ජනපති බස් එකේ යයි..

January 15, 2021 at 4:40 pm | lanka C news
ජනපති බස් එකේ යයි..

කොළඹ නගරය ආශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද (15) ආරම්භ කෙරිණ.

මෝටර් රථයෙන් සහ යතුරු පැදියෙන් ගමන් ගන්නා මගීන් සඳහා සුවපහසු, ආරක්ෂිත පොදු ප්‍රවාහන බස්රථ සේවාවක් සැපයීම මගින් කොළඹ සහ තදාසන්න නගර වලට ගමන් කරන වාහන සංඛ්‍යාව අඩු කිරීම මෙහි අරමුණයි. පරිසර දූෂණය, වැයවන කාලය සහ මගීන්ගේ මානසික පීඩනය අවම කිරීම ද අපේක්ෂා කෙරේ.

ආසන ගණනට මගීන් රැගෙන යාමට සුඛෝපභෝගී බස්රථ පමණක් යොදා ගැනේ. අයකෙරෙන මුදල සාමාන්‍ය බස් රථ ගාස්තුව මෙන් දෙගුණයකි. නැවතුම්පොළ සීමිත සංඛ්‍යාවකින් පමණක් මගීන් නංවා ගැනීම, අඩු කාලයකින් ගමනාන්තය කරා ළඟාවීම, ආචාරශීලී, සුහදශීලී හා ආකර්ශණීය ප්‍රවාහන සේවාවක් සැලසීම, තාක්ෂණය උපයෝගී කරගෙන දිනපතා කෙරෙන පසුවිපරම සහ Clock Wise හා Anti Clock Wise ගමන් වර්ග දෙකක් ක්‍රියාත්මක වීම වැඩසටහනට අයත් වේ.

මගීන්ට සිය මෝටර් රථය බහුවිධ මධ්‍යස්ථානයට අයත් රථ ගාලෙහි මුදල් ගෙවීමකින් තොරව නතර කර තැබීමට පහසුකම් සලසා තිබේ. වැඩසටහනෙහි ප්‍රගතිය සැලකිල්ලට ගෙන වාහන නවතා තැබීමේ ඉඩ පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ. පෙ.ව 06.00 සිට පෙ.ව 08.00 සහ ප.ව 04.00 සිට ප.ව 09.00 දක්වා විනාඩි 15 කට වරක් බස් රථ ධාවනය කරනු ලැබේ.

පෙ.ව 08.00ත් ප.ව 04.00 ත් අතර කාලය තුළ බස් රථ ධාවනය වන්නේ විනාඩි 25කට වතාවකි. දිනකට ගමන් වාර 64ක් සිදු කෙරේ.

වාහන නියාමන බස් රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව පොදු ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කරයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව යන ආයතනවල දායකත්වය ද ඊට හිමි වේ.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය සහ බස් රථ කාල සටහන පිළිබඳව තොරතුරු දැන ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය හඳුන්වා දී ඇති විශේෂ ඛේතය (APP) පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කෙරිණ.

නව සේවාව සඳහා යොදවා ඇති බස් රථයක ගමන් කළ ජනාධිපතිතුමා එහි පහසුකම් නිරීක්ෂණ කළේය.

ඔරේන්ජ් සමාගම ව්‍යාපෘතියට සමගාමීව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ස්ථාපනය කළ ස්වයං අළෙවි හළ (OREL UNMANNED STORE) ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණ.

ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරු, රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

52,976 views

23 Comments to “ජනපති බස් එකේ යයි..”

  1. Jepi buster says:

    දැන් අලුත් බස් තියෙනවා, ටයර් කර්මාන්තශාලවක් තියනවා.
    ජෙප්පන්ට මිනී මරල පුච්චන්න ටයර් සහ ගිනි තියන්න බස් තියෙන නිසා ජෙප්පො ආයෙත් බලය අල්ලන්න කැරැල්ලක් ගහයිද දන්නෑ.

