ජනපති මැදුර, අගමැති මදුර වටලති.. පුංචි ඡන්දය ඉල්ලති..

February 21, 2017 at 3:50 pm | lanka C news
ජනපති මැදුර, අගමැති මදුර වටලති.. පුංචි ඡන්දය ඉල්ලති..

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සදහා රනිල් – මෛතී‍්‍ර ආණ්ඩුව විවිධ උප්පරවැට්ටි යොදන බවත්, පෙබරවාරි මාසය අවසන් වීමට පෙර පළාත් පාලන මැතිවරණයට දින නියම නොකලහොත් ජනාධිපති මන්ධිරය සහ අරලියගහ මන්දිරය වටලන බවත්, ගම්පහ පළාත් පාලන මන්තී‍්‍ර සංසදය අවධාරණය කරති.

ජන පදනමක් නොමැති ඇතැමුන් මහින්ද රාජපක්‍ෂ මහතාට සහ ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍රවරයාට අවලාද නගන බව පෙන්වා දෙන ගම්පහ පළාත් පාලන මන්තී‍්‍ර සංසදය හැකිනම් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ගම්පහ එක ප‍්‍රාදේශීය සභාවක් නැතහොත් නගරසභාවක් දිනා පෙන්වන්නැයි ඔවුන්ට අභියෝග කලහ.

ඔවුන් මේ බව අවධාරණය කලේ අද (21) උඩුගම්පල රෙජී රණතුංග සමරු සම්මන්ත‍්‍රණහාලාවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්. වත්මන් දේශපාලන තත්වය පැහැදිලි කිරීම සදහා මෙම මාධ්‍ය හමුව කැදවා තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ ගම්පහ පළාත් පාලන සංසදයේ නියෝජිතයෝ මෙසේද කීහ.

වත්තල නගර සභාවේ හිටපු සභාපති මොහොමඞ් නවුසාඞ් මහතා.

රනිල්-මෛතී‍්‍ර ආණ්ඩුව මේ රටේ මුස්ලිම් ජනතාව රැුවැට්ටුවා අද මුස්ලිම් ජනතාවත් අසරණයි. ඔවුන්ගේ වෙළහෙළදාම් කටයුතු බිද වැටිලා. සු`ඵ ජාතික ඡුංදයෙන් බලයට පත් වෙච්ච ආණ්ඩුව අද කටයුතු කරන්නේ දෙමළ ඩයස් පෝරාවට ඕනෑ විදියටයි. අපි මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලනවා තව දුරටත් මේ ආණ්ඩුව ගැන අද,ගො`ඵ බිහිරි පිරිසක් වගේ ඉන්නේ නැතුව මේ ආණ්ඩුවට විරුද්ධව ඒකාබද්ධ විපක්‍ෂයේ මහින්ද මහත්තයලා, ප‍්‍රසන්න මහත්තයාලා වගේ අයත් එක්ක එකතු වෙන්න කියලා. එහෙම නොවුනොත් අපිට ජීවත් වෙන්න රටක් නැතුව යනවා.

ගම්පහ පළාත් පාලන මන්තී‍්‍ර සංසදයේ සභාපති ගම්පහ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් ගුණවර්ධන මහතා.

ඊයේ පෙරේදා ගම්පහ මෛතී‍්‍රට කඬේ යන කීප දෙනෙක් ඇහින්දාස්ලා දාලා ප‍්‍රවෘත්ති සාජකච්ඡවක් පවත්වලා තියෙනවා. ඒකෙදි කිව්වලූ ගම්පහ පළාත් පාලන මන්තී‍්‍රවරු දැන් ඒකාබද්ධ විපක්‍ෂයෙන් ගැලවෙනවා කියලා. ගම්පහ පළාත් පාලන මන්තී‍්‍රවරු සීයට අනූ නමයක්ම ඉන්නේ මහින්ද මහත්තයත් එක්කයි. අපි ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍රවරයාගේ නායකත්වයෙනුයි කටයුතු කරන්නේ. ඔය මාධ්‍ය සාකච්ඡුා තියපු උදවියට කිසිදු ඡුන්ද පදනමක් නෑ. ඔවුන්ට ගමක රැස්වීමකට එක දහදෙනෙක් එකතු කර ගන්න බෑ. අපි අභියෝග කරනවා පුලූවන්නම් ඊලග පළාත් පාලන මැතිවරණයට මෛතී‍්‍රගේ පිලෙන් ඉදිරිපත්වෙලා ගම්පහ එක ප‍්‍රාදේශීය සභාවක් , නගර සභාවක්, දිනලා පෙන්නන්න.

අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පි‍්‍රයන්ත පුෂ්ප කුමාර මහතා.

මහින්ද මහත්තයට, ප‍්‍රසන්න මහත්තයට චෝදනා කරපු මේ මාධ්‍ය හමුව කරපු එක්කෙනෙක් නිදන් හොරෙක්, අනිකා යකඩ පාලම් හොරෙක්, අනිත් කෙනා මිනී මරුවෙක්, මෛතී‍්‍රපාල ජනාධිපතිවරයාගෙන් වරප‍්‍රසාද ගන්න තමයි මේ අය රෙදි නැතුව කඬේ යන්නේ. මේ අයගේ අවලාද මඩ ප‍්‍රචාර මේ රටේ ජනතාව ගනන් ගන්නේ නෑ. අද මේ රටේ ජනතාවට කන්න අදින එකත් මේ රනිල්-මෛතී‍්‍ර ආණ්ඩුව නැති කරලයි තියෙන්නේ. අපි අභියෝග කරනවා ආණ්ඩුවට ඕනෑම විදියකට පළාත් පාලන මැතිවරණය තියන්න. මොන ක‍්‍රමෙන් තිබ්බත් දිනන්නේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ නායකත්වයෙන් තරග වදින අපි. ඔය පම්පෝරි ගහන එකෙකෙුටවත් ප‍්‍රාදේශීය සභාවක් , නගර සභාවක්, අහලකටවත් යන්න බෑ.

