්‍රකාර විධායකය ස්ථාපනය කිරීමට ජනාධිපතිතුමා විසින් පියවර ගන්නා ලදී.

ජනරජයේ අභිනව අග්‍රාමාත්‍යවරයා අගෝස්තු 09 වැනිදා ධූරයේ දිවුරුම් දුන්නේය. පසුදා අග්‍රාමාත්‍ය ලේකම්වරයා පත් කෙරිණ. මැතිවරණයෙන් සතියකට පසු එනම් අගෝස්තු 12 වැනිදා කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දුන්හ. අමාත්‍යාංශ ලේකම්වරු ඊයේ (13) පත් කරනු ලැබූහ. නව පාර්ලිමේන්තු සභා වාරය ලබන බ්‍රහස්පතින්දා (20) උත්සවශ්‍රීයෙන් ඇරඹේ.

පාලන තන්ත්‍රය විධිමත් පරිදි ස්ථපානය කිරීමෙන් පසු රැකියා එක්ලක්ෂ පනස්දහසේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා තීරණය කළේය. රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය ලබන ඉරිදා (16) ජනාධිපති කාර්යාලයීය වෙබ් අඩවියේ පල කරනු ලැබේ. තෝරා ගනු ලැබූවවන්ට ලිපි යැවීම සඳුදා (17) ඇරඹේ. පත්වීම්ලාභීන් සැප්තැම්බර් 01 දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතුය. සුදුසුකම් ලැබූ උපාධිධාරීන්ගේ නම් ලේඛනයේ ඇතුළත්ව නැත්නම් ජනාධිපති කාර්යාලයෙන් විමසීමට පිළිවන.

තෝරාගත් අඩු ආදායම්ලාභී ලක්ෂය රැකියා නියුක්ත කිරීම ඒ සඳහාම ස්ථාපිත කාර්ය සාධක බලකාය විසින් සැප්තැම්බර් 01දා සිට ක්‍රියාත්මක කරනු ලැබේ.

– ජනාධිපති මාධ්‍ය අංශය

61,484 views

21 Comments to “ජනපති පොරොන්දු ඉටු කරයි.. උපාධිධාරීන්, අඩු ආදායම්ලාභීන් 150,000කට සදුදා සිට රජයේ රැකියා..”

  1. Saradiel says:

    පොරොන්දු ඉටු කිරීම ගැන . ජනපතිට මල් මිටක්! : ”

    • Alapaluwa says:

      අනේ උබෙ මල් මිට. දැන් ඉතින් මුන්ට පින් පඩි ගෙවපල්ලකො බඩු ගණන් වැඩි කරල.

      • සුභ says:

        Alapaluwoo සේවාවක යෙදිලා මිසක් පිං පඩි වලට නෙමෙයි රැකියා ලබා දෙන්නේ. ඔන්න ගොංජා ඉන්නවා ජග් පිට මග් කිව්වලු

        • Alapaluwa says:

          ඔය සංවර්ධන නිලධාරින් කරන සේවය මොකද්ද කියපන්කො

          • Buddika says:

            හරියට හරි.

            යකෝ ලංකාවේ තරම් වැඩ කරන ජනතාව තම බදු මුදලින් නඩත්තු කලයුතු පරපෝෂිතයෝ තොගයක් ලෝකේ වෙන කොහෙවත් නෑ…

            උන් අපෙන් පඩිත් අරන් හොරකමුත් කරලා අපිට සත පහකට වැඩක් නැති දේවලුත් කරනවා.

            ඒක දේශපාලකයා රාජ්‍ය සේවකයා කියලා වෙනසක් නෑ.

