ජනපති මත්ද්‍රව්‍ය නිවාරණය නොතකයි.. අලූත් අවුරද්දට ආණ්ඩුවේ එජාපයෙන් ‘මත්පැන් බීමේ’ තරගයක්..

April 4, 2017 at 10:49 pm | lanka C news
ජනපති මත්ද්‍රව්‍ය නිවාරණය නොතකයි.. අලූත් අවුරද්දට ආණ්ඩුවේ එජාපයෙන් ‘මත්පැන් බීමේ’ තරගයක්..

වත්මන් සම්මුතිකාමී ආණ්ඩුවේ ප‍්‍රධානතම පාර්ශවය වන එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්ත‍්‍රික් සංවිධානය විසින් මෙවර සිංහල අලූත් අවුරුද්දට සමගාමීව සංවිධානය කර ඇති සුහද හමුවක ප‍්‍රචාරක බැනරයක් හා තරග සටහන් පත‍්‍රිකාවක් සමාජ ජාලාවන්හි හුවමාරු වෙමින් ඇත.

තරග සදහා පාක්‍ෂිකයින් සහභාගී කරවන්වැයි දන්වමින් බෙදා හැර ඇති එම තරග සටහන් පත‍්‍රිකාවේ එක් අපූරු තරගයක්ද වෙයි. ‘බියර් බීම’ එම තරගයයි.

යහපාලන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ වැඩසටහනක් ක‍්‍රියාත්මක වෙද්දී ආණ්ඩුවේ ප‍්‍රධාන පාර්ශවය ඊට සපුරා පටහැනි කටයුත්තක නියැලීම පුදුමය දනවයි.

එමෙන්ම මඩකලපුවේ අති දැවැන්ත අරක්කු කර්මාන්ත ශාලාවක් ඉදිකරමින් සිටින්නේ යයිද ආණ්ඩුවේ සමීපතමයෙකුට සෘජුව චෝදනා එල්ල වෙයි.

1,634 views
Main News