ජනපති මහ බැංකු අධිපතිට නිලධාරීන්ට පැය 24ක් කල් දෙයි.. කරන්න බැරිනම් යන්නැයි දන්වයි..

June 16, 2020 at 3:08 pm | lanka C news
ජනපති මහ බැංකු අධිපතිට නිලධාරීන්ට පැය 24ක් කල් දෙයි.. කරන්න බැරිනම් යන්නැයි දන්වයි..

“රට ගොදුරු වී ඇති සෞඛ්‍ය අර්බුදය ආර්ථික අර්බුදයක් බවට පත්වීමට ඉඩ දෙන්න බැහැ. අප මුහුණ පා ඇත්තේ ගෝලීය අර්බුදයකට. වැටුණු ආර්ථිකය ගොඩගැනීමට ඉවහල්වන මූල්‍ය සහ ෆිස්කල් ප්‍රතිපත්ති සම්පාදනයේ වගකීම ඇත්තේ මහ බැංකුවට සහ භාණ්ඩාගාරයට. ලොව ලොකු, කුඩා රටවල මහ බැංකු අර්බුදය ජය ගැනීමට මෙවලම් සමූහයක් හඳුන්වාදී තිබෙනවා. අපේ මහ බැංකුවෙන් එවැනි යහපත් ප්‍රතිචාරයක් නැහැ. අර්බුදය ජය ගැනීමට කළයුතු දේ කිසිදු ප්‍රමාදයකින් තොරව මට දැනුම් දෙන්න” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහ බැංකුවේ ප්‍රධානීන්ට කියා සිටී.

ආර්ථික පුනර්ජීවනය සඳහා රජය සිය යෝජනා ඉදිරිපත් කර තිබේ. ඊට මහ බැංකුවේ සහාය මෙතෙක් ලැබී නැත. එසේ කිරීමට හේතුව කුමක්දැයි පැහැදිළි කරන්නැයි ජනාධිපතිතුමා ඔවුන්ට දැනුම් දෙයි.

ශ්‍රී ලංකා මහබැංකු අධිපති ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ අවවාදාත්මක ප්‍රකාශය කළේය.

ඇමරිකාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල මෙන්ම කුඩා රටවලද මහබැංකු ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය ක්‍රමවේද ඉදිරිපත් කර තිබේ. එහෙත් මෙරට මහබැංකුව ආර්ථික පුනරුත්ථාපනය සඳහා කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නැත. පසුගිය වසර කිහිපය තුළ ආයතන රැසකට ඔවුන් සැපයූ සේවා සහ නිෂ්පාදන වෙනුවෙන් රජය විශාල මුදල් ප්‍රමාණයක් ගෙවිය යුතුව ඇත. ඒවා ඇපකර ලෙස තබාගෙන රුපියල් බිලියන 150ක් මූල්‍ය ප්‍රතිපාදන බැංකු වෙත ලබාදීමට ජනාධිපතිතුමා කළ යෝජනාව මහබැංකුව පැහැර හැර තිබේ. මේ නිසා සිදුවන ආර්ථික පසුබැස්ම පිළිබඳ චෝදනාව රජය මත පැටවෙන බව ජනාධිපතිතුමා කීය.

මහබැංකු මූල්‍ය වංචාව සිදුවූ කාලයේ සිටි නිලධාරීහූ තවමත් සිය තනතුරු හොබවති. ඒ මහා වංචාවට සහාය වූ ඔවුන් රට හදන්න සහය නොදීම ගැන ජනාධිපතිතුමා සිය අප්‍රසාදය පළ කළේය. ජනතාව තමාට අතිවිශාල ජනවරමක් දී ඇත්තේ රට වෙනුවෙන් බව පෙන්වා දෙන ජනාධිපතිතුමා එය ඉටුකිරීමට බැඳී සිටින බව අවධාරණය කළේය.

සෞඛ්‍ය, ආරක්ෂක සහ බුද්ධි අංශ එක්ව කොවිඩ් වසංගතයෙන් රට බේරා ගැනීමට විශාල කැපකිරීමක් කළහ. රට ආර්ථිකමය වශයෙන් ගොඩනැගීමේ කාර්යභාරය මහබැංකුව වෙත පැවරී තිබේ. එය ඉටුකරනු වෙනුවට මහබැංකුව තම යෝජනාවලටද අවහිර කර ඇති බව ජනාධිපතිතුමා කීය. ගැටළුව අවබෝධකරගෙන ඉතා ඉක්මණින් මහ බැංකුවේ යෝජනා හෝ තම යෝජනාවට අනුමැතිය හෝ දෙන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට දැනුම් දුන්නේය. එය අදම කළයුතු බවද එතුමා අවධාරණය කළේය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, මහබැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් යන මහත්වරු සහ මහබැංකු නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

226 views

59 Comments to “ජනපති මහ බැංකු අධිපතිට නිලධාරීන්ට පැය 24ක් කල් දෙයි.. කරන්න බැරිනම් යන්නැයි දන්වයි..”

  1. ranjan says:

    These senior officers have been addressed long before, but nothing happened b’cos all these time they danced to their own tune. For all the economic debacles and crisis in the country, the Central Bank should held the total responsibility due to their lethargic, negative attitudes and principally, not addressing the problems at coerect time and correct way. All these time they just pass their time!

  2. හෙලයා says:

    මේක තමා වෙන්න ඕනෙ. ගරු ජනධිපතිතුමා අවoකවම මේ රට යලි ගොඩනැගීමට කැපවෙන බව ඉතාම පැහැදිලියි. දේශපාලන තොප්පි පසෙක දමා හැමෝම එතුමාට සහය දැක්වීම අපි හැමෝටමත් අනාගත දරු පරපුරටත් ඉතාම යහපත්. මෙතෙක් කිසිවකු නොකල ලෙස එතුමා වැඩෙ හරියට කරාවි

    • KK says:

      ඔබ හරි. නමුත් ලංකාවේ තවමත් සුළුතරයක් කුහකයෝ ඉන්නවා. උන්ට ඕනේ රට විනාෂවෙන්නයි. ඩොලර් හම්බවෙන්නේ එතකොටයි.

  3. Athal says:

    Bola. .KK.. umbala wage bath kana mee haraak gen thamai Dan rata beraganna wela thiyenne. ..😂😂

Main News