    • Jerry says:

      ජෙරි කැප්පො ඒවට ආවොත් මෙදා සපත්තු පාර කාලයි යන්නෙ

    • පු ගැට්ටා ද සිල්වා says:

      ඒකොත් මක එක දවසක පෙර රජ සමයෙහි, මොරටුව කටුබැද්ද නගරයේ, ඩිපෝව අසල මෙවන් park & ride වැඩසටහනක් පටන් ගත්තා. ( 2007-2008). උණු උණුවේ AC බස් තිබ්බා. ටික දවසක් යනවකොට බස් කම්බස් උනා. park එකේ කාර් නැතිඋනා. හරක් ලගින්න ගත්තා. පටන් ගන්න දවසේ තෝරන් ගහන් , තොග පිටින් අආපු මිඩියා කාරයෝ, පුම්බගෙන ආපු දේශපාලුවෝ, ඒවාට කඩේ ගියපු නිලධාරි, උපදෙස් දීපු පුටු රත්කරන ෆ්රෝපා ල එකෙක් වත් මොකද උනේ කියල සද්දයක් නැහැ. බස් දුවපු උන් බැන බැන හිටියා ආණ්ඩුව උන්ට පොරොන්දු උන ගාණ තියා බාගයක් වත් දුන්නේ නැහැ කියලා.
      රටක් හැටියට මේ තාවකාලික ගංජා ගහලා ආතල් ගන්න වගේ මෝඩ චුන් වැඩ නවත්තලා, දීර්ග කාලීන වැඩ පිළිවෙලක් හදන්න මිනිස්සු පාරේ රස්තියාදු වෙන එක නවතන්න. එන්න එන්න කොළඹට එන වාහන ධාරිතාව වැඩිවීම තුල පරිසර දුෂණය ඉතා ඉහල යනවා. මිනිස්සු පොදු ප්‍රවාහනය දකින්නේ කාලකන්නි සේවාවක් හැටියට. ආසියාවේ දියුණු වෙච්ච අනිත් රටවල් වගේ අඩුම ගානේ, ඉලෙක්ට්‍රික් ට්‍රේන් එකක් වත් දාන්න බලන්න මහත්තයෝ. බැරිනම්, ඔය කොළඹ වටේ තියන තදබදය වැඩි කාර්යාල කොළඹින් පිටට ගෙනියන්න. නිකන් බොරුවට අවුරුදු පහේ මිනිස්සු මුලා නොකර.

  2. Gota says:

    Ane nande go in a real bus.

  3. aniwa says:

    අනේ අපේ ගාමිණි ලොකුගේ ශ්‍රීමතාණන්ට මේ ව්‍යාපාරයෙන් තව තවත් ලැබේවා.
    පිළියන්දල කැස්බෑවේ ජනතාව දන්නවා මේ තරම් කල් තමන්ට කියා තඹ සත පහක මුදලක් වංචා නොකර එතුමා ප්‍රදේශයට කල සේවය. ජය වේවා සර් !

  4. නයා says:

    අළුත් ඇප් එකේ නම දෙන්නේ නැතුව මේ නිව්ස් එකේ තියෙන වැදගත් කම මොකක්ද?
    ජනාධි පති තුමාටයි ආණ්ඩුවටයි හුරේ දැම්මා ඇති අඩු ගානේ කරන වැඩ වල සේවය ජනතාවට ලබා ගන්න අවශ්‍ය තොරතුරු ටික ප්‍රවෘත්ති වාර්ථා වල අඩංගු වෙන්න ඕනේ

  5. bua says:

    can we make list of all those who drank peniya and then we can all know the countries pakayas.

  6. lakshman says:

    Timely essential requirement.

  7. Rohana says:

    ටික දවසක් යනකොට කට කපලා පටවාගෙන කොට කොට යයි. කලිනුත් ඒක නේ වුනේ

  8. Diogenes says:

    kaata kaata hari nommara eke raja komis paarak wadilaa thiyana bawata nam sakayak naha neda?

  9. චන්ද දායක says:

    කලින් ඔය ප්‍රොජෙක්ට් එක ගෙනාවා නේ.ඒක අසාර්ථක වුනා . කොළඹට ඇතුළු වන වාහන වලට මුදලක් අය කරලා , නෝ චොයිස් කරලා ,මුලින් මිනිස්සු බැන බැන ගිහින් පස්සේ සාර්ථක වෙන්න පුලුවන් . Good Luck .

  10. PULATHISI says:

    සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තියේ වරින් වර ක්‍රියාත්මක කෙරෙන සෞභාග්‍යමත් වැඩ පිළිවෙළ අනුව අපේ රටට සුභ අනාගතයක් උදා වෙමින් පවතී. කොරෝනා උවඳුර අතරින් ඉදිරියට යන අතිගරු ජනාධිපතිතුමා සහ අතිගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජයේ ජාතික සංවර්ධන වැඩ පිළිවෙළ සියලු ආකාරයෙන්ම සාර්ථක වේවායි සුභාසිරි පතමු.

Main News