ජනපති ප‍්‍රබල තීන්දුවක් ගනී.. දේශපාලනය කණපිට හැරෙන්න යයි..

December 25, 2016 at 4:08 am | lanka C news
ජනපති ප‍්‍රබල තීන්දුවක් ගනී.. දේශපාලනය කණපිට හැරෙන්න යයි..

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සැකසීම සඳහා වන ව්‍යවස්‌ථාදායක අනුකමිටුවේ නිර්දේශ පිළිනොගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇත.

මේ බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිත පිරිසක්‌ සමඟ 22 වැනිදා පැවැත්වූ සාකච්ඡාවකදී හෙතෙම ප්‍රකාශ කර තිබේ.

මෙතෙක්‌ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්‌ ලෙස හැඳින්වුවද ව්‍යවස්‌ථාදායක අනුකමිටුව මගින් එය එක්‌සත් රාජ්‍යයක්‌ ලෙස නම් කළ යුතු බවට නිර්දේශ කර ඇති බවත් එමගින් රට විනාශකාරී තැනකට තල්ලු විය හැකි බවත් ගෝලීය සංසදය මගින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

එක්‌සත් ශ්‍රී ලංකාවක්‌ ලෙස නම් කර, පොලිස්‌, ඉඩම් බලතල පළාත් සභාවලට ලබාදීමෙන් රට කැබැලිවලට කැඩී යැමේ අවදානමක්‌ පවතින බව එම සංසදය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පෙන්වා දී තිබේ.

මෙම අනුකමිටු නිර්දේශ සම්බන්ධයෙන් තම නියෝජිතයන් ජනාධිපතිගෙන් දීර්ඝ වශයෙන් විමසූ අවස්‌ථාවේ මේ බව පැවසූ බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සම්බන්ධීකාරක නීතිඥ නුවන් බෙල්ලන්තුඩාව මහතා පැවසීය.

මේ සම්බන්ධව කරුණු දක්‌වමින් ශ්‍රීලනිපය ද මෙම නිර්දේශ ප්‍රතික්‍ෂේප කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත. එසේම මෙම ව්‍යවස්‌ථා අනුකමිටු නිර්දේශ පාර්ලිමේන්තුව වෙත යොමුකිරීමට ක්‍රියා නොකරන බව ද ජනාධිපති සිරිසේන මහතා පැවසුවේ යෑයි බෙල්ලන්තුඩාව මහතා කීය.

මෙම ව්‍යවස්‌ථාදායක අනුකමිටු නිර්දේශ ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් සහ ජවිපෙ සමඟ ද සාකච්ඡා කිරීමට ක්‍රියා කරන බව ද ඒ මහතා කියා සිටියේය.

– දිවයින

55,867 Viewers

24 Comments to “ජනපති ප‍්‍රබල තීන්දුවක් ගනී.. දේශපාලනය කණපිට හැරෙන්න යයි..”

  1. සිරිතේක්කු says:

    මෙයාගෙ කථා මම තඹ දොයිතුවකට ගනන් ගන්නෑ.
    මිනිහා කියපු දෙයක් කරන මිනිහෙක් නෙමෙයි.මෙයාගෙ 
    කථා විශ්වාශකරන අය තම තමන්ගේ ඔලු අතගා බැලිය 
    යුතුයි අං තියෙනවද කියල.

