ජනපති මෛත්‍රිගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 28 වන පිටුව එලිපිට කඩයි..

May 15, 2018 at 12:01 am | lanka C news
ජනපති මෛත්‍රිගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 28 වන පිටුව එලිපිට කඩයි..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

ආණ්ඩුවේ මැති ඇමතිවරු ගිරව් වගේ කියන කතාවක් තිබෙනවා.  අපි තෙල් මිළ වැඩි කළත් තවමත් මහින්ද යුගයට වඩා ලාභයිනෙ.  ඒ නිසා පොහොට්ටුවේ අයට අයිතියක් නෑ තෙල් මිළ විවේචනය කරන්න.  මේක පදනම් විරහිත කතාවක්.

මේ ආණ්ඩුව මැයි 11 දින පෙට්‍රල් ලීටරයක මිළ රු 137ක් කළා.  ඊට කලින් මාසයේ ඒ කියන්නේ අප්‍රේල් මාසයේ ලෝක වෙළඳපොලේ තෙල් බැරලයක මිළ ඩොලර් 67යි.  මීට පෙර රු 137 දක්වා පෙට්‍රල් ලීටරයක මිළ වැඩි කලේ 2011 සැප්තැම්බර් 30 දා.  ඊට පෙර මාසයේ ලෝක වෙළඳපොලේ තෙල් බැරලයක මිළ ඩොලර් 100යි.  අපි 137 දක්වා වැඩි කරන්නේ ලෝක වෙළඳපොලේ ඩොලර් 100 ට තෙල් බැරලය විකුණන විට.  මේ ආණ්ඩුව ඩොලර් 67 වුණාම රු 137ක් කළා.  මහින්ද යුගයේ රු 150ට පෙට්‍රල් දුන් බව ඇත්තයි.  එදා තෙල් බැරලයක මිළ තිබුණේ ඩොලර් 100ත් 110ත් අතර.  මහින්ද යුගයේ දී වගේ ලෝක වෙළඳපොලේ තෙල් මිළ ඉහළ ගියා නම් මේ ආණ්ඩුව අද වන විට පෙට්‍රල් ලීටරයක මිළ රු 200ක් කරලා. ඒනිසා හරියට ඉතිහාසය දන් නැතුව ගණන් හදන්න දන් නැතුව කට මැත දොඩවන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

මේ ආණ්ඩුව 2015 ජනවාරි මාසයේ පෙට්‍රල් ලීටරයක මිළ රු 117 දක්වා අඩු කරන විට ලෝක වෙළඳපොලේ තෙල් බැරලයක මිළ වුණේ ඩොලර් 61යි.  දැන් මිල ඩොරල් 67 යි. ඩොලර් 61 දී රු 117ට දෙන්න පුළුවන් පෙට්‍රල් ලීටරය ඩොලර් 67 දී 137ක් වෙන ආකාරය ආණ්ඩුවේ  ඉන්නා ආර්ථික විශේෂඥයන් යැයි කියන සුපිරි මොල විසින් අපට පැහැදිලි කළ යුතුයි.  ඒ වගේම 2016 ජනවාරි මාසයේ දී  ලෝක වෙළඳපොලේ තෙල් මිල බැරලයේ පතුලටම කඩා වැටුනා. එදා ලෝක වෙළඳපොලේ තෙල් බැරලයක මිළ ඩොලර් 29 දක්වා පහත වැටුණත් ඒකෙ වාසිය ජනතාවට දුන්නේ නෑ.

රවි කරුණානායක මන්ත්‍රිතුමා ඉතාම නිවැරදිව සඳහන් කළ ආකාරයට තෙල් මිළ ඉහළ දැම්මේ තෙල් මත අධික බදු බරක් පටවලා තිබෙන නිසා මිස මිළ වැඩි වීමේ ප්‍රශ්නයක් නිසා නොවේ.  මෛත්‍රි ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 28 පිටුවේ මෙහෙම කියලා තිබෙනවා.  “ඉන්ධන වලින් රජය අය කරන රුපියල් කෝටි 4,000කට අධික බදු ඉවත් කර ඉන්ධන මිළ අඩු කෙරේ“.  කෝ ඒක කළා ද? අවුරුදු තුනහාමාරක් ගිහින් තවම කරලා නෑ.    තවමත් තීරු බදු, දේශීය භාණ්ඩ බදු, වරාය සහ ගුවන් සේවා බදු සහ ජාතිය ගොඩ නැගීමේ බදු වශයෙන් කෝටි 8,000ක් පමණ ආණ්ඩුව උපයා ගන්නවා.  ඒ බදු නැතිනම් පෙට්‍රල් ලීටරය රු 90කට දෙන්න  පුළුවන් බව ඉතාම වගකීමෙන් ජනතාවට කියන්න කැමතියි.

– අරවින්ද අතුකෝරල

12 views

4 Comments to “ජනපති මෛත්‍රිගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 28 වන පිටුව එලිපිට කඩයි..”

  1. Love nature says:

    මඩ සෝදා ගත කල ගොවියෙක් උවත් රජකමට සුදුසුයයි කියු පැරණි සිංහල ප්‍රස්ථා පිරුල 2015 ජනවාරි 08 වනදින සැබෑවක් කරමින් ගොවියෙක් රජ කරවිය.
    දැන් සිදුව ඇත්තේ ගොවියෙක් රජ කල පාපය ජනතාවට ගෙවීමටය.

  2. Buddhist says:

    Me wage gonnu ai palimenthuwata yawanne? Loke hama thanama thel mila wadiwenakota, muge hora assan dala gaththa salli walinda badu adukaloth anduwe padi gewanne? Me wage horu parlimethuwe inna eke lankawe hamotama ladjawak.

  3. kith says:

    28 pituwa witharak novei eya reddath kadagena thiyenne.

  4. lion says:

    කොටින්ට එරෙහි යුද්ධය ජය ගැනීම ගැන හමුදා ආචාර පෙළපාලි නොපවත්වන බවත්, ‘ජයග්‍රාහී දිනය’ ‘සිහිපත් කිරීමේ දිනය’ ලෙස නම් කර ඇති බවත් ශ්‍රී ලංකා රජය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.

    එසේම ආර්. සම්පන්දන්ට විරුද්ධ පක්‍ෂ නායකකම ලබාදීමට ක්‍රියා කළ බවද එකී වාර්තාවේ දක්‌වා තිබේ.

    රජය මෙවන් වාර්තාවක්‌ මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කර ඇත්තේ මුල්වරටය.

    සහජීවන ක්‍රියාවලිය යටතේ ශ්‍රී ලංකා රජය ඉටුකළ ක්‍රියා ලෙස ඉහත කී කරුණු හෙළිකර ඇත.

    ශ්‍රී ලංකා රජය මෙවන් වාර්තාවක්‌ මානව හිමිකම් කවුන්සිලයට පැමිණි විදේශ තානාපතිවරුන් අතර බෙදාදී ඇත

Main News