මීගමුව හිටපු නගරාධිපති ඇන්ටනී ජයවීර මහතා.

අපේ පක්‍ෂය පැරැද්දුවේ වර්තමාන ජනාධිපති දැන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛතී‍්‍රපාල සිරිසේන මහතායි. ඔහු පොදු අපේක්‍ෂකයා වශයෙන් මුලින්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පැරැුද්දුවා. ඊට පස්සේ මහ මැතිවරනෙදි නැවතත් අපේ පක්‍ෂය පැරැද්දුවා. පක්‍ෂෙ සභාපති විදියට ඉදගෙන කරපු අනිත් අපරාධය තමයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට බලය තිබුණු පළාත් පාලන ආයතන විසුරුවා හැරීම මේවා තමයි ඞීල් කියන්නේ. අපි නෙමෙයි එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක ඞීල් දාන්නේ අද මෛතී‍්‍ර එක්ක රනිල්ට කඬේ යන උදවියයි. සමහර අය අද කතා කරන්නේ රෙදි ඇදගෙනදැයි ප‍්‍රශ්නයක් තියෙනවා. බත් පාර්ෂල් වලිනුත් සීයට දහයක කොමිස් ගත්ත මල්ලිලයි අද ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍රවරයාට චෝදනා කරන්නේ. අද ඇත්තටම රටේ නායකයා කවුදැයි කවුරුවත් දන්නේ නෑ. ඒ තරමට රටේ පරිපාලනය බිද වැටිලා.

බියගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ගණේපොල මහතා.

අද රණතුංග පවුලේ රෙජී රණතුංග දේශපාලනය ඉදිරියට ගෙන යන්නේ ප‍්‍රසන්න රණතුංග මහතායි. ඒ පවුලේ දේශපාලනය කරන අනිත් අය ප‍්‍රතිපත්ති ගරුක අය නෙමෙයි. වාසි අතට හෝයියා කියන අයයි. අර්ජුන රණතුංගගේ සහ රුවන් රණතුංගගේ කි‍්‍රයා කළාපයෙන් මේක තහවුරු වෙනවා.

ඊයේ පෙරේදා මාධ්‍ය හමු තියලා මහින්ද මහත්තයට, ප‍්‍රසන්න මහත්තයට අපිට බැන්නේ කොන්ත‍්‍රාත් කාරයෝ ටිකක්. මුදලට, ගිජුකමට වරප‍්‍රසාද ගන්න තමයි මේ අය මේ වගේ චෝදනා කලේ.

මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කුමාර අරංගල්ල මහතා.

රනිල්-මෛතී‍්‍ර ආණ්ඩුව රටේ ජනතාවට බොරු කියමින් බොරු කරමින් තමයි රට පාලනය කරන්නේ. ලාභ කාර, නොමිලේ වයි ෆයි, ෆොක්ස්වැගන්, බොරු කියලා කෙලව ගත්ත ආණ්ඩුවේ අලූත්ම බොරුව තමයි පළාත් පාලන මැතිවරණ බොරුව. ඇමති එකක් කියනවා . ජනාධිපති තව එකක් කියනවා. අගමැති තවත් එකක් කියනවා අපි අභියෝග කරනවා රනිල් -මෛතී‍්‍ර ආණ්ඩුවට තිබුණු ක‍්‍රමයට හරි අලූත් ක‍්‍රමයට හරි වෙන ඕනෑම ක‍්‍රමයකට හරි පළාත් පාලන මැතිවරණය තියන්න. අපි ලෑස්තියි මහින්ද මහත්තයත් එක්ක එකතුවෙලා මේ ආණ්ඩුව ගෙදර යවන්න. මැතිවරණය තිබ්බොත් ආණ්ඩුවට යන්න වෙන්නේ හොම්බෙන්. ඒකයි ආණ්ඩුව මැතිවරණය කල් දාන්නේ. දැන් ඉවසුවා ඇති පෙබරවාරි මාසයේ අන්තිම වෙන්න කලින් පළාත් පාලන මැතිවරණයට දින නියම නොකලොත් අප ිමැතිවරණය ඉල්ලලා අරලියගහ මන්දිරයත්,ජනාධිපති මන්දිරයත් වට කරන්න ලෑස්තියි.

මීරිගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සනත් නන්දසිරි රණතුංග මහතා.දොම්පේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් ජයතිලක මහතා,පෑලියගොඩ හිටපු නගරාධිපති අමිල නිශාන්ත කුමාරසිංහ මහතා ද මෙහිදී කතා කලහ.

– ප‍්‍රදීප් අනුර කුමාර

26 views

2 Comments to “ජනපති මැදුර, අගමැති මදුර වටලති.. පුංචි ඡන්දය ඉල්ලති..”

  1. Saradiel says:

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කල යුතුය තායි ලන්ත මහජන බලය මෙන් අපි පාරට බහිමු

  2. ExUNPer says:

    Yes, a powerful struggle by all masses….but make sure NO violance, no harm to people and property.
    Let’s get unite,move and break the strings of the puppets to save the country.

Main News