ජනපති මෛත‍්‍රිගෙන් ඇමති නිමල් සිරිපාලට තද ටොක්කක්.. කැබිනට් පත‍්‍රිකාව කුණු කූඩයට විසි කරයි..

August 22, 2018 at 9:20 am | lanka C news
ජනපති මෛත‍්‍රිගෙන් ඇමති නිමල් සිරිපාලට තද ටොක්කක්.. කැබිනට් පත‍්‍රිකාව කුණු කූඩයට විසි කරයි..

ත්‍රීරෝද රථ කුලී සේවාවේ යෙදෙන රියදුරන්ගේ වයස් සීමාව අවුරුදු 35 දක්වා ඉහළ නැංවීමට ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉවත දමා ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ දිනයේ පැවති කැබිනට් මණ්ඩලයේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

කැබිනට් මණ්ඩලයේ දී මීට විරෝධය පල කරමින් මුදල් ඇමතිවරයා සඳහන් කර ඇත්තේ මෙම නීතිය මගින් පුද්ගලයෙකුට තමන් කැමති රැකියාවක නිරත වීමට තිබෙන අයිතිය අහිමි වීම පමණක් නොව තරුණයන්ට ත‍්‍රිරෝද පැදවීමට ඇති අවස්ථාව ද අහිමි වන බවයි.

ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා දිගින් දිගටම සිටියේ ත්‍රීරෝද රථ පැදවීමේ වයස් සීමාව අවුරුදු 35 දක්වා ඉහළ දැමිය යුතු බවට වූ ස්ථාවරයකයි.

ත‍්‍රිරෝද රථ කුලී සේවාවේ යෙදෙන රියදුරන්ගේ වයස් සීමාව අවුරුදු 35 ට අඩු පුද්ගලයන්ට තහනම් කිරීම සදහා වූ යෝජනාවක් මීට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත කරනු ලැබීය. කෙසේ වෙතත් එම යෝජනාවට මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඇතුළු කිහිප දෙනෙකු ද විරෝධය පළ කරනු ලැබිය.

100 views
Main News