ජනපති මෛත්‍රීගේ සියළු රැස්වීම් මා වර්ජනය කරනවා..- වෙල්ගම
December 19, 2018 at 6:48 pm | lanka C news
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කිසිදු රැස්වීමකට තමන් සහභාගී නොවී ඒවා වර්ජනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.
ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18 දා) පෙරවරුවේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට තමන් සහභාගි නොවූ බව ද හෙතෙම සඳහන් කළේය.
මින් ඉදිරියේදී ද ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන කිසිදු රැස්වීමකට සහභාගි නොවී ඒවා වර්ජනය කරන බව පැවසූ මන්ත්‍රීවරයා එහෙත් තවදුරටත් එජනිසයේ රැඳෙමින් විපක්ෂයේ අසුන්ගන්නා බව ද කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් තමා ඉවත් කළ පසුව ජනාධිපතිවරයා සමඟ කිසිදු රැස්වීමකට තමා සහභාගි නොවූ බව ද කුමාර වෙල්ගම මහතා වැඩිදුරටත් පැවසීය.
– divaina
mu baya ara bandulasena karapu horakan ele weya kiaya
welgama mahathge hithe mokakho saga wonu yamak thiyenawa.
ඔහොම නම් දේසපාලනය කොරන්න බැ
මහන වෙන්න
වෙල්ගමයෝ පදින නැවේ පතුලේ හිල් විදීන්නේ පිස්සුවෙන්ද? යකෝ ඉස්සෙල්ල කෙලවෙන්නේ තොට පස්සේ නාවේ ඔක්කොම මුහුද යට පකෝ…
ගෙම්බෙක් පිම්බෙන හැටි බලන්නකෝ අනේ.
who gives a ‘SHIT’!
මේ කතාව අහලා ජනාධිපති තුමා තනතුර දාලා යන්නත් ඉඩ තියෙනවා.