ජනපති බල ගන්වමින් 20 පාර්ලිමේන්තුවට.. සහාය දෙන්න විපක්‍ෂ පිරිසක්ද එයි..

August 29, 2020 at 9:20 am | lanka C news
ජනපති බල ගන්වමින් 20 පාර්ලිමේන්තුවට.. සහාය දෙන්න විපක්‍ෂ පිරිසක්ද එයි..

එළඹෙන සැප්තැම්බර් මස 03 වැනි සතියේදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඊට සහයෝගය දීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ද සූදානමින් සිටින බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

එම සංශෝධනය මගින් රජයේ උසස් තනතුරු වලට පුද්ගලයන් පත් කිරීමේ බලය ව්‍යවස්ථා සභාවෙන් ජනාධිපතිවරයාට ලැබෙයි.

මැතිවරණ කොමිසන් සභාවේ සංයුතිය පස්දෙනකු දක්වා ඉහල නැවීමට මෙමගින් කටයුතු කර ඇත. දැනට සිටින්නේ එහි සාමාජිකයන් තුන් දෙනෙකි.

මෙම සංශෝධනයට අදාළ කෙටුම්පත සැප්තැම්බර් මස දෙවැනි දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

එසේ ඉදිරිපත් වන 20 වෙනි සංශෝධනයට සහාය දීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දැනටමත් එකඟතාවය පළ කර ඇති බව සදහන්ය.

40,435 views

7 Comments to “ජනපති බල ගන්වමින් 20 පාර්ලිමේන්තුවට.. සහාය දෙන්න විපක්‍ෂ පිරිසක්ද එයි..”

  1. සුමල් says:

    නමට සුවාධීන මැතිවරණ කොමිසම වැඩ කරපු විදිය හරිම නින්දිතයි. NGO එක්ක ඩීල් දාන මැතිවරණ කොමිසමක් අවශ්‍ය නෑ.

  2. ගාමිණි says:

    20 සංශෝධනයත් 19 වගේම කලු සුද්දන්ගේ
    කුමන්ත්‍රණයක්….

  3. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    20 වන සංශා්ධනයෙන් සියළු ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන් පත්කිරීමෙි බලයත්, පොලිස්පති පත්කිරීමෙි බලයත් ජනාධිපතිට දෙමු. ස්වාධීන කොමිෂන් අහෝසි කරමු. නඩුත්, බඩුත් දෙකම හාහාමුදුරුවන්ගෙ කියල හිතල වැඩෙි කරගෙන යමු. අධිකරණය ඉදිරියේ ඇති නඩු විසිකරල දමමු. සෞභාග්‍යයේ දැක්ම සාර්ථක කරමු.

  4. ගාමිණී කරුණාරත්න says:

    Please abolish the National Procurement Commission. It is of no use. Please establish a ‘Department of Public Procurement’ under the Treasury.

  5. sinhale le says:

    බණ්ඩාරනායක මහත්මයා යෝජනා කෙරුවා සිංහල බාෂාව රජයේ බාෂාව විය යුතුයි කියලා. එතුමාට ගරුකිරීමක් වශයෙන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එය ඉටුකරමු.

  6. Abolish all useless independent commissions. Go back to the old system of Govt. departments with senior persons appointed from department or the civil service.

    The commissions are full of jokers, e.g the so-called elections commission.

Main News