ජනපති බැන්නත් FCID නොනවතී.. හිටපු ජනපති මහින්දගේ මස්සිනා අත්අඩංගුවට ගනී..

October 17, 2016 at 11:20 am | lanka C news
ජනපති බැන්නත් FCID නොනවතී.. හිටපු ජනපති මහින්දගේ මස්සිනා අත්අඩංගුවට ගනී..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඥාති සහෝදරියක වන නිරුපමා රාජපක්‍ෂ මහත්මියගේ සැමියා වන ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මහතා පුගොඩ මහේස්ත්‍රාත්  අධිකරණය හමුවට ඉදිරිපත්  කිරිමට නියමිතය.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ මල්වානේ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමටයි.

අදාල ඉඩමේ තමනට අයිති නැතැයි ඇමති බැසිල් රාජපක්‍ෂ විසින් ප‍්‍රකාශ කල පසු මේ වන විට එය විකුනා දැමීමට අධිකරනය විසින් නියෝග කර ඇත.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ප‍්‍රසිද්ධියේ කියා සිටියේ CID, FCID, අල්ලස් කොමිසම යන ආයතන දේශපාලන උවමනාවන් මත ක‍්‍රියාත්මක වන බවයි.

59 views
Main News