ජනපති මෛත්‍රි ශ‍්‍රීලනිප නායකත්වයෙන් එළවන සටනට මන්ත්‍රීවරු 19ක්, ආණ්ඩුකාරවරුන් 03ක්, සංවිධායකයන් 54ක් එක් වේ..

January 5, 2019 at 1:20 pm | lanka C news
ජනපති මෛත්‍රි ශ‍්‍රීලනිප නායකත්වයෙන් එළවන සටනට මන්ත්‍රීවරු 19ක්, ආණ්ඩුකාරවරුන් 03ක්, සංවිධායකයන් 54ක් එක් වේ..

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු කරනු ලබන කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 දෙනකු හිටපු ආණ්ඩුකාරවරුන් තිදෙනකු හා ආසන සංවිධායකවරුන් 54 දෙනකු සිටින බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ලෙස නම් කර ඇති එම කමිටුව සමග පසුගිය සතියේදී පැවැති සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු දුරකථනය මගින් සම්බන්ධ වී සහාය පළ කරන බව පවසා ඇත.

හිටපු උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේගේ නිවසේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත. මේ සඳහා පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක් සම්බන්ධ කර ගැනීම සඳහා ආසන සංවිධායකවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවකට පවරා ඇත. මීට අමතරව දැනට ක්‍රියාකාරි දේශපාලනයෙන් ඉවත්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනකුගේ සහායද මේ සඳහා ලබා ගැනීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 24 දෙනකු සිටින අතර ඉන් හය දෙනෙක් මේ වන විට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට සහාය පළ කිරීමට එක්ව සිටිති. කෙසේ වෙතත් පක්ෂ නායකත්වය සමග තවදුරටත් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, දයාසිරි ජයසේකර සහ තිලංග සුමතිපාල යන අය පවසති.

– aruna.lk

9 views

11 Comments to “ජනපති මෛත්‍රි ශ‍්‍රීලනිප නායකත්වයෙන් එළවන සටනට මන්ත්‍රීවරු 19ක්, ආණ්ඩුකාරවරුන් 03ක්, සංවිධායකයන් 54ක් එක් වේ..”

  1. බන්ඩා says:

    සිරිසේන කියන්නෙ රටේ ජනාධිපති. මහින්ද ශ්‍රිලනිප නායකත්වය පාත්තරේ දමල තම ප්‍රතිවාදීයා වූ සිරිසේනට බාරදුන්නෙ එයා රටේ ජනාධිපති නිසය්. රටේ ජනාධිපතිව පක්ෂ නායකත්වයයෙන් පන්නනන හදන්නෙ කුහක අමු හරක් රැලක්.

  2. බන්ඩා says:

    සිරිසේන කියන්නෙ රටේ ජනාධිපති. මහින්ද ශ්‍රිලනිප නායකත්වය පාත්තරේ දමල තම ප්‍රතිවාදීයා වූ සිරිසේනට බාරදුන්නෙ එයා රටේ ජනාධිපති නිසය් ශ්‍රිලනිප රැකගන්න වෙනත් ක්‍රමයක් නැති නිසය්. රටේ ජනාධිපතිව පක්ෂ නායකත්වයයෙන් පන්නනන හදන්නෙ පක්ෂයට කුහක අමු හරක් රැලක්. කොරන්න බැරි වැඩක්.

  3. Sumna says:

    Oka tamaii salli bale 😛

  4. The people says:

    The main objective of forming the S.L.F.P. Was to safeguard the country’s National interests in the face of threats from the local agents of the colonial masters . If some foreign dollar crazy members and /or , members having Jealousy and grudge over Mahinda try to betray the country by going to support the Ranil ‘ s government , the patriotic people would look after them appropriately at the forthcoming elections.

    • Alan Turner says:

      OMG….Your English…..What are you trying to say?

      • patric says:

        Read the contents not the grammatical mistakes you idiot!!

        • Ganesh Ravindran says:

          Read the meaning what Mr. Alan has written you Sri Lankan Moron!

        • Anwar Mohamad says:

          There is NO MEANING to anything written on that content. Reader gets “Hubble Bubble”. You Singhalese needs to learn the English Composition and word usage to write proper meaningful sentences. Did you learn English from Daily News?

  5. alfred says:

    Sree Lanka Freedom Party eka raten athugala damamu..

  6. Rathgama MC says:

    මෙතෙක් පත් වූ තුච්චම ජනාධිපතිවරයා වූ සිරිසේන මහතා, ව්යවස්තාවද උල්ලංඝනය කරමින් මැති සබය එතුමාගේ තනි අයිතිය ඇති පෞද්ගලික සමාගමක් ලෙස සලකා කටයුතු කරමින්,බහුතරයක් නැතිව මහින්ද මහතා අගමැතිකර ඔක්තෝම්බර් 26 වෙනිදා ආරම්භ කල පාදඩ වැඩපිළිවෙල නිසා, ප්රතාපවත් අසම සම නායකයෙක්ව සිටිය මහින්ද මහත්තය ජනතාව අතර අප්රසාදයට පත්වූ අතර,පොහොට්ටුවටද හානි පැමිණි රටද අරාජිකා විය.එබැවින් පොළොන්නරුවේ සිරිසේන ජනාධිපති ශ්රීලනිපයෙන් පමණක් නොව ජනවාරි 09 න් පසු ජනාධිපතිවරණය කැඳවා ජනාධිපති තනතුරෙන්ද පන්නාදැමිය යුතුය.

  7. Pohotuwa says:

    Hodama de thamayi SLFP nayakathwayata Mahinda ayith path karana eka. Ethakota batakola achchiyi golayoyi thatiye nikamma karawei.

Main News