ජනපති මඩු වල්ගය අතට ගනී.. යහපාලන හොරු අල්ලන්න ජනාධිපති කොමිසමක් පත් කරයි..

October 17, 2016 at 8:02 am | lanka C news
ජනපති මඩු වල්ගය අතට ගනී.. යහපාලන හොරු අල්ලන්න ජනාධිපති කොමිසමක් පත් කරයි..

නව ආණ්ඩුවේ සිටින මැති ඇමැතිවරුන්ටත් ඉහළ රාජ්‍ය නිලධාරීන්ටත් එල්ල වී ඇති දුෂණ අක‍්‍රමිකතා චෝදනා විමර්ශනයට කිරීම සදහා පූර්ණ බලය සහිත ජනාධිපති කොමිසමක් පිහිටුවීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා මෙම තීරණය ගනෙ ඇත්තේ විපක්ෂයෙන් මෙන්ම සිවිල් සංවිධානවලින් විද්වත් වෘත්තිකයන්ගෙන්ද පසුගිය කාලය පුරා ලැබුණු පැමිණිලි හා ආයාචනා සලකා බැලීමෙනි.

මෙම කොමිසම හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්,ජ්‍යෙෂ්ඨ අමාත්‍යංශ ලේකම්වරුන් හා හිටපු විගණකාධිපතිවරයකුගෙන් සමන්විත වනු ඇතැයිද පැවසෙයි.

106 views
Main News