  2. Mero says:

    නැවතත් පලාත් පාලන මැතිවරනය ඉලක්ක කරගෙන ජනතාව මුලාකරන්න හදන්නෙ, ආන්ඩුවිරොදි චන් ද ටික අරගෙන අයෙ චන් දෙන් පස්සෙ රනිල්ට හෙත්තුවෙයි, අවුරුදු දෙක කාලයෙදි පැහැදිලිවම මෙයාට තනියෙම යුන්පිය කරන විනාශයට විරුද්දව නැගි සිටින්න ශක්තියක් නැති කම මනාව පෙන්නුව​, රනිල්-මහෙද්‍ර රවි ල ප්‍රසිද්දියෙ කරපු බැන්කු වන්චාවටවත් කිසිදෙයක් කරගන්න බැරිවුන​, කොහොමත් කෙලින් තිරයනක් ගන්න බැරි මෙයාට ඔස්ට්‍රෙලියාවෙ අපු කොමිස් චොදනාවත් යොදාගෙන මෙයාව රනිල් හොදට කොන්ට්‍රොල් කරනව ඇති

    • Dev says:

      ජනාදිපති තමයි අද ලන්කාවට මෙ වෙන විනාශයට සම්පුර්නයෙන්ම වග කියන්න ඔනෙ. තරුන අය නොදැන හිටියට රනිල්ට බලය ලැබිමෙ බයානක කම 201-2003 රනිල්ගෙ පාලන කලය ගැන අද්දැකිම් ඇත් බහුතරයක් චන් ද දායකයො දැනගෙන හිටිය​, එ නිසා ජානතිපතිවරනයක් දිනන බැරි රනිල්ව ජනතාව අන් දල හොරෙන්ම බලය ලබාදුන්නෙ මෙයා, අඩුතරමෙ ප්‍රුබල විපක්‍ෂයක් හදාගන්න තිබුන අවස්තාවත් වැලැක්කුව මහමැතිවරනයෙදි නිදහස්පක්‍ෂෙට අවාසිවෙන ප්‍රුකාශ නිකුත්කරල, ඉලගට චන් දෙන් ප්‍රතික්‍ෂෙප කරපු අය අරගෙන රනිල්ට මෙ විනාශෙ කරන්න අවස්තාව සලසල දුන්න​. මෙයාව සතයකට විස්වාස කරන්න හොදනැ

  3. Ane meyage apinodanna prabala theendu.Ranil pissu natannathuwa innawa ooyi kiwwama sarameth chu yayi hitan

  4. maha mathi says:

    කරඬුව අතේ තියන් – අප්පයක් කටේ ඔබන් – ගිනි තියමින් ගුදය යටින් – මේ කියන්නෙ මුසා බොලන්. සත පහකට නෝ විස්වාසේ…..

  5. dhathusena says:

    අනේ මගෙ කට….මෙයා දැන් බලගතු තීරණ කීයක් ගත්තද? පිච්චියකට විශ්වාස කරන්න බැරි නායකයෙක්…..

  6. KGB says:

    PALA, PALA balla toge tindu………… tindu ganna issara wela, yako uba primiyek weyan

  7. asaranaya says:

    අනේ හුකේ කිව්වලු,මෙහේමත් නරි වාදන්

  8. siri says:

    රනිල් සර්ගෙන් “හාද” කියල අහල හිටං “හා..ගනු” කීවොත්ම විතරයි මෙයා තීන්දුවක් ගතොත් ගන්නේ..අපි අඳුරනව නොවැ බඩුව..

  9. Champa says:

    ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සාකච්චා මාර්ගයෙන් ප්‍රශ්නේ විසඳන්න ගත්ත උත්සාහය අගය කරනවා.

    ඒකීය රජයක් විදියට ඉඳගෙනත් රට බෙදන්න පුළුවන් විදියක් තියෙනවා. ඒ නිසා ඒකීය වචනේ ගැන මතුපිටින් බලන්නේ නැතුව, මේකේ තියෙන අභන්තරය ගැන තමයි හිතන්න ඕනේ. විමල් එක සම්මන්ත්‍රනයක කිව්වා වගේ බෝතලේ ලේබල් එක දිහා බලලා ඇතුල ගැන තීරණය කරන්න බැහැ.

    ශ්‍රීලනිපය මේ නිර්දේශ ප්‍රතික්ෂේප කළා? එහෙම officially කිව්වද? මට මතක නැහැ එහෙම එකක් දකිනවා.