      • ROHAN says:

        Alapaluwa kiyanne pacha ranawaka wikurthi boothal pachayata,
        duppath samurdi pawlwala daruwo io oooo. kata puhunuwk deela rate sanwardhnaya daayaka
        karagena pin padi geweemakda,,,,
        Alapaluwa,,,,umbe amma ekka nidiyanne pachaya neda,,,
        gonja,,wage sallaala kaamaathra narumayo dinawapu pad sajiyage meeharak rata hadanawata kohethma kamathi naha.
        umbalata onakama thibune ran goja, hiruni , harin, wage wikurthi maanasikathwayen pelena satthubalyata path karanta,

        puluwakamak thiyenawanam ran gorata , BAC&FRON ,said amathikama aran deepan,

    • Darshana abayakoon says:

      150000 more mouths to be fed by hard working tax payers’ money. Respect sa!!

      • kawinda says:

        mewa karanna BEHE..BEHE… kiyamin hitapu parana mantree la ematila amametilata oluwa hil wenna tokkak enna kiyalai mata hithenne.
        rassaawak denakota padi gewanna ona kiyala ona lamayekuta unath theranawa. athigaru janaadhipathi thuma me rekiyaa labheenta padi gewana kramaya hadala iwarawela thamai me awasthaawa uda kale.
        e wagema rekiya laabheen atharaman nokara e ayata maga penweemata kaarya saadaka balakaaya yodawala miniskamata gaurawa karala thiyenawa.
        GREAT.. SUPERB… LONG LIVE OUR PRESIDENT..

      • kkuruwita says:

        මහ බැංකුව මහ දවල් මංකොල්ල කනකොට ඔහේ මේ ලෝකෙ නෙවෙයිද හිටියෙ දැන් නිකං කුහක කතා කියවන්නෙ !

  2. හෙට වෙනුවෙන් says:

    Great…. Go ahead…. We are with you Mr. President. May triple gem bless you.

  3. SPM says:

    “Jaya Sri Lanka” , is the first step in helping our own children in our country to stand on their own two feet.

  4. SL says:

    Just send CID officers to Kaduwela Kollupitiye bus rout.Lots are still puffing heroine while driving.Y can’t officer’s curb this drug selling?

  5. Modaya says:

    And the salary will be paid by………….????

  6. Kalana says:

    රැකියා විරහිත උපාධිදාරී තරුණ, තරුණියන්ට රැකියා ලබාදී ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටවීමට කටයුතුකල ජනාධිපතිතුමා ඇතුලු නව රජයට අපේ හෘදයාංගම ස්තුතිය.

  7. Saman says:

    මමත් මේ ගෝඨාභය ජනාධිපතිවරයාට ඡන්දය ලබා දුන්නා. නමුත් මම දකින්නෙ මේක ඉතාම දුර්වල තීරණයක්. මොකද රනිල් ඇවිත් 10000ක් දීලා කොරපු හරිය අපිට මතකයි. මේකත් ඒ වගේ වැඩක් වෙයි. ආදායමක් එන විදිය හදලා මේක දුන්නනම් හොදයි නැත්තම් පුද්ගලික අංශයෙ හම්බකරන එවුන් තමයි මේකට ගෙවන්නත් ඕනෙ

    • SPM says:

      නැ නැ “සමන්” දීර්ග දැක්මක්” ඇතුවයි මේ වැඩ පිළිවෙල පොඩ්ඩක් හිතන්නකෝ ජනාධිපතිතුමාගේ අමාත්‍යාංශය යටතේ පත් කළ රාජ්‍ය අමාත්‍යතුමා, එ යටතේ තමයි මේ අය පුහුණුව ලබන්නේ පසුව හැකියාවන් අනුව දේශීය නිෂ්පාදනයට නතු කරයි පොඩ්ඩක් ඉමු ඊට පස්සේ බලමු එක පාරටම මුකුත් කියන්න බැහැනි නේද?

  8. ?? says:

    රැකියා දෙන්න ඕනේ රැකියා ඇති කරලා … දෙන්නම් වලේ දීලා තමයි ලංකාවේ හැම දෙයක්ම වැහිලා ගියේ ……

Main News