ජනපති මියයන බවට අනාවැකි කී විජිත් රෝහණ විජේමුණිට නඩු දමා ඇත්තේ ‘රජතුමා’ට එරෙහි අපරාධ කලා කියලා..

August 3, 2017 at 3:50 pm | lanka C news
ජනපති මියයන බවට අනාවැකි කී විජිත් රෝහණ විජේමුණිට නඩු දමා ඇත්තේ ‘රජතුමා’ට එරෙහි අපරාධ කලා කියලා..

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මිය යන්නේ යයි අනාවැකි කීම සම්බන්ධයෙක් ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණිට නඩු පවරා ඇත්තේ රජුට එරෙහිව කල අපරාධ ක්‍රියාවන් යටතේ බව අධිකරණයේදී හෙලි විය.

දණ්ඩ නීති සංග්‍රහයේ ඇති 120 වගන්තිය යටතේ පොලීසිය විසින් මෙම නඩුව පවරා ඇති බවත් රජුට විරුද්දව කරනු ලබන අපරාධ ක්‍රියාවන් ගැන එකී වගන්තියේ සදහන් බවත් ශ්‍රී ලංකාව රාජාණ්ඩුවක් නොව ජනරජයක් බවත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා අධිකරණයේදී කියා සිටියේය.

විත්තිකරුට එරෙහි ඇප කොන්දේසි ලිහිල් කල අධිකරණය නොවැම්බර් මස 28 දින යලි නඩුව කැදවීමට නියෝග කලේය.

7 views
Main News