    ව්‍යවස්‌ථාදායක අනුකමිටු නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ඉන්න ජනාධිපතිතුමාට පුළුවන්. කරයිද???

  10. රටවැසියා says:

    ණූතන අන්දරේගෙ විහිලු කතා

  11. Sira says:

    Ane mooge theerana….

  12. minimuthu says:

    ජාතිය පාවාදීමට හන්සයාගෙන් චන්දය අරගන්නකොට ශ්‍රී.ල.නි.ප ලේකම් කතාවක් කිව්වේ නෑත.ඉන්පසුව හන්සයාට වෙච්චදෙයක් නෑත,නැවතත් ශ්‍රී.ල.නි.ප නායක කමක් ගැන දැන් කියන්නේ කාගෙ චන්දෙ අරගෙනද? යූ.එන්.පී සහ ටී.එන්.ඒ චන්ද වලින් ඈවිත් පැරදුණු එවුන්, පත්කළ මන්ත්‍රීන් කර, තමන්ට අවශ්ය කල්ලියක් ගොඩනගා ගෙන පොර ටෝක් දුන්නාට දැන්, ශ්‍රී.ල.නි.පයක් තියෙන්නේ කොහේද? මේ ගමනක අවසානයයි.

  13. Dickie Bird says:

    Do not trust what this traitor state if you can remember the appa incident.

  14. Micro Man says:

    මෙයා ඉතින් ප්‍රබල තීන්දු දැන් කීයක් ගත්තද..? පොර ටෝක දීගෙන ගත්තු ඒ තීන්දු වලින් වුණේ දිනෙන් දින මුළු රටටම කෙලවිලා යන එක විතරයි.

    මම නම් හිසේ එක කෙස්ගහකට තරම්වත් මෙයාගේ කතා විශ්වාස කරන්නෙ නෑ.

  15. කිරිහොඳා says:

    හෙට කියයි මම එහෙම කිව්වෙ නැහැ කියල.

  16. uunish says:

    Dear Admin

    Kind request to remove this news. This news no any value for reader, MS or you. Useless news

  17. nanayakkara says:

    2020 ප්‍රකාශ වන දේශදෝහින්ගේ ලේඛනයේ අංක 01 කවුරුන් විය හැකිද????? රට අරාජිකත්වයට පත් කර මහ බැංකුව කොල්ලකා රජයේ දේපල විකුණගෙන කන උන්ට සහ ඊට ආධාර අනුබල දෙන විධායකයන්ට /වැලැක්විය හැකිව තබියදී නිවටව සිටි න උන්ට දිය යුතු දඩුවම කුමක්ද? මොවුන් ගෝල් ෆේස් පිටියේ තබා ගල් ගැසිය යුතුය.

  18. nanayakkara says:

    රට ජාතිය පාවා දීමටත් වඩා ප්‍රබල තීන්දුව මොකක්ද දන්නේ නෑ??????????????????????

  19. nanayakkara says:

    බම්බුවක් කරයි

  20. nanayakkara says:

    මේ රටේ ව්‍යවස්ථාව අනුව තවමත් රටේ පූර්ණ විධායක බලය තියෙන්නේ ජනපතිට මහබැංකුව සිංගප්පූරුවෙ එකෙක් කොල්ලකෑවලු වරාය ලේකම් නෛක් විකුණුවලු ඹීවා තවම පත්තරේ පළ කලේ නැද්ද? මේ රටේ පත්තර කීයක් තියෙනවද?
    හොරා කාපු පර්පචුවල් ට්‍රෙෂරිස්ලාගේ දැන්වීම් ජාතික (නෙත්) කියා ගන්නා නාලිකා වලත් ප්‍රචාරය වෙනවා.

  21. Francis fernando says:

    Monawaa mage oluwe amaaruwak thiyanawada ehema kiyanna. Glubh !